IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා

මහ මැතිවරණය සම්බන්ධයෙන් දරන ස්ථාවරය සහ කාලීන දේශපාලන කරුණු කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ‘‘2020 මැතිවරණ වේදිකාවට’’ මෙවර එක්වූයේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක ජේ.සී. අලවතුවල මහතාය.

ප්‍රශ්නය:- මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට සමගි ජන බලවේගයේ ස්ථාවරය කුමක්ද?
පිළිතුර:- මම නියෝජනය කරන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. මැතිවරණය ආරම්භ කරන අවස්ථාවට වඩා මේ වන විට පැහැදිලි තැනකට අප පැමිණ සිටිනවා. සියලුම එ.ජා.ප. පාක්‍ෂිකයන් සමගි ජන බලවේගය වටා එකතුවෙමින් සිටිනවා. ඊට අමතරව පොදුජන පෙරමුණේ උදවියත් මේ වෙලාවේ අපත් සමග එකුතුවෙමින් සිටීම අපට ලොකු ශක්තියක්. පසුගිය ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරීව පොදුජන පෙරමුණට වැඩකළ අයගේ ගෙවල්වල පවා මෙවර අපට රැස්වීම් පවත්වන්න ඉඩදී තිබෙනවා. මේ වන විට සමගි ජනබලවේගයට විශාල ජන නැඹුරුවක් තිබෙන බව එයින්ම පැහැදිලියි. සෑම පක්‍ෂයකම වගේ අය අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පැහැදීමකින් කටයුතු කරන බව පේනවා.

ප්‍රශ්නය:- කියන තරම් ජන රැල්ලක් තිබෙනවා නම් මැතිවරණය කල් දාන්න කියා ඔබ පක්‍ෂයේ නායකයාම ඉල්ලන්නේ ඇයි.
පිළිතුර:- එතුමාගේ කතාවෙන් අදහස් කරන්න ඇත්තේ එහෙම දෙයක් නෙමෙයි. කොරෝනා තත්ත්වය යළි උත්සන්න වේවි කියන පසුබිමක් පසුගිය දා දක්නට ලැබුණා. එය තවත් බරපතළ අතට හැරුණොත් ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා. නායකතුමා ඡන්දය කල් දාන්න කියන අදහස ඉදිරිපත් කරන්න ඇත්තේ ඒ අර්ථයෙන්. මගේ අදහස අනුව මේ මොහොත වනවිට ජනතාව ඉතා හොඳින් අපත් සමග එකතු වෙමින් සිටිනවා. ගම්පිටින්ම ජනතාව අපට එකතු වීමෙන් අපේ ශක්තිය පේනවා.

ප්‍රශ්නය:- කොරෝනා හොඳින් පාලනය කර ඇති පසුබිමක ඔබේ කතාව කොතරම් ප්‍රායෝගිකද?
පිළිතුර:- වචනයක් දෙකක් අල්ලාගෙන මාධ්‍යයෙන් අපට පහර ගහන්න අවශ්‍ය නැහැ. ඕනෑම කෙනකුගෙන් වචනයක් දෙකක් පිටවෙන්න පුළුවන්. කොරෝනා පාලනය කළා කිව්වට ආණ්ඩුව හරි තොරතුරු ජනතාවට දෙන්නේ නැහැ. පරීක්‍ෂණ පවා හරියට කෙරුණේ නැහැ. වෛද්‍ය විශේෂඥයන් සහ කොරෝනා සම්බන්ධ විශේෂඥයන් කියන දේට වඩා ආණ්ඩුවට ඕනදේ ආණ්ඩුව කරනවා. තොරතුරු වසන් කරන බව ඉතාම පැහැදිලියි. ජනතාව දැනුවත් කිරීමෙන් වැඩි ආරක්‍ෂාවක් ලබාගත හැකිබව ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියා තිබෙනවා. හමුදාව මේ වැඩවල සහායට ගත්තට කමක් නැහැ. ඒව කරන්න ඕන නිසි ආරක්‍ෂක පිළිවෙත් අනුවයි. එසේ නොවූ බව නාවුක හමුදා සිද්ධියෙන් පැහැදිලි වුණා. ආණ්ඩුව ගත් සෑම පියවරක්ම හරි කියන්න බැහැ. සෞඛ්‍ය අංශයේ ප්‍රධානත්වයෙන් කළයුතු කටයුතු වෙනත් අංශවල ප්‍රමුඛතාවෙන් කිරීමෙන් ප්‍රශ්නය උග්‍රවුණා. දේශපාලන අරමුණු තබාගෙන තමන්ගේ ප්‍රචාරණය මේ හරහා ලබාගන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

ප්‍රශ්නය:- ඡන්දයෙන් පසු යළි එ.ජා.ප. සෙවණට යාමට ඔබලාට සිදුවන බවත් කියැවෙනවා. ඔබලාගේ අරමුණ සිරිකොතේ බලය ඇල්ලීමද?
පිළිතුර:- අපට සිරිකොත අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය ආණ්ඩු බලය අල්ලන්න. අපේ ගමන වළක්වන්න විවිධ කතා කියනවා. මේ මැතිවරණයේදී ආණ්ඩු බලය ලබාගැනීමේ වැඩපිළිවෙළ අප ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යනවා. 113 ට එහා ගිය මන්ත්‍රී කණ්ඩායමක් සමග අප සජිත් ප්‍රේමදාස අගමැති කර සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් පිහිටුවන්න වැඩ කරගෙන යනවා. සිරිකොත ප්‍රශ්නයක් අපට නැහැ. එය අපට අදාළත් නැහැ. ගෙවුණු මාස නවයේ මේ ආණ්ඩුව ජනතාවට කරපු දෙයක් නැහැ. බඩුමිල අහස උසට නැගලා. තුන් හතර ගුණයකින් බඩුමිල වැඩිවෙලා. අත්‍යවශ්‍ය භාණ්ඩ විසි එකකට බදු ගසා ජනතාව පීඩාවට පත්කරලා. ජනතාව ඉතාම අමාරුවෙන් සිටින වෙලාවක්. රටත් ජනතාවත් නරක තැනකට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර අවසන්. ජනාධිපතිවරණයේදී ජනතාව තබා තිබූ බලාපොරොත්තු දැන් ගිලිහී ගොස් තිබෙනවා. එවන් පසුබිමක මේ ආණ්ඩුවට රට හමුවේ ඇති අභියෝගවලට මුහුණු දෙන්න බැහැ කියා ජනතාව තීන්දු කර අවසන්. ඒ නිසාම පොදුජන පෙරමුණේ අයත් අපට එක්වෙනවා. මේ ආණ්ඩුව මීට කලින් රට පාලනය කළා. ඒ කාලයේ ජනතාවට කළේ මොනවාද කියා විමසන්න ජනතාව සූදානමින් සිටිනවා. දැන් මේ රටේ ජනතාවට ඇති බලාපොරොත්තුව සමගි ජනබලවේගය බවට පත්ව අවසන්.

ප්‍රශ්නය:- ගෙවුණු වසර හතරේදී ජනතාවට සහන නොදුන් ඔබලා දැන් සහනදීම ගැන කතාකිරීම විහිළුවක් නොවේද? රුපියල් 20,000 කතා ප්‍රායෝගිකද?
පිළිතුරු:- පැහැදිලිවම අපි රු. 20,000 ජනතාවට දෙනවා. ඒක විහිළුවක්ද? මේ ආණ්ඩුව නොහැකියාව ප්‍රදර්ශනව කළාට අපි කියන්නේ කරන්න පුළුවන් දේ. අපේ ආණ්ඩු කාලයේ මොන ප්‍රශ්න තිබුණත් රාජ්‍ය සේවක වැටුප් සියයට 1.7 කින් පමණ වැඩිකළා. විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කළා. ඉන්ධන මිල විශාල ලෙස අඩු කළා. සෑම භාණ්ඩයකම මිල සාධාරණ මට්ටමක පවත්වාගෙන ගියා. සමගි ජනබලවේග ආණ්ඩුවක් යටතේ මීටත් වඩා එහා ගිය තැනකට අපට යන්න පුළුවන්. කොරෝනාවෙන් පීඩාවට පත් ජනතාවට රු. 20000 අපි අනිවාර්යයෙන්ම දෙනවා. මේ ආණ්ඩුව දුන්නේ රු. 5000 යි. හැබැයි ඊට වඩා වැඩි මුදලක් බදු හරහා ආණ්ඩුව ගත්තා.

ප්‍රශ්නය:- මේ අවස්ථාවේ කුරුණෑගල ජනතාවට ඔබ දෙන පණිවුඩය මොකක්ද?
 පිළිතුර:- විශාල වශයෙන් ගොවි ජනතාව මේ ප්‍රදේශයේ ජීවත්වෙනවා. ඒ අයට කෘෂිකාර්මික කටයුතුවලට අවශ්‍ය ජලය ලබාදිය යුතුයි. රාජපක්‍ෂ ආණ්ඩු තිබුණත් ඒවා කළේ නැහැ. පසුගිය අපේ ආණ්ඩුව යටතේ මෙයට අවශ්‍ය සැලසුම් සකස් කළා. ‘‘වයඹට ජලය’’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර කුරුණෑගල ගොවි ජනතාවට අපි ජලය ලබාදෙනවා. ඊට අමතරව පානීය ජල වැඩසටහනක් නියමිත ප්‍රමිතිය අනුව ක්‍රියාවට නැංවීම අත්‍යවශ්‍යයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර කුරුණෑගල ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරන්න අපි සූදානම්. එය කඩිනම්ව කරනවා. ඒ වගේම කුරුණෑගල තරුණ තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය උග්‍රයි. තරුණ පරපුරට රැකියා ලබාදීමේ වැඩසටහනට අපේ රජයක් යටතේ ප්‍රමුඛතාවක් දී කටුයුතු කරනවා.

(*** සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)



අදහස් (0)

ඡන්දයට වඩා අපට ජනතාවගේ ජීවිත වටිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31075 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13213 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 33 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site