IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


බැඳුම්කර වංචාවට එජාප ඇමැතුවරුත් අත්අඩංගුවට ගන්නවා - ඇමැති අමරවීර

චන්ද්‍රසේන ගමගේ  
 
මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ එජාප ඇමැතිවරුන් මැතිවරණයට පෙර හෝ පසු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය.
 
ඇමැතිවරයා මේ බව පැවසුවේ අඟුණකොළපැලැස්සේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැලියකට සහභාගී වෙමිනි.
 
‘මහබැංකු හොරකම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අර්ජුන ඇලෝසියස් ගෙන් හා කසුන් පලිසේනගෙන් පමණක් මේ අත් අඩංගුවට ගැනීම නවතින්නේ නෑ. මේ හොරකමට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරුත් මැතිවරණයට පෙර හෝ පසුව අත් අඩංගුවට ගත්තා කියලා මේ රටේ ජනතාවට ඉදිරියේදී දැනගන්න ලැබෙනවා.  
 
අපේ දේශපාලන විරුද්ධවාදීන් මේ අත් අඩංගුවට ගැනීම දේශපාලන වාසි ගන්න කරපු එකක් බවට හදුන්වන්න උත්සාහ ගන්නවා. මේ රටේ හිටපු අසාර්ථකම විදේශ ඇමති ජී.එල් පීරිස් කියනවා හෙටට නියමිත් බැදුම් කර විවාදය නවත්වන්න සූදානමක් තියෙනවා කියලා . එම විවාදය නවත්වන්න එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කරන්නේ ජී.එල්. පීරිස්ලා. හෙට අපි දෙපැත්තෙම හොරු රොත්තම කවුද කියලා මේ රටට හදුන්වා දෙනවා.



අදහස් (6)

බැඳුම්කර වංචාවට එජාප ඇමැතුවරුත් අත්අඩංගුවට ගන්නවා - ඇමැති අමරවීර

Raveendra Monday, 05 February 2018 02:43 PM

අපරාදේ කියන්න බැහැ... මේ උන්දැත් ඉඳලා හිටලා විහිළු සපයනවා.

:       0       138

Chandra Tuesday, 06 February 2018 03:51 PM

ඉස්සෙල්ල ඔබතුමන්ලා රජ කරපු සමයේ වෙච්ච වංචා දුෂණ වලට සම්බන්ද මැති ඇමතිවරුන් අත් අඩංගුවට ගන්න. අඩු ගානේ රාජසන්තක කරපු භාණ්ඩ වලටවත් වෙච්ච දෙයක් නැහැ . ඊට පස්සේ බැදුම්කරේ ගැනත් බලන්න ඡන්ද ගුණ්ඩු නොදමා. ඕවා අවුරුදු ගානක් තිස්සේ වයසට යනකල් කරපු දේශපාලනේ . මහජනයා රැවටීම මිස රටට කරපු සෙතක් නැහැ.

:       1       216

Sathyayaa Tuesday, 06 February 2018 09:31 PM

ආණ්ඩුවේ ඔබ දරන ස්ථානය අනුව නම් සාමාන්‍ය රතිඥ්ඥා පත්තු කරලා අලි එලවන්න බැහැ. අලි වෙඩි ගහලත් අලියා යන්නේ නැත්නම් බෝම්බයක් අත හැරලා හරි ජනතාවව මේ සොරුන්ගෙන් බේර ගන්න යුහුසුළු වෙන්න.

:       4       64

Bamunuarachchi Wednesday, 07 February 2018 02:10 AM

බැඳුම්කර විවාදයට නොසිට හොරුන්ට සහයෝගය දක්වපු ශ්‍රී ලංකා කාරයෝ කොහේද එජාප ඇමැතිවරුන් අත්අඩංගුවට ගන්නේ?

:       0       54

Deepal Nirosh Wednesday, 07 February 2018 05:06 AM

කමක් නෑ, මේ විහිළු ඔක්කොම අද (07) රෑ 12.00 වෙනතුරු විතරනේ.

:       0       47

Deepal Nirosh Monday, 19 February 2018 04:06 AM

ඕව කරල පෙන්වන්න කලින් පුළුවන් නම් අධිකරණ වරෙන්තු නිකුත් කරල තිබෙන අර්ජුන මහේන්ද්‍රන්ව අධිකරණයට ඉදිරිපත් කරල පෙන්වන්න. හැමදාම විහිළු සපයන්නෙ නැතුව.

:       0       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 668 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 850 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 367 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site