IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


යොවුන් පෙරමුණේ මනාපය රුවන්ට

(*** අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ මීළඟ නායකත්වය සඳහා පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පත්විය යුතු යැයි ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටුව තීරණය කළ බව යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් දර්ශන චතුරංග බ්‍රාහ්මණගේ මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය.

ජාතික යොවුන් පෙරමුණේ විධායක කමිටුවේ සාමාජිකයන් හතළිස් දෙදෙනා අතර පැවැති ඡන්දයකින් සාමාජිකයන් තිස් දෙනකු රුවන් විජයවර්ධන මහතා නායකත්වයට පත්විය යුතු බවට ඡන්දය ලබා දුන් අතර ඉතිරි දසදෙනා ද එම තීරණයට විරෝධය නොදැක් වූ බව යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ දර්ශන බ්‍රාහ්මණගේ මහතා මෙසේද පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂයට අනුබද්ධ විවිධ සංවිධාන මේ දිනවල විවිධ අදහස් පළ කරනවා. ඒ නිසා ජාතික යොවුන් පෙරමුණ ලෙස අපේ ස්ථාවරයත් පැවැසීමට අප අදහස් කළා.

ජාතික යොවුන් පෙරමුණේ විධායක සභාව රැස්කොට ඡන්ද විමසීමක් පවත්වා ස්ථාවරය පැවසිය යුතු බව අප තීරණය කළා. ඡන්ද විමසීමක් පැවැත්වූයේ ඒ අනුවයි.

අප ඉකුත් අගෝස්තු 13 වැනිදා පළමු වරට විධායක කමිටුව රැස්වී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු සියලු  ප්‍රධාන තනතුරු සඳහා ජනතා අප්‍රසාදයක් නැති පිරිසුදු චරිත පත්කළ යුතු බවට තීරණය කළා. ඒ අනුව නායකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු සඳහා රුවන් විජයවර්ධන, අකිල විරාජ් කාරියවසම්, කරු ජයසූරිය, අර්ජුන රණතුංග, නවීන් දිසානායක සහ පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් පත්විය යුතු බවට යෝජනා කෙරුණා. එම යෝජනාවෙන් අනතුරුව පෙරේදා 2 වැනිදා යළිත් විධායක සභාව රැස් වී කළ ඡන්ද විමසීමේදී රුවන් විජයවර්ධන මහතා නායකත්වයට පත්විය යුතු බවට වැඩි ඡන්දයෙන් තීරණය කෙරුණා. එම තීරණය අප කෘත්‍යාධිකාරි මණ්ඩලයට දැනුම් දීමට නියමිතයි.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනතා විරෝධයක් ඇති කිරීම සඳහා බලපෑ පුද්ගලයන්ද දැන් නායකත්වය ඉල්ලනවා. වැඩක් කළ හැකි ජනතා ප්‍රසාදයක් දිනාගත් නායකයන් පක්ෂ තනතුරු සඳහා පත්විය යුතුයි.

පසුගිය මැතිවරණ පරාජයට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය දෙකට බෙදීම නිසයි.  සියලු දෙනා එක්ව ගමනක් යා යුතු බව පාක්ෂිකයන්ගේ පොදු මතයයි. එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වුවහොත් සන්ධානගතවීමට හැකියාවක් තිබෙන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද  ප්‍රකාශ කර තිබුණා. එම මතයට ප්‍රතිචාර දක්වමින් රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණේ සමගි ජන බලවේගය සමග සන්ධානයක් ලෙස ඉදිරියට යාමට තමාගේ විරුද්ධත්වයක් නැති බවයි. රුවන් විජයවර්ධන  මහතා එවැනි මධ්‍යස්ථ මතයක සිටීම ගැන යොවුන් පෙරමුණ සතුටට පත්වෙනවා. වත්මන් අභියෝග ජයගත හැකි එකම සුදුස්සා වන්නේ රුවන් විජයවර්ධන මහතායි.

රුවන් විජයවර්ධන යනු කිසි දිනක චෝදනාවට ලක්  නොවූ නායකයෙක්.  එමෙන්ම ඔහු හොඳ සිංහල බෞද්ධ නායකයෙක්. එතුමා සමග එක්ව එක්සත් ජාතික පක්ෂය ගොඩනගන සටනට දායක වීමට අපට හැකියාව තිබෙනවා.


ජාතික යොවුන් පෙරමුණේ  සමස්ත ලංකා උපසභාපති චාමර රුද්‍රිගු  මහතා:-
රුවන් විජයවර්ධන යනු ජාතික යොවුන් පෙරමුණේ සිටි අද්විතීය  නායකයෙක්. ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙසත් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ලෙසත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් ලෙසත් එතුමා විශාල මෙහෙවරක් ඉටු කළා. එතුමා ජනතාව මෙන්ම තරුණයන් සමග උරෙනුර ගැටී කටයුතු කළ හැකි ජන විඥානය හොඳින් හඳුනන නායකයෙක්. එමෙන්ම ජාත්‍යන්තරය නියෝජනය කළ හැකි දැනුමක් එතුමා සතුව තිබෙනවා. එමෙන්ම මහත්මා දේශපාලනය අගයන රුවන්  විජයවර්ධන වටා සිංහල බෞද්ධ ජනතාව ඒකරාශී වී සිටිනවා. රුවන් විජයවර්ධන සමග ජාතික යොවුන් පෙරමුණ එකට සිටගැනීමට සූදානම් බව මෙහිදී කිව යුතුයි.

 



අදහස් (0)

යොවුන් පෙරමුණේ මනාපය රුවන්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site