
විපක්ෂ නායකවරයා සිසුන් කිහිපදෙනකුට පොත් ප්‍රදානය කළ අයුරු
(බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මගෙන් හා මගේ පවුලේ අයගෙන් විතරක් පළිගැනීම ඉස්සරහට දාගෙන හදිස්සියේ 19 වැනි සංශෝධනය ගෙන ආ බවත් අවසානයේදී ජනාධිපතිවරයා රවට්ටා 19 වන සංශෝධනය සම්මත කර ගත් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වර්ෂ පූර්ණය නිමිත්තෙන් අලුබෝමුල්ල එස්. මහින්ද මහ විදුහලේ පැවති සිසු උදාන අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියට සහභාගි වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.
පාසල් දරු දැරියන් 500 දෙනකුට පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීමද මෙහිදී සිදුවිය.
විපක්ෂ නායකවරයා මෙසේද කීය.
පසු පෙළ මන්ත්‍රීවරු බොහොම සංවිධානාත්මකව මේ අයවැයෙන් තුනෙන් එකක් පරාජයට පත් කළා. එක පැත්තකින් තමන්ගේ මන්ත්‍රීවරුන්වත් ගෙන්වා ගන්න බැරි ආණ්ඩුවක් තමයි මේ ආණ්ඩුව. මම දන්නේ නැහැ කොයි විදියට වුණාද කියලා. ආණ්ඩුවට පළමු ප්‍රහාරය එල්ල වුණා. මේක විපක්ෂයේ ලොකු ජයග්‍රහණයක්.
දැන් පළාත් සභා අවුරුදු කීයකට පස්සට දාවිද කියන්න මම දන්නේ නැහැ. ඡන්ද බලය ඉල්ලා අපි අධිකරණයට ගිසා. අධිකරණය අපිට ඡන්ද බලය දුන්නේ නැහැ. අධිකරණය වුණත් ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුව හදන නීති අනුවයි. පාර්ලිමේන්තුව වැරදි නීතියක් හැදුවොත් ඒ නීතියට අධිකරණය යටත්.
පහේ ශිෂ්‍යත්වය නැති කරන්න දැන් කතාවක් ඇතිවෙලා. මගේ නම් මේ පිළිබඳ අදහස් දෙකක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වය නැති කරනවා නම් ගමේ දක්ෂ දරුවන්ට රාජකීය, ආනන්ද, නාලන්ද, විශාඛා හා අනුලා වැනි රටේ ප්‍රධාන විද්‍යාලවලට එන්න වැඩපිළවෙළක් තියෙන්න ඕන.
මේ විනාශය නැති කළොත් ගමේ දරුවන්ට රටේ හොඳම පාසල්වලට යන්න අවස්ථාව නැති වෙන නිසා වෙනත් ක්‍රමයක් හදනවනම් පහේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන්න ඕන කියන එක තමයි මගේ විශ්වාසය. මම හිතනවා ජනාධිපතිවරයාත් එය අනුමත කරාවි කියලා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා සමග සාකච්ඡා කරමින්.
දැන් ගමේ පාසල හොඳම පාසල කියනවා. හොඳම පාසලේ ගොඩනැගිලි නෑ. ගුරුවරු නෑ. ක්‍රීඩා පිට්ටනි නැහැ. අඩුම තරමේ සෙල්ලම් කරන්න වොලිබෝලයක්වත් නැහැ. ශිෂ්‍යත්ව විභාගය නැති වුණොත් අපේ ගමේ දක්ෂ දරුවන්ට ගමේ පාසලටම යන්න වෙනවා. එක පන්තියකට එක කණ්ඩායමකට පමණක් ප්‍රධාන පාසල්වලට යාම සීමා වේවි. ඒ සීමාවට ඉඩ දෙන්න පුළුවන්කමක් නැහැ.
ගමේ දරුවා ගමේ පාසලට දාලා රාජකීය කාටද දෙන්න හදන්නේ. එක පන්තියකට ද මේක පිළිබඳව අපට ප්‍රශ්නයක් තියනවා.
බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල, බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහත්වරුද කතා කළහ.

උත්සවයට සහභාගි වූ පිරිසෙන් කොටසක්
COMMENTS
රටම රවට්ටලා 18 සම්මත කරගත්ත හැටි අමතකද? 77 ව්‍යවස්ථාවට ගෙනා සංශෝධන වලින් 17 හා 19 සංශෝධන විතරයි රට වෙනුවෙන් ගෙනා යහපත් සංශෝධන. 13 ගෙනාවේ ඉන්දියාවේ බල කිරීමට අනිත් ඔක්කොම පැවති රජයන් තමන්ගේ බලය තහවුරු කර ගන්න ගෙනාපු ඒවා.
මේ කතාව කිව්වේ... පොඩිඋන් ටිකකටද? පොඩි උන් අැහුව්වේ නැත්ද අම්මට තාත්තට කියන්න? ඔයාලව රවට්ටනවා. පලි ගන්න කියලා... පව් නේද? අඩි හයක් යට අරනවා කිව්ව එක්කෙනා ලැජ්ජ නැතිව අගමැතිකම ගන්න ගියානේ. අන්න එතනයි රැවටීම, ඇමේ කාවා පුදුම අමාරුවක් තියෙන්නේ. බලයට ඇවිත් ජනතාවට සලකන්න. බලය අවශ්‍ය නැහැ. සමාජ සේවය කරන්න එක පාරක් රජ වුණා. ඒ මදිද හොරා කාපු එකානේ එ්කේ රස දන්නේ.... නේද?
ජනපති කමට ඉල්ලන්න දෙන්නම් කියා ඔහුව රවටලා පස්ස දොරෙන් අගමැති කම අරගත්තේ මොහුයි . නීතියට විරුද්ධව කටයුතු කර තිබෙනවා නම් 19 ය 20 ස්ස කියලා දෙයක් නැහැ.
මේක කියන්න තිබ්බේ අප්‍රේල් 1 දා
ඕක විතරක් නෙවෙයි, මෙහෙමත් කිව්වා..."මාකුඹුරේ ප්‍රවාහන මධ්‍යස්ථානයත් අපේ වැඩක්. මේ ආණ්ඩුව සිමෙන්ති ඇනුවා විතරයි" - මහින්ද
මෙයාට අමතක වීමේ රෝග හැදිලා එක්කො අනිත් අයට හැදිලා කියලා හිතනවා
රටේ විධායක ජනාධිපති කෙනෙක් අවශ බව මගේ හැගීමයි. පාර්ලිමේන්තු බලයද අද වනවිට මුදලට යටත්වෙනවා. පාර්ලිමේන්තු බලය තබා ගැනීමට අපෙන් විල්පත්තුව ගිලිහෙන බව ඔබලාට තවමත් තේරෙන්නේ නැද්ද ?
තමුන් බල තණ්හාවට ගහපු කපටි කෛරාටික වැඩවලින් ජනතාවම රැවැට්ටුවා.. 1948න් පස්සේ මේ රටේ දූෂිතම පවුල් පාලනයක් ගෙනගිය නායකයා... නිකම් සුදනා වෙන්න හදනවා...
මෙයා බබා.. දැන් වශී බෝලය නැති නිසා කිරි බෝතලයක් අතට දෙන්න ඕනේ..
එතකොට ගෝඨාට කැලිෆෝනියාවේදී නඩු දැම්මෙත් 19 ය සම්මත කල නිසාද ?
අපි මැරිලා ඉපදුණේ නැහැ. 18 වැනි සංශෝධනය කාලේ රවට්ටලා. බල තණ්හාව පරපුරට බලය දෙන්න ඔක්කොම කළේ.. පරපුරම හැත්ත බුරුත්ත පිටින්ම තනතුරුවලට දැම්මා. අදත් බලයට එන්න දඟලන්නේ බල තණ්හාවටයි. කෑදරකමටයි. නීතිය වල්බිහිවුණේ ඔහේගේ අනුදැනුම සහ උපදෙස් පිටයි. අද කතාකරන්නේ බුදු වෙන්න පෙරුම්පුරන ගාණට..
1948 ඉඳල මේ දෙගොල්ලන් අපේ රටේ හරක් ටික දක්කනවා... දැන්වත් තේරුම් ගනිල්ලා...
ඔබතුමා කියන කතාව ඇත්ත තමා.
අනේ මේ අදහස් දාලා තියෙන අය ගැන දුකයි
බුදු අම්මෝ , විශ්‍රාමික අප්පච්චි ආයේ නම් එන්න එපෝ .