IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ

දූෂණයට, වංචාවට, හොරකමට එරෙහිව කටයුතු කරද්දී යූඑන්පී ද ශ්‍රී ලංකා ද කුමන පක්ෂයේ ද යන්න තමාට වැදගත් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රත්නපුරදී පෙරේදා (27) පැවැසීය.

තමාගේ ඇඟේ තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ රත්නපුරේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්ෂකයින්ට සහාය පළකිරීම සඳහා රත්නපුර නගරයේ පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීවේය.

“දේශපාලනඥයෙක් කළ යුතු දේ වගේම නොකළ යුතු දේත් තියනවා. පසුගිය අවුරුදු තුන තුළ මම ජනාධිපති වෙන්න කලින් මේ රට පත්වෙලා තිබුණ තැනින් බේරාගත්තා. එදා අපේ රට අන්තර් ජාතික මට්ටමෙන් පත්ව තිබුණ තැන ගමේ සාමාන්‍ය ජනතාවට දැනුණේ නෑ. දේශපාලන නායකයින්, මේ රටේ විවිධ අංශ ප්‍රධානීන් ඒ සියල්ල තිබුණ තත්ත්වය දැනගෙන හිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ ලෝකයේ රටවල් 194ක් තිබෙනවා. 2015 ජනවාරි වනවිට මේ රටවල් අතරින් අතේ ඇඟිලි ගාණටවත් අපට හිතවත්ව රටවල් හිටියේ නෑ.
ජාත්‍යන්තර දේශපාලනයේ අපට තිබූ අවමානය, නොපිළිගැනීම, අගෞරවය මම ඉවත් කළා කියන එක පැහැදිලිව කියන්න ඕනෑ.

අපිට කියනවා රණවිරු දඩයම කියලා. මම ජනාධිපති ධුරයට පත්වනවිට අපේ යුද, නාවික, ගුවන් කියන අංශ ජාත්‍යන්තරය විසින් පිළිගැනීම ප්‍රතික්‍ෂේප කරලා තිබුණේ. යුද්ධය දිනවපු මහා රණවිරුවා වූ සරත් ෆොන්සෙකා 2010 ජනාධිපතිවරණයට ඉල්ලුවා කියලා දීපු දඬුවම තමුන්නාන්සේලා දන්නවා. හිරේදාලා, තරුපටි ගලවලා, ජම්පරය අන්දවලා, ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවට දඬුවම් දුන්නේ කවුද කියලා තමුන්නාන්සේලාගෙන් වගේම මේ රටේ ජනතාවගෙනුත් මම අහනවා.

මගේ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්කරන්න පළවෙනි ඡන්දෙදි, පක්‍ෂයේ ලේකම්වරයා විදියට එදා මම තරම් කර ගහපු කෙනෙක් ඉන්නව ද කියලා අහනවා. 2005 ඡන්දෙදි සමහර කැබිනට් ඇමැතිවරු එතුමාව දාලා ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානේ දොරවල් වැහුණා. රහසක් නෙවෙයි හිටපු ජනාධිපතිතුමියත් සහයෝගය දුන්නේ නෑ. පක්‍ෂයේ ලේකම් විදියට මම ඒ මැතිවරණය කරට ගත්තා.

එදා ඒ යුගයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මට කතා කළේ මල්ලී කියලා. මම එතුමාව අගමැති වෙනකම් කතා කළේ අයියේ කියලා. එතුමයි අපියි එකට යුද්දේ කළා. යුද ජයග්‍රහණය තනි පුද්ගලයකුගේ ජයග්‍රහණයක් නොවෙයි. දුටුගැමුණු මහ රජ්ජුරුවෝ එළාර පරාද කළේ දස මහා යෝධයොත් එක්ක. මහින්ද රාපක්‍ෂ මහත්තයට එදා යුද්දේ කරන්න අපි වගේ දස මහා යෝධයෝ හිටියා. මෛත්‍රීපාල සිරිසේනලා, ජෝන් සෙනෙවිරත්නලා, නිමල් සිරිපාල ද සිල්වලා, අනුර යාපලා, සුසිල් ප්‍රේම්ජයන්තලා, එවැනි සෙන්පතියෝ හිටියා. කරදුන්නා, උරදුන්නා.

මට එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පස් සැරයක් ගැහුවා. ඒ පස් සැරේම ඔවුන් විනාශ වුණා. අහිංසක මිනිස්සු මැරුණා. ගහන්න ආපු සමහරු අත්අඩංගුවට ගත්තාම සයනයිඞ් කාලා මැරුණා. මම හින්දා එල්ටීටීඊකාරයෝ හය දෙනෙක් මියගියා.

අපි ලස්සනට ආණ්ඩු කළා. 2010 මැතිවරණයෙන් පස්සේ අපිව ටිකක් ඈත් කරලා, වටේ හිටපු බමුණොයි, කේවට්ටයොයි එතුමාව මහ රජාණෝ කළා. ඒ කාලේ බොහොම සුන්දර මිනිහෙක් එතුමා. එතුමා මහ රජාණෝ වෙනකොට අපි ඈත් වුණා. රට වෙන පැත්තකට ගියා. යුද්දෙන් පස්සෙත් රටේ අතුරුදන්වීම්, ඝාතන, බෙදීම්, සිංහල, දමිළ, මුස්ලිම් ජනකොටස් අතර අසමගිය, විරෝධය, ප්‍රතිවිරෝධය, ගැටුම්, හැප්පිලි ඔබට මතක ඇති.

මම ඒ සමාජය වෙනස් කළා. මට රට හදාගන්න ඉඩ දෙන්න කියලා ලෝකයට කියලා, රටේ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ සහතික කළා. අද මිනිස් ඝාතන, අතුරුදන්වීම් නැහැ. අද මාධ්‍ය ආයතන ගිනි ගන්නේ නැහැ. මාධ්‍යවේදියෝ රට හැරදාලා යන්නේ නැහැ. අද අපේ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාම සාධක හමුදාව ලෙස මුළු ලෝකයේම අරගෙන යනවා. ගහගන්න තැන්වලට අරගෙන ගිහිං සාමය සඳහා මැද හිටවනවා. ඒ විදියට මේ රට වෙනස් වුණා. රණවිරු දඩයම් නෑ.

අපිට කියනවා රට විකුණනවා, රට බෙදනවා, රට කඩනවා කියලා. මම මේ ජනාධිපති ධුරයේ සිටිනතාක් කල් මේ රට කඩන්න, බෙදන්න මොන යෝජනා ආවත්, මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ. මව්බිමේ උරුමය වෙනුවෙන් ජීවිත පූජා කරලා මේ රට ආරක්‍ෂා කරනවා.

2015 මහ මැතිවරණයෙන් පස්සේ අපේම පාර්ලිමේන්තු කණ්ඩායම අපි ඔක්කොම එකට රැස්වුණා. ඒ වෙලාවේ ඉල්ලීමක් ආවා, ආණ්ඩුවත් එක්ක නොයන අයට විපක්‍ෂයේ විදියට ඉන්න ඉඩ දෙමු කියලා අපේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී. මම කිව්වා ඔව් කැමතියි. කැමති අය ආණ්ඩුවට එකතු වෙන්න. අකමැති නම් විපක්‍ෂයට ගිහින් ඉන්න කියලා. මගේ විරුද්ධත්වයක් නෑ. ඕන තරම් ආණ්ඩුව විවේචනය කරන්න. අපි ශ්‍රීලනිපය විදියට වැඩ කරමු. මොකද වුණේ? ටික කාලයක් යනකොට මගෙ මිත්‍ර මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දන්නෙම නැහැ, යට ඉන්න ගෝලයෝ ටිකක් අලුත් පක්‍ෂයක් හැදුවා.

අපිට කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදනව නම් එකට එකතු වෙනවයි කියලා. මම ඒ ගොල්ලන්ට කියනවා 2015 අගෝස්තු මැතිවරණයේදී ජයග්‍රහණය කරපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරු අනූහය දෙනා මාත් එක්ක හෙට එකට හිටගන්නව නම් මම ලෑස්තියි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න.

ඔය කුණු කන්දල් අලුත් දේශපාලන කුණු කූඬේ, ඔය වසංගතේ, ජී.එල්. පීරිස්ගේ කුණු කාණුව, ඕක දාලා එන්න. මං ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආණ්ඩුවක් හදන්න හෙට ලෑස්තියි. හෙට උදේට එන්න අපේ ගෙදරට අනූහයම මාත් එක්ක එකට හිටගන්න, මං ආණ්ඩුවක් හදලා පෙන්වන්නම්.

මගේ ඇඟේ තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ලේ. මගේ ඇඟේ තියෙන්නේ දූෂණයට, නාස්තියට, පවුල්වාදයට, ඒකාධිපතිත්වයට විරුද්ධ දේ.

අද මහ බැංකු කොමිෂන් වාර්තාව ගැන හැම කෙනෙක්ම වේදිකාවල්වල කතා කරනවා. ජී.එල්. පීරිස්ගේ කට්ටියත් උඩ පැන පැන කතා කරනවා. හැබැයි ඒ ගොල්ලෝ දන්නේ නෑ, මහ බැංකු වාර්තාවේ තියෙන්නේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරු අත්සන් කරපු වාර්තාවේ තියෙන්නේ, මේ මහ බැංකුවෙ බරපතළ දූෂණ වංචා සිදුව තියෙන්නේ 2008 සිට 2016 දක්වා කියන එක, බොහොම පැහැදිලිව සඳහන් කරලා තියනවා.

ඒ එක්කම මම පත්කරපු බරපතළ වංචා දූෂණ කොමිසම. මේ වාර්තා දෙකම ඉල්ලලා කෑගැහුවා. දෙන්න දෙන්න ජනාධිපති ඔක්කොම හංගාගෙන අතේ තියාගෙන ඉන්නවා කියලා. මම දෙකම ඇරියා. කෝ අර කෑගහපු මිනිස්සු. සද්ද නෑ. පොත වැහුවා. දෙගොල්ලම කතාවෙලා පොත වැහුවා. මොකද කතා කළා නම් දෙගොල්ලන්ගෙම රෙදි බුරුල් වෙනවා කියලා දන්න නිසා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායම පැහැදිලිව කිව්වා විවාදයක් තියන්න කියලා. නමුත් පක්‍ෂ නායක රැස්වීමේ වැඩි බලය තියෙන්නේ ඔය වාර්තාවේ කියන පක්‍ෂ දෙකට අයත් නායකයෝ තමයි ඉන්නේ. පාර්ලිමේන්තුවේ 225න් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඉන්නේ 42යි. අනිත් ඔක්කෝම කිව්වා මේක වහමුයි කියලා. විවාද එපා කියලා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තියට, බණ්ඩාරනායක දර්ශනයට නැතුව ඒකාධිපතිත්වයෙන්, මිනිස් ඝාතන, අතුරුදන්වීම් එක්ක මේ රට යනකොට, 2014 නොවැම්බර් මාසෙ මම ආණ්ඩුවෙන් එළියට ඇවිත් පොදු අපේක්‍ෂකයා විදියට ඉදිරිපත් වෙච්ච වෙලාවේ, ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ, ඔබ ඇඟිල්ල දිගු කරලා කිව්වා, ඇයි තමුසේ අපිට ඔහොම කරන්නේ කියලා.

අපේ රත්නපුරේ මිත්‍රයෝ මට ගලුත් ගැහුවානේ. (ජනාධිපතිවරයා සිනහව පළ කරයි.) දේශපාලනයේ සදාකාලික හතුරන් ද නැත. මිතුරන් ද නැත. ඒ නිසා ඕනෑ වෙලාවක වෙන් වෙන්න පුළුවන්. ඕනෑ වෙලාවක එක් වෙන්න පුළුවන්. දූෂණය වංචාව නාස්තියත් එක්ක අද ආණ්ඩුව තුළ සිදුවන වැරදි නිසා, ඇතිවන බරපතළ දූෂණ මහ බැංකු මංකොල්ලත් එක්ක මම ප්‍රකාශ නිකුත් කළා වගේම ක්‍රියා කරන්නත් ගත්තා. කොමිසමේ සාක්කි යනකොට, ඒවා පත්තරවල යනකොට මමත් ජනතාවගේ පැත්තටයි වැටුණේ. කොමිසමට මම පැහැදිලිව ආශිර්වාද කළා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ 2014 නොවැම්බර් මාසෙ මට ඇඟිල්ල දික්කරලා ඇයි උඹ අපිට මෙහෙම කරන්නේ කියලා ඇහුවා වගේ, පසුගිය මාසයක් දෙකක් තුළ එක්සත් ජාතික පාක්‍ෂිකයො අහන්න පටන් ගත්තා, ජනාධිපතිව කරන්න ඉස්සරහින් හිටිය අපි තමුසෙව ජනාධිපති කළා. ඇයි අපිට මෙහෙම කරන්නේ කියලා.  

මම එදා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වුණේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එදා ද්‍රෝහි වුණේ නැහැ. මම අද එක්සත් ජාතික පාක්‍ෂිකයන්ට ද්‍රෝහි වෙලා නැහැ. මම එක්සත් ජාතික පක්‍ෂයට ද්‍රෝහි වෙලා නැහැ. මම ද්‍රෝහි වෙන්නේ, විරුද්ධ වෙන්නේ, මම දැඩි ක්‍රියාමාර්ග ගන්නේ දූෂණයට, වංචාවට, හොරකමට, නාස්තියට හා පවුල්වාදයටයි. ඒ අය ඉන්නේ යූඇන්පී ද ශ්‍රී ලංකා ද මොන පක්‍ෂය ද මොන පාට ද මොන වර්ණය ද මට ප්‍රශ්නයක් නැහැ. ඒ ඕනෑ කරන කෙනකුට දෙන්න තියන ඉහළම දඬුවම් දෙන්න නීතිය ඉස්සරහට ගෙනියන්න, හිරේ දාන්න, අපායට ගෙනියන්න ඕනෑ කරන වැඩකටයුතු ටික අඩුවක් නැතුව ඉෂ්ට කරනවයි කියන එක මම තමුන්නාන්සේලාට බොහෝම පැහැදිලිව කියන්නට ඕනෑ.

හත්දෙයියනේ, හැමුදුරුවනේ, මේ රට හොර ගුහාවක් වෙලා. ලෝකෙන් උතුම් රට. බෞද්ධයන් අන්‍ය ආගමිකයන් සමඟ සමගියෙන් ඉන්න රට. ඇයි මෙහෙම මේ රට පත්වුණේ. මම ඊයේ ප්‍රකාශයක් කළා ඔබ මාධ්‍ය තුළ දැක්කා. පහුගිය අවුරුදු දහය ඇතුළත මුදල් අමාත්‍යාංශය විදේශ ණය ගත්ත ඒවා, ටි්‍රලියන් දහයකට වැඩියි. ටි්‍රලියනයක් කියන්නේ රුපියල් කෝටි දාහක්. භාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ පොත්පත්වල දැනගන්න තියෙන්නේ ටි්‍රලියන් එකක වත්කම් විතරයි. අනෙක් ටි්‍රලියන් නවය රටට ගත්තා තමයි වුණේ මොකද කියලා පොත්පත්වල සටහන් වෙලා නෑ.

මේ අවුරුදු දෙකේ තුනේ රජයේ ආදායම්, ආණ්ඩුවට ආපු සල්ලි, ආණ්ඩුවේ භාණ්ඩාගාරයේ තියන සල්ලි ආණ්ඩුවෙන් කඩලා පෞද්ගලික සමාගම්වලට දුන්නා. කාට ද මේවා කියන්නේ. මිහින් එයාර්, ශ්‍රීලන්කන් ගුවන් සේවය, අලුත් ජනාධිපති කොමිසම මම ලබන සුමානේ අලුතින් ගැසට් කරනවා. කාගෙ කාගෙත් තත්ත්වය හෙළිවෙයි.

මේ රටේ නාස්තියට, වංචාවට, දූෂණයට කොමිෂන් සභා පත්කරනව නම්, පඳුරක්, පඳුරක් ගානේ කොමිෂන් සභා පත්කරන්න වෙනවා. පත්කළ යුතු ඒවාට කොමිෂන් සභා පත්කරනවා. පත්කරපු ඒවායේ වාර්තා අනුව කටයුතු කරනවා. දෙන්න තියන ඉහළම දඬුවම් දෙනවා. නැති වෙච්ච සල්ලි ටික හොයා ගන්නවා.

රටක් හදන්න හිරගෙවල් පුරවලා වැඩක් නෑ. හිරගෙවල්වලින් රට හදන්න බැහැ. හිරගෙවල්වලට යන වැරදි නොකරන මිනිස්සු ඉන්න රටක් අපි හදන්න ඕනෑ. ඒකයි අවශ්‍ය වෙන්නේ. වැරදි කළ මිනිහාට දඬුවම් දීම එකක්. මිනිසුන් අතින් වැරදි නොවන ලෙස ආයතන, නීතිය හැදීම වැරදි කරන්න තියන ඉඩ ඇහිරීම අනිත් එක.
ඒ නිසයි මම මුළු රටටම කියන්නේ පෙබරවාරි 10 මේ සටන අවසන් වන දවස නෙවෙයි. ඡන්ද පොළට ගිහිල්ලා බුලත් කොළේට කතිරය ගහලා මේ ජාතික වගකීම ඉෂ්ට කරන්න. නගර සභාව, ප්‍රාදේශීය සභාව අපේ බලයට ගැනීම පමණක් නොවෙයි, එතැන සිට මේ රටේ පිරිසුදු දේශපාලනයක් සඳහා අවශ්‍ය පිරිසක් හදන්න මම පෙරමුණ ගන්නවා.

 මම 2015 බාරගත්තෙ ජනාධිපතිවරණයෙන් පරාද වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයක්. එය මහ මැතිවරණයෙන් පරාදයි. ජී.ඇල්. පීරිස්ගේ පක්‍ෂයෙ කට්ටිය මහින්ද රාජපක්‍ෂ මහත්තයත් නොදැන ශ්‍රීලනිපය පරාද කළා. අවුරුදු දෙකක් තිබියදී හිටපු ජනාධිපතිතුමා ඡන්දයකට ගියේ බැරි නිසයි කියලා තේරෙනවා. පරාද වුණ පක්‍ෂයක් මට බාරදුන්නේ. පක්‍ෂය ගොඩගන්න මම පක්‍ෂයේ ව්‍යවස්ථාව පවා වෙනස් කළා. පක්‍ෂ සංවත්සරවල, මැයි රැලිවල 2015ට වැඩිය 2016, 2017 පක්‍ෂය උඩට ආවා. ප්‍රාදේශීය සභාවලට නාමයෝජනා මෙදා දෙනකොට එදා ශ්‍රීලනිපය තිබුණ තැන නෙවෙයි මෙදා තියෙන්නේ.”

සමාජ සවිබල ගැන්වීමේ, උඩරට ගැමි පුනරුත්ථාපන සහ උඩරට සංවර්ධන ඇමැති එස්.බී. දිසානායක මහතා:
“1969න් පස්සේ කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය පවත්වනවා. කොට්ඨාස ක්‍රමයට මේ මැතිවරණය ගේනවට බොහෝ දේශපාලන පක්‍ෂ දිගින් දිගටම විරුද්ධ වුණා. ගමේ කොල්ලෙක් කෙල්ලෙක් මන්ත්‍රී වෙනවට ඒ අය කැමති නෑ.

මේ අපේක්‍ෂකයෝ තමයි ජනාධිපතිතුමාගේ ගැමි ආර්ථිකය ඉහළ නංවන ජාතික වැඩසටහනේ ඔබේ ගමේ නියෝජිතයා. ඉදිරියේ දී ගමේ සියලු සංවර්ධන වැඩ කෙරෙන්නේ ඒ නියෝජිතයා හරහා.”


ජාතික නිදහස් පෙරමුණේ හිටපු නියෝජ්‍ය නායක වීරකුමාර දිසානායක මහතා:

“බැඳුම්කර වංචාව ගැන පෙබරවාරි 10 දාට කලින් පාර්ලිමේන්තුවේ විවාදය තිබ්බොත් කාගෙ කාගෙත් කෙරුවාවල් ජනතාව දැන ගනීවි.”
හිටපු ඇමැති චන්ද්‍රසේන විජේසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල යන මහත්වරු ද නැගෙනහිර පළාත් සභාවේ හිටපු ඇමැති ආරියවතී ගලප්පත්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ.
කම්කරු හා කම්කරු සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, අතුල කුමාර රාහුබද්ධ, භාණු මුණිප්‍රිය, සලිත කරුණාරත්න, සරත් සඳනායක, මියුරු භාෂිත ලියනගේ, වරුණ ලියනගේ යන මහත්වරු ද පළාත් පාලන අපේක්‍ෂක අපේක්‍ෂිකාවෝ ද ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

(අජිත්ලාල් ශාන්තඋදය, රත්නපුරේ පී.ඒ.කේ. විජයසුන්දර සහ අප්සරා යෝසිත් විජේසූරිය)

 



අදහස් (23)

මගේ ඇඟේ දුවන්නේ ශ්‍රී ලංකා ලේ

yaka mahathaya Monday, 29 January 2018 06:53 AM

මම හිතුවේ කැරපොත්තන්ගේ ඇඟේ දුවන්නේ කොළ පාට ලේ කියලයි.

:       0       352

RaveendraMonday, 29 January 2018 03:15 PM

යකා මහත්තයා වෙත, ඔබ කැරපොත්තන්ගේ ලේවල පාට ගැන කතා කරන විට අපට කටුස්ස මතකයට නැගෙනවා. කටුස්සා පාට වෙනස්කරන කොට උගේ ලේවල පාටත් වෙනස් වෙනවා ඇති නේද? තවද අප හිතුවේ සුත්තර පුංචා විතරයි... හොඳ විකටයට ඉන්නේ කියලා, දැන් බැලුවම මේ හාදයත් හොද විහිළු කාරයෙක් නොවැ...

:       0       252

RaveendraMonday, 29 January 2018 03:41 PM

මම වෙමි කවටයා මාතලේ අමුණට ඉන්නේ... එලෙසම මමය මුල් හාදයා ලක්බිම ඉන්නේ... ඇරියොත් කට බැරි බැරියාවකි ඇසෙන්නේ... අනේ ඉතින් ගවයින්ටනේ ඡන්දය දුන්නේ...

:       0       407

Shan Monday, 29 January 2018 07:19 AM

දැන් බලාගෙන ගියාම පහුගිය අවුරුදු 3 කරපු ඔක්කොම කරලා තියෙන්නේ මෙයා තනියම. එ්ත් මෙයා ආරක්ෂා කරපු හොරු ගැන කිසි කතාවක් නැහැනේ. මාර විහිළු කියන්නේ දැන් මෙයාව මරන්න ආපු මහින්ද 'මගේ මිත්‍රයා' වෙලා. ප්‍රතිපත්තියක් නැති අය තමයි.

:       0       208

Chandra Monday, 29 January 2018 07:36 AM

එහෙම නම්, ඇයි හොරු වටකර ගෙන පක්ෂය දිනවන්න යන්නේ? ස්වාධීන වුනේ හොරු අල්ලන්න. රට යහමගට ගේන්න. ඉස්සෙල්ලා පරණ හොරු අල්ලලා, අලුත් හොරුන්ටත් දඬුවම් දෙන්න. හැමෝටම පාඩමක් ඉගෙන ගන්න. 2015 ජනවාරි 8 ලංකා ඉතිහාසයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වුණා. එය ලාංකීය ඉතිහාසයේ මෙතෙක් ඇති නොවූ ආකාරයක දෙයක්. එය එසේ වුණේ පක්ෂ භේදයකින් තොරව හොරු අල්ලා මේ රට යහපත් දේශයක් කරන්නයි.

:       59       505

sena Monday, 29 January 2018 08:10 AM

ඔබතුමා බලය අරගෙන අවුරුදු තුනක් කරපු සටන මොකක්ද? හෙට යමක් කරයි කියලා විස්වාස කරන්න...

:       0       259

Buddika Monday, 29 January 2018 08:29 AM

ඒක තමයි ඔය තැනට එන්න අතදීපු මිනිස්සු අමතක කරලා හොරකම, වංචාව ගැනම කතා කරලා ගිය ආණ්ඩුවේ හොරුන්ට ආණ්ඩුවක් හදන්න එන්න කියන්නේ. ඔබ අපිව නොහැඳිනුවට අපි ඔබව දන්නවා.

:       143       6

Bamunuarachchi Monday, 29 January 2018 10:10 AM

අනවශ්‍ය කතාවක් පටලවා ගත්තා වගෙයි. ශ්‍රී ලංකා ලේ කියලා ජාතියක් නැත... කෙනෙකුගේ කළලය පිහිට වූ ගමන් ඊට පාදක වූ තැනැත්තාට අයත් ලේ තමයි කලලයට අයිති වෙන්නේ. කලලයට පිහිටන්නේ පාදකවූ තැනැත්තා කලලයේ පියා වෙනවා. ශ්‍රී ලංකා ලේ වුනොත් සියලුම වර්ගවල ලේ අයිතියි. එමනිසා එතැනින් එහාට කතා නොකරමි.

:       0       16

Bamunuarachchi Monday, 29 January 2018 10:12 AM

කාවද මේ ගොනාට අන්දන්න හදන්නේ? මහත්මයෝ අපි ඔබ ගැන සිතන විදිහට ඔබ අපි ගැන සිතන්න එපා...

:       0       142

Senarath Monday, 29 January 2018 10:55 AM

මේ තමයි අපේ රටේ බිහිවුණු කෛරාටිකම දේශපාලකයා. ඒ වගේම කිසිම ප්‍රතිපත්තියක් නැහැ. 2005 ඡන්දේදී මහින්ද මහත්තයා දිනවන්න කරදීපු උදවිය... මෙයා කියන ලැයිස්තුවේ ඉන්න උදවියට වඩා මංගල සමරවීර, බැසිල් රාජපක්ෂ, ජවිපය, හෙළඋරුමය පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. යුද්ධය දිනවන්න මෙයා මොනවද කලේ? යුද්ධය ජයග්‍රහණය දේශපාලකයන්ගෙන් ගත්තොත් කෙහෙළිය, රතන හාමුදුරුවෝ, චම්පික රණවක, කෙහෙළිය රඹුුක්වැල්ල, ආනන්ද සංගරී වැනි උදවිය එල්ටීටීඊ එකට විරුද්ධව කතා කළා. වැඩිම වැඩකොටස කලේ මහින්ද මහත්තයා සහ ගෝඨාභය මැතිතුමා. හමුදාපතිවරු සහ සියලුම නිලයන්, එස්ටීඑෆ් එක, සිවිල් ආරක්ෂක බලකාය කියන්න බැරිතරම් විශාල වැඩකොටසක් කළා. ඒ වගේම පොලිසියේත් සමහර නිලදාරීන් විශේෂයෙන් කොළඹ, මඩකලපුව, සහ එල්ටීටීඊ තර්ජන තිබුණු පැතිවල සේවය කල නිලධාරීන් ද ලොකු මෙහෙයක් කළා. අද යුද්ධයේ ජයත් මෙයාගේ නමට බරකර ගන්න හදනවා. ඉතිරි අවුරුදු 2ත් රටට කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ... හොරකම් නම් කෙරේවි.

:       0       458

කරුණාරත්න Monday, 29 January 2018 11:13 AM

දෙදහස් පහළොවේ ජනාධිපතිවරණයේදී ඔබට කිසිම ශ්‍රී ලංකා පක්ෂයේ ඡන්දයක් නොලැබුණු අතර එම සියල්ල අපි දුන්නේ රාජපක්ෂ මහතාටයි. ඔබ ඡන්දය දිනුවේ එජාප කොලපාට ඡන්ද සහ දෙමල ඡන්ද වලින් පමණකි. ශ්‍රී ලංකා පක්ෂයේ අයිතිවාසිකම් කියන්නට ඔබට කිසිම සුදුසුකමක් නැත. මන්දයත් ඔබ ඡන්දය ඉල්ලුවේ පොදු අපේක්ෂකයෙකු ලෙස විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු වශයෙන් නොවන බැවිනි.

:       0       191

prakaash Monday, 29 January 2018 11:31 AM

නින්දිත පාලකයින් රටකට අවශ්‍යද? ද්‍රෝහී බව ඔප්පු වෙලා තියෙන්නේ. ඒ කාලයේත් ඇමතිකම් කෙරුවාට මොන යහපතක්ද රටට කලේ? දැන් රටේ ජනපතිකම කළාට රටට කරපු සේවය කුමක්ද? සේවය කල මිනිසුන්ට අපහාස කරන එකයි කරන්නේ. පක්ෂේත් සිරිකොතට පාවා දීලා තියෙන්නේ. කිසිම සදාචාරයක් තියෙනවාද? නම කෙසේ වෙතත් වෛරයෙන් පිරී ඇති බව පැහැදිලියි. දැන් කරන්නේ ඡන්ද ටික අරගන්න මිනිසුන්ව මුලා කරනවා. මේ වගේ කොන්දක් නැති කෙනෙක් රටක් හදයිද?

:       0       176

pathirana Monday, 29 January 2018 12:23 PM

අපි දන්නේ නැහැ ඔබතුමාගේ ඇගේ දුවන්නේ කාගේ ලේද කියලා - නමුත් ඔබතුමා ඔතන ඉන්නේ යු එන් පී කාරයින්ගේ ඡන්දය මුදල් සහ දහදිය මහන්සිය නිසා, ඒකනිසා අර කාපු පතේ මොනවද කරන්න එපා....

:       0       73

BamunuarachchiTuesday, 30 January 2018 12:57 AM

මෙයත් දැන් රනිල් පරදවන තරමට ජෝකර් කතා කියනවා. ඔය ලෙඩේ හැදුනේ UNP ආශ්‍රය නිසා. බුදුබණ පිළිපදින්න අසේවනාච බාලානං එච්චරයි කියන්න තිබෙන්නේ......................

:       0       45

de silva Monday, 29 January 2018 01:26 PM

අනේ ඔබතුමාග කතා අහල අපිට හොඳටම එපා වෙලා , ඔය ඉන්න මාස 23 ඔය ඉන්න විදිහට ම මුකුත් නොකර ඉඳල ගෙදර ගියත් අපිට කමක් නැහැ ,

:       0       60

නාත් රණසිංහ Monday, 29 January 2018 07:56 PM

ජනාධිපතිවරණයට ඉල්ලනකොට නිර්පාක්ෂික වෙනවා කිව්වේ මොකටද එහෙනම්! අපරාදේ, පොදු අපේක්ෂකයා කරන්න කලින් blood test එකක් කරන්න තිබ්බේ.

:       0       63

anura Tuesday, 30 January 2018 02:36 AM

ගොඩක් දෙනෙක් හිතන්නේ වංචාව කියන්නේ මුදල් වංචාව පමණක්ය කියා. හැබයි බොරු කියලා මිනිසුන් රැවටීම ඉතාම තද බල වංචාවක්. ද්‍රෝහී කමත් වංචාවක්.

:       0       122

sanath Wednesday, 31 January 2018 07:45 AM

මෙන්න වදේ අන්දරේ ඉපදිලා...

:       0       51

Dinum Wednesday, 31 January 2018 12:21 PM

මේ තරම් රාජ්‍ය නායකයෙක් අපේ රටේ කවදාවත් බිහිවෙලා නැහැ..

:       0       64

wipula Wednesday, 31 January 2018 04:05 PM

ඔවු සනත් මේ නම් අන්දරේම තමයි කිසි වෙනසක් .............. නෑ..නෑ ..නෑ .......

:       0       80

බුද්ධිමත් ජනතාව Thursday, 01 February 2018 02:53 PM

කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි.

:       0       0

sanath Saturday, 03 February 2018 12:22 PM

පළාත් පාලන ආයතන 341 කින් විධායක ජනාධිපතිට ජය ගත හැක්කේ 3 යි..! පොහොට්ටුවට 42 යි; එජාපයට 238 යි;... එහෙමනේ..

:       0       0

Chandra Wednesday, 07 February 2018 07:11 AM

පොරොන්දු වුනේ ඉක්මනටම ජනාධිපති පුටුව නැති කරලා ගෙවල් ලග තියෙන වැව අයිනට වෙලා නිදහසේ ඉන්නවා කියලා.

:       1       295

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 205 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1189 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 977 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site