(මුදිතා දයානන්ද )
උපාධිධාරීන්ට රැකියා ලබාදීමත්, රැකියා ලක්ෂයේ වැඩසටහනත් ආණ්ඩුව අනාගත්තා ආණ්ඩුවට නටන්න බැරි නිසා පොළව ඇදයි කියනවා වගේ හැම දේටම තුනෙන් දෙක ඉස්සරහට දානවා යැයි ජ.වි.පෙ. ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (08) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි වන අතර තවදුරටත් මෙසේද පැවසීය
මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනත් විශාල අර්බුදයකට ලක්වෙලා. ජනාධිපති පත්වෙලා මාස 04ක යද්දිත් පොරොන්දුව ඉටුකරන්න බැරි වුණා.
ජනවාරි මාසයේ පත්වීම් දෙන බව කිව්වා. පසුව පෙබරවාරිවලට කල් දැම්මා. මාර්තු 02 පාර්ලිමේන්තුව විසුරුවා හරින්න දෙනවා කිව්වා. අවසානයේදී ලිපි යැව්වේ පෙබරවාරි 28වැනිදා. සමහරුන්ට ලිපි ලැබිලත් නැහැ. සමහර ලිපිවල අඩුපාඩු ගොඩයි. අන්තිමේදී මැතිවරණ සමය නිසා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පත්වීම් අත්හිටවනු ලැබුවා.
මේ ආණ්ඩුව මුලින්ම උපාධිධාරින්ට රැකියා ලබාදීම දේශපාලන වැඩක් බවට පත්කරගත්තා. උපාධිධාරීන් රැවටීමකට ලක්කළා. හෙම්බත් කළා. ආණ්ඩුවට ඇත්ත වුවමනාවක් තිබුණනම් පාර්ලිමේන්තුව මාර්තු 02වැනිදා විසුරුවනවා වෙනුවට තව සතියක් පහුකරලා පත්වීම් ටික දීලා විසුරුවන්න තිබුණා. නැත්නම් පත්විම් දීම කඩිනම් කර දෙවැනිදාට පෙර ලබාදෙන්න තිබුණා. මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව ඔප්පුකර තිබෙනවා. එයින් අද කෝටි ගණනක් වියදම් කර ගෙන ගිය වැඩපිලිවෙලත් අසාර්ථක වි උපාධිධාරින්ට රස්සා ලැබෙන්න තිබුණ අවස්ථාවත් නැති වුණා.
දැන් ආණ්ඩුව තමන්ගේ බැරිකම වහගන්න තමන්ගේ මඩ බලකාය යොදාගෙන උපාධිධාරී පත්වීම් දෙන්න ජවිපෙ විරුද්ධ වුණා කියලා සමාජ ජාලා තුළ මඩ ව්‍යාපාරයක් ගෙනයනවා. අපි ඉතාම වගකීමෙන් කියනවා උපාධිධාරීන්ට රැකියා ලබාදීම වෙනුවෙන් වැඩිම හඬ නැගීමක් කළේ ජනතා විමුක්ති පෙරමුණත් අප පක්ෂයට අනුබද්ධ තරුණ සහ ශිෂ්‍ය සංවිධානත් වෘත්තීය සමිතිත් උපාධිධාරී සංවිධානත් බව. අපේ පක්ෂයේ අනුර දිසානායක සහෝදරයා ජනවාරි මාසය අගදී පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළා.
මා
සහභාගී වන ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමකට පෙර එතැනට සහභාගී වූ අගැමැතිවරයාගෙන් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන පිළිබඳවත් ඔවුන්ගේ වයස සීමාව පිළිබඳවත් ඌණ සේවා වියුක්තිය පිළිබඳවත් කතා කළා.
දින 100ක් ඇතුළත මේ තරම් අසාර්ථක වුණු බංකොළොත් ජනාධිපතිවරයෙක් අපි දැකලා නැහැ. උපාධිධාරීන්ට රැකියා ලබාදීම වැනි ඉතාම සරල වැඩක් කරගන්න බැරි ආණ්ඩුවක් ගැන වෙන මොන කතාද? ආණ්ඩුවේම ඇමතිවරු කියනවා, රැකියා ලබාදීමේ වැඩසටහන අනාගත්තා කියලා.
ඒ වගේම මේ ආණ්ඩුව පොරොන්දු වුණු රැකියා ලක්ෂයේ වැඩසටහන අසාර්ථකයි. ආණ්ඩුව පොරොන්දු වුණේ සා.පෙළ අසමතුන් ලක්ෂයකට ආණ්ඩුවේ රැකියා ලබාදෙනවා කියලා. එහි සම්මුඛ පරීක්ෂණය මහා ජංජාලයක් බවට පත්වෙලා. මේ සම්මුඛ පරීක්ෂණවලට සාපෙළ සමතුන්, උපෙළ සමතුන් වගේම ඌණ සේවා වියුක්ති උපාධිධාරීන් පවා එනවා. දැන් ඔවුන් මෑන් පවර් ඒජන්සියකට අනුයුක්ත කරන තත්වයක් ඇති කරලා. ආණ්ඩුවට තරුණ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.
COMMENTS
මේ රතු මල්ලියේ අනුන් නටන තැන පොළොව මට්ටමද නැද්ද හොයන්න ඉස්සෙල්ලා ඔයාලා නටන අසුචි වලේ දිග පළල බලාගෙන ඉන්න පළමුව.. දෙවනුව තාමත් අනුන්ගේ කුණු රෙදි හෝදන්න ලජ්ජා නැද්ද ? පිනට අනිත් අයගේ රෙදි හෝදන එක නවත්වන්න. තුන්වනුව ඉතාම වැදගත් මෙය. ඔයාලගේ පදේට නටන අර අන්තරේ ඉන්න ගොන් අම්බරුවන් ටික නටවන එක නවත්වලා ඒ ගොන් රැළටත් අනිකුත් ළමුන් සමග නිදහසේ ඉගෙනගන්න ඉඩ සලස්වනවා එහෙමයි රටට අවංකව ආදරය කරන මිනිසුන් වැඩ කරන්නේ. ඔයාලගේ ගොන් මොළවලට තාමත් තේරුනේ නැහැනේ අන්තරේ ඉන්න ගොන් තඩියන්ව ඔයාලා හොදින් නටවනවා කියල මුළු ලංකාවම දන්නා බව.
මේ දක්වා රජය වෙනුවෙන් කළ කිසිම දෙයක් ඔබලා හොඳයි කීවාද? කරන හැම දෙයකම වැරදි පැත්තම දැක එම වාදයට අකුල් හෙලන ඔබලාගේ බොටුව තදකර කට වසා දැමීමට පත්වෙන කුමන හෝ ආණ්ඩුවකට 2/3ක බලයක් හිමිවිය යුතුයි.
යහපාලකයෝ රටත් කාලා පොළවත් ඇද කරලයි ආපසු දුන්නේ. ඉතින් නටන්න තියා හිටගෙන ඉන්න බැහැ. ඇදෙ හදන්න 3/3ම ඕනේ
සියල්ලම ඉස්සර හිටපු අනාගත්ත රජ්ජුරුරුවන්ගේ කතා වගේ. ඕනෙවට වඩා හෝදන්න යන්නේ මොකක් හරි අතයට ගනුදෙනුවක් ඇති.
විවේචන විතරයි. වැඩ බැරි ජේවීපී අයට මිස වෙන අය නොවේ. රටකට වැඩක් නැති කාලකණ්ණි පිරිසක් මුන්.
ඔබලට 3% නැතිවෙනවා.
ඇයි; පාර්ලිමෙන්තුව වහලා ගෙදර සුරූපී කෑම නැද්ද ?