IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


‘එජාප නායකත්වයට එකම සුදුස්සා රනිල් බව වික්‍රමබාහු කියයි‘

 (මුදිතා දයානන්ද )
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට අත්දැකීම් අනුවත්, අධ්‍යාපනිකවත්, දැනුමෙන් හා බුද්ධියෙනුත් සුදුසුම පුද්ගලයා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා යැයි නව වාමාංශික පෙරමුණේ නායක වික‍්‍රමබාහු කරුණාරත්න මහතා අද (12) පැවසීය.
 
ඔහු මේ බව පැවසුයේ රාජගිරියේ පිහිටි සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ ප‍්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් වන අතර එහිදි ඔහු මෙසේද පැවසීය.

පසුගිය මැතිවරණයේදි එජාපයත් සමග කටයුතු කළ සියලූ පක්ෂ නායකයින් එකතු කරලා රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගියදා විශාල ප‍්‍රකාශයක් කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට වෙනත් අයෙකුට මතුවෙන්න අවස්ථාව දෙන අදහසින් පසුගිය මැතිවරණයේදි කටයුතු කළ බවත් එයින් පක්ෂයට විශාල හානියක් සිදුවු බවත් ඔහු කිව්වා. ඒ නිසා එතුමා දැන් සූදානම් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස, යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් හඬ නගන්න අරගල කරන්න එක්සත් ජාතික පක්ෂයට නායකත්වය ලබාදෙන්න. රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් පක්ෂයත් සමග එකතුව ගන්නා ක‍්‍රියාමාර්ගවලදී එන  ඕනම බාධකයකට මුහුණ දෙන්න තමන් සුදානම් බවත් වික‍්‍රමසිංහ මහතා අපත් සමග ප‍්‍රකාශ කළා. මේක ඔහු කළ දැඩි ප‍්‍රකාශයක්.

 මේ ප‍්‍රකාශය ගැන අපි ඉතාමත් සතුටු වෙනවා. ඔහු තමයි එජාපයට ඉන්න සුදුසුම නායකයා. ඔහුට අත්දැකීම් බහුලයි. මෙරට විශ්ව විද්‍යාලයකින් ලබාගත් උපාධියක් හිමි මෙතෙක් බිහිවූ එකම අගමැතිවරයාත් ඔහුයි. අපේ අදහසත් පක්ෂයේ නායකත්වයට සුදුසුම කෙනා ඔහු බවයි. ලිබරල්වාදය පිළිගන්නා ඔහු ඒකාධිපති ව්‍යවස්ථාවක් මේ රටට ගැලපෙන්නේ නැහැ කියන ස්ථාවරයේ ඉන්නවා. මේ රටට ගැලපෙන්නේ බලය විවිධ ආයතනවලට බෙදී ගිය ව්‍යවස්ථාවක් බවයි එතුමා කල්පනා කරන්නේ.
 
අද මේ රට ජාතිවාදීන්ගේ, ආගම්වාදීන්ගේ ග‍්‍රහණයට නතුවෙමන් පැවතීම නිසා ඉදිරියේදි ප‍්‍රශ්න රැසකට මුල පුරනවා. බුදුන් වහන්සේගේ ධර්මයට එරෙහිව යමින් බෞද්ධයන් යැයි කියාගන්නා ඇතැම් පිරිස් මිනිසුන් අතර වෛර්‍ය දුෂ්ටකම වපුරනවා. 



අදහස් (7)

‘එජාප නායකත්වයට එකම සුදුස්සා රනිල් බව වික්‍රමබාහු කියයි‘

gunadasa perera Thursday, 12 December 2019 10:11 AM

සහතික ඇත්ත. දැන් ලංකාවේ දුප්පතුන් නැහැ. ගෙවල් හදලා දෙන්න. එහෙම ඉන්නවා නම් සජිත් දිනනවා. එහෙම නැති නිසා පැරදුණා. දැන් නායකතුමා එක්ක පෙරට යන්න.

:       0       1250

Sujeewa Silva Thursday, 12 December 2019 04:18 PM

නව වාමාංශික පෙරමුණේ නායක වික්‍රමබාහු, රටේ තිබෙන එකම දක්ෂිනාංශික පක්ෂයේ නායකයාට කඩේ ගියාලු ! මේ බාහු, 1970 දශකයේ ලංකා සමසමාජ පක්ෂයේ සිටිමින්, අප රටේ බිහිවූ අවංක දේශපාලකයෙක්මෙන්ම, ඉංග්‍රීසි පාලනයට විරුද්ධ වීම හේතුවෙන් සිරබත් කෑ, ආචාර්ය එන්.එම් පෙරේරා මහතාට දක්ෂිනාන්ෂයෙක් යයී ලේබල් ගසමින්, නව ලංකා සමසමාජ පක්ෂය ගොඩනගා, කලේ කාගේ කොන්තරාර්තුවක් දැයී අපට දැන් හිතා ගන්න පුළුවන්. එජාපෙ පාක්ෂිකයන්ටත් වඩා කඩේ නොවෙයී, බාහු යන්නේ "UNP සුපර් මාර්කට්" එකට. මේ තමා අපේ උගත්තු.

:       8       29

sisira Thursday, 12 December 2019 10:06 PM

මොහු හිටපු ගමන් හීනෙන් වගේ නැගිටලා දොඩවන විකාර කතා පොඩි ළමයෙක්වත් සත පහකටවත් ගණන් ගන්නේ නැහැ. කවට මුත්තෙක්.

:       17       45

Sugath Friday, 13 December 2019 04:33 AM

වික්‍රමබාහු හීනෙන් නැගිටලද ? රනිල් නායකයෙක්ද ? මොහු තවදුරටත් හිටියොත් පක්ෂය ඉවරයි.

:       14       0

Raveendra Sunday, 15 December 2019 03:59 AM

මේ වගේ ආතක් පාතක් නැති දේශපාලුවන් කුමක් හෝ කියාගෙන ඇවිත් අවසානයේ ලබාගත්තේ කුමක්ද යන්න නොදන්නා නිවටයන්..

:       1       0

Bamunuarachchi Sunday, 15 December 2019 05:10 AM

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය පරාජය වුනාම පක්ෂ නායකයා ඉල්ලා අස් වුනා ලංකාවේ පරාජය වුන පුද්ගලයා පරාජය වුන පක්ෂයේ නායකත්වය ඉල්ලනවා. මරු නේද? හරිනම් නියෝජ්‍ය නායකකමිනුත් අස්වෙන්න ඕනේ.

:       1       0

BamunuarachchiSunday, 15 December 2019 07:13 AM

අස්වෙලා ලැවරිය වෙළඳාම පටන්ගන්න ඕනේ නේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 2251 24

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 3103 17

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 3488 10

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 2416 15

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 289 6

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1229 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site