
(දීපාල් ද සිල්වා)
පසුගිය අවුරුදු 4ම පාතාලය රජකළ බවත් කුඩු වසංගතය ගමේ දරුවන්ට, ගමට ඇතුල් වූ බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (1) කරණ්දෙනියේ දී පැවසීය.
‘අද දෙමවුපියන්ට තියෙනවා ලොකු වගකිමක්. හැම අම්මා, තාත්තා කෙනෙකුටම සිදුවෙලා තියෙනවා තමන්ගේ දරුවා කුඩු වලට ඇබ්බැහිවෙලාද කියලා සොයා බලන්න. මෙවායින් රට,ජාතිය බෙරාගන්න අපිට වගකිමක් තියෙනවා.
පසුගිය ආණ්ඩුවට ඒක තිබුණේ නැ. පසුගිය ආණ්ඩුවට මොනවා වුණත් කමක් නැහැ... අපි ඉන්නවා නම් කියලා එයාලා වෙනම හිටියා. අද අපිට පුලුවන් කම ලැබිලා තියෙනවා ඒ තත්වය නැති කිරිමට...
අද ගෝඨාභය ජනාධිපතිතුමා පටන්ගත්තා කුඩු නැති කිරිම, පතාලය මර්දනය කිරිම එක වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න තමුන්නාන්සේලා බලය ලබාදිය යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒම නැතිවුණොත් මෙ රට විනාශ වෙලායයි. තමන්ගේ ගම විනාශවෙලා යයි. මේක බේරා ගැනීමේ වගකීම ඔබට තියෙනවා. මේ රටේ පාතාලය, කුඩු නැති කරලා දාන්න ඕනේ...‘ යැයි අගමැති මහිනද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසිය.
ගාලු දිස්ත්‍රික් අපේක්ෂක ගාමිණි අමරවංශ මහතා සංවිධානය කල කරණ්දෙනිය ප්‍රදේශයේ පැවති ජනහමුවේදී අගමැතිවරයා මේ බව පැවසීය .
COMMENTS
මහින්ද රාජපක්ෂ, (මම දේශපාලකයින්ට නමට ඉස්සරහින් විශේෂණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ අපේ සේවකයින්.. තාවකාලිකව පත්කරගන්නා.. අපේ බදු මුදල්වලින් පඩිගෙවන අපේ සේවකයින් පමණයි. අපේ ගෙදර වැඩකරන කෙනාට නම කියනවා මිසක් වෙනත් කෑලි ඉස්සරහට පස්සට අමුණන්නේ නැහැනේ. ඒ මගේ හැටි.) පසුගිය අවුරුදු 4 විතරද පාතාලය රජකලේ..? අවුරුදු 4 කට උඩදී මීගමුවේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදරට stf එක ගිහින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 95 ක් අල්ලා ගත්ත වෙලාව මතකද..? පහුවෙනිදා හෙලිකොප්ටරයකින් කුඩ්ඩාගේ නිවසටම ඇවිත් " මල්ලි බයවෙන්න එපා "කියලා පාතාලයාව බේරගත්ත පාතාලයේ ගෝඩ් ෆාදර් කවුද..? ඒ කාලයේ සුදු වෑන් වලින් පත්තර කාරයින්ව ඉස්සුවේ පාතාලය නොවෙයිද..? හිරකාරයින් විසි ගණනක් මහා රෑ වෙඩිතියලා ඝාතනය කලේ වැරදිලා වෙන්න ඇති නේද..? පිපාසයට වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තිබ්බේ හමුදාවේ පාතාලය නොවෙයිද..? රටටම කොලේ වහලා ගෝල්ෆේස් එකෙන් කෑල්ලක් හොර චීනාට විකුණලා සල්ලි සාක්කුවේ දමාගත්තේ ශ්‍රී ලංකාවේ පාතාලයේ ගෝඩ් ෆාදර් නොවෙයිද..?.. තව තියෙනවා.. රටේ මුලාවුණ ජනතාව මේවා දැනගත යුතුයි...
මේ අවසර, ඔබතුමා සහ සහෝදරයා ඩී. සිල්වා දන්නෙම නැහැ නේද?
අම්මේ මෙයාගේ කට. ලංසාව හෙලිකොප්ටරයෙන් බලන්න ගියෙ කවුද දන්නේ නැහැ. දැන් තනිකර රඟපෑම විතරයි කරන්නේ...
බලයමනේ ඉල්ලන්නේ..
ඔබට අවුරුදු 4කට කළින් තිබුණු තත්වය මතක නැද්ද?
හා හා ... දැන්නම් මෙයාගේ යන කාලේ ඇවිත් වගේ... තමන්ගේ අය තමයි ඕවා කරන්නේ... දැන් තව එකක් කියන්නේ..
බොරු බේගල් ගහලා ජනතාව ගොනාට අන්දවන හැටි... තමුන් බලයේ ඉන්න කාලේ කුඩු මුදලාලිලා රජ වෙලානේ හිටියේ. ඔවුන් දේශපාලුවන්ගේ ඡන්ද වැඩ වලට අතපය දිගහැරලා වියදම් කෙරුවා. දුමින්ද, මර්වින්, අගමැති, ජොනී කියලා කිව්වේ නිකම්ද?
පසුගිය අවුරුදු 4 නම් නොවේ ඊට ගොඩක් කල් ඉඳන්...
කිස් නෝනිස්ට කම්මුල්පාරක් ගැහුවේ කවුද? රූපවාහිනි වල සේවක සේවිකාවන්ගේ පිටවල් දැලිපිහි වලින් කැපුවේ කවුද? ස්ත්‍රී දූෂණ කරලා පාටි දැම්මේ කවුද? මේවත් පාතාලයට හපන් වැඩ. සචින් වාස් මෙහෙ ඉද්දැද්දී අපි 88- 89 භීෂණ කාලයට වඩා බයෙන් ගෙවල් වල හිටියේ.... ඒ නිසා මහින්ද මහත්තයාට පාතාලය ගැන කථා කරන්න අයිතියක් නැහැ. වම්බොට්ටා කාගෙ නිර්මාණයක්ද? ලන්සාගේ කඩු ඇල්ලුවහම හෙළිකොප්ටරයෙන් ගිහිං අපේ මිනිහෙක් කියලා බදා ගත්තේ කවුද? අපේ ගමේ වීරකෝන් මහත්තයලා වැඩ කළ බව ඇත්ත. නමුත් අහිංසක අපිට පාට් දැම්මේ කාගේ හයියෙන්ද? අපිට පොලීසියකට ගිහිං වැඩක් වුණාද? ගෝඨාභය මහත්තයෝ, මේවට නොමග යන්න එපා. මෙයා ගහන්නෙ වෙන වෙන බයිලා. ඔබතුමා ගැන තමා රටේම විශ්වාසය. අපි ඔබට ඡන්දය දුන්නේ මහින්ද නිසා නොවෙයි. ඔබ ගැන විශ්වාස කරලා. ඒ නිසා පාතාලය ගැන කථා කරන්න මහින්දට අයිතියක් නැහැ.
අපෝ මෙයාගේ අපි නොදන්න බයිලා. අපි මැරිලා උපන්න මිනිස්සු කියලා තමයි මෙයා හිතන් ඉන්නේ... ගෝඨාභය මැතිතුමණි, ලැබුණු අවස්ථාවෙන් හරියට වැඩ කරන්න. ඔබෙන් පසුව රාජපක්ෂ පවුලේ තව කෙනෙක් ඉන්න බව නම් පෙනෙන්න නැහැ. ඒ නිසා වසර 5 අවසානයේද ජනමත විචාරණයක් තියලා තවත් වසර 10ක් විතර ඉන්න. ඒකට පසුබිම දැන්ම හදාගන්න. වැඩ තමයි ඕන. වෙන බයිලා වැඩක් නැහැ. ජනතාව දැන් ටිකක් නොමග යවන්න අමාරුයි.
තමුන්නාන්සේලත් කරන්නේ පාතාලයින්, කුඩු මුදලාලිලා ආරක්ෂා කරන එකනේ... මිනිස්සු රවට්ටන්න බොරුවට රැස්වීම්වල කියවනවා.
දැන් නම් හොඳටම පිස්සු වගේ. වශී බෝතලය වෙනුවට මතක පෙති ගත්තොත් හොඳයි වගේ.
තම අම්මාවන... ශ්‍රී ලංකා මාතාව පණ පිටින් කැබලි කොට අනුභව කළ , අසික්කිත ශ්‍රී ලාංකික දේශපාලුවන්ගේ ත්‍රාසජනක " රැඟුම් " රැගත් වැඩිහිටියන්ට වඩාත් සුදුසු, කළු සුදු ශ්‍රව්‍ය දෘශ්‍ය සිතුවම " ගෝඩ් ෆාදර්ගේ අවසන් ආයාචනය හෙවත් පාතාලයාගේ පාපොච්චාරණය " දැන් රටපුරා සිනමාහල්වල. දර්ශන සීමිතයි. 2 දා සවස අවසන් දර්ශනය. 6 වනදා සවස් වනවිට මේ ප්‍රධාන නළුවා මැදමුලන ප්‍රදේශයේ නිවසක..ජනතාව අමතන දර්ශන දැකගත හැක. එසේ නොමැතිනම් 7 දා වනවිට අංගොඩ මානසික රෝහලේදී හමුවිය හැක.
අපි මැරිලා ඉපදුනේ නැහැ ආයිබොවන්ඩ... !
ඔයාලා තමයි... පාතාලේ මුතුන් මිත්තෝ...
මහින්ද රාජපක්ෂ, ( මම දේශපාලකයින්ට නමට ඉස්සරහින් විශේෂණ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ඒ අපේ සේවකයින්. තාවකාලිකව පත්කරගන්නා. අපේ බදු මුදල්වලින් පඩිගෙවන අපේ සේවකයින් පමණයි. අපේ ගෙදර වැඩකරන කෙනාට නම කියනවා මිසක් වෙනත් කෑලි ඉස්සරහටපස්සට අමුණන්නේ නැහැනේ. ඒ මගේ හැටි. ) පසුගිය අවුරුදු 4 විතරද පාතාලය රජකෙලේ ..?
2019 නොවැම්බර් මාසයෙන් පසුව කසිප්පුත්, මත්කුඩුත් වැහිවැහැලා කෙනෙකුට පාරේවත් යන්න බැරිතරමට පත්වෙලා කියලා ඔහේ නොදන්නවා වුණාට මොන්ටිසෝරි දරුවනුත් දන්නවා.