(අංජුල මහික වීරරත්න)
රටට එරෙහි ප්‍රකාශයක් කළ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරියගේ ඇමැති ධුරය ඉවත් කර පක්ෂ මට්ටමින් සහ පාර්ලිමේන්තුවෙන් විනය පරීක්ෂණ පවත්වා දැඩි පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් . මරික්කාර් මහතා මාධ්‍ය හමුවකදී අද (5) පැවසීය.
හිතේ අමාරුකම් තිබෙනවා නම් කළ යුතුව ඇත්තේ රටට ද්‍රෝහී වීම නොව අංගොඩ මානසික රෝහලට යාම බව කී මන්ත්‍රීවරයා මෙවැනි දේශද්‍රෝහි ප්‍රකාශ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා අතරම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ හෙළිදරව්ව සහ හිට්ලර් කතාව අමතක කරන්නේ නැතැයිද කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගොඩ හෝ මුල්ලේරියාවට යැවිය යුතු බොහොම දෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔබතුමාගේ යෝජනාව කාලෝචිතයි.