(සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
ඒකාබද්ධ විපක්ෂය ලබන මස පස් වැනිදා කොළඹදී පවත්වන උද්ඝොෂණය නිසා එම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වීමට තීරණය කර ඇති බවට තොරතුරු වාර්තාවී ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
ලබන මස 4,5,6, සහ 7 දිනවල පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට නියමිතව තිබූ බව කී සේමසිංහ මහතා ආණ්ඩුව විපක්ෂයේ උද්ඝොෂණයට බියවී මේ තීරණය ගෙන ඇතැයිද චෝදනා කළේය.
ඒ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් නියමිත පරිදි පවත්වන්නැයිද ඔහු ඉල්ලීමක් කළේය.සේමසිංහ මහාතා මේ ඉල්ලීම කළේ පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පිළිබඳව විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉන්නකම් රට ගොඩගන්න ලැබෙන්නේ නැහැ. ඉටපස්සේ පටන් ගනියි රජයේ සේවකයින්... ඊටපස්සේ විශ්ව විද්‍යාල කට්ටිය. මේ පාරවල් වහගෙන නටන එක නතර කරන්න. මේ අයට පිස්සු වුණාට මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු තමයි මෙයින් දුක් විඳින්නේ. මේ අයට පාලුවට ගිය කනත්තක් වෙන්කර තබන්න. උද්ඝෝෂණවලට පමණක් විපක්ෂයේ නායකයා හරි කැමති වෙයි. කනත්තක් වෙන්කෙරුවත් යක්කුන් ගෙන්නේ එයා වැඩගන්නේ...
ඔව් බත් සහ රුපියල් 2000.00 දීලා සෙනග ගෙන්න පුළුවන්. මන් හිතන්නේ ඒ සල්ලිත් මහජනතාවගේ.
මේ අම්බරුවන් බලයේ සිටින විට මහජන මුදලින් සුරසැප විඳලා දැන් බලයේ සිටින අම්බරුවන් මහජන මුදලින් සුරසැප විඳිනවා බලන් ඉන්න බැරිව තමයි මේ නහයෙන් අඬන්නේ... නැතුව මේ අපේ රටට ආදරේ හින්දා නොවේ...