නාලක සංජීව දහනායක 
 
මුදල් අමාත්‍යංශය   හිටි හැටියේ ඉන්ධන මිල වැඩිකිරීම නිසා   විෂය භාර අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාට ජනතාවට මුහුණ දිය නොහැකි තත්ත්වයක් ඇතිවී තිබෙන බව එකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.
 
අමාත්‍යවරුන්ට අවශ්‍ය ආකාරයට අමාත්‍යංශවල කටයුතු කිරීමට මුදල් අමාත්‍යවරයා ඉඩ නොදීම හේතුවෙන් බොහෝ අමාත්‍යවරුන් නිකමුන් බවට පත්ව සිටින බවද ඔහු කීවේය.
 
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (12) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.