IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ජනපති දේශපාලනය කරද්දී අගමැති රට හදනවා - සුජීව

ජුඩ් සමන්ත
 
ජනාධිපතිවරයා දේශපාලනය කරන විට අගමැතිවරයා සිදු කරන්නේ රට  සංවර්ධනය කිරීම යැයි රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.  
 
තමන්ගේ කරපිටින් තනතුරට පැමිණි ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයෙන් නොඅහසා අවුරුදු හයක් සිටිය හැකිදැයි විමසන බව ද සේනසිංහ මහතා කීවේය.
 
හලාවත නගර සභාවට ආරච්චිකට්ටුව සහ හලාවත ප්‍රාදේශීය සභාවන් වලට  එක්සත් ජාතික පක්ෂයෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් දැණුම්වත් කිරීම සඳහා පැවති සමුළුවකදී රාජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියේය. හලාවත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී මෙම සමුළුව පැවැත්වුණි.
 
එහිදී තව දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා මෙසේද පැවසීය.
 
‘‘1994 ඉඳලා  හැම ඡන්දයක්ම තීරණය කළේ ප්‍රභාකරන්. ගාමිණී දිසානායක මහත්තයාව මරලා දැම්මා. අපිට දාන්න කෙනෙක් හිටියේ නෑ.අපි ගාමිණී දිනායායක මහත්මියව මැතිවරණයට ඉදිරිපත් කළා. ඇය අද රෝහල් ගත වෙලයි ඉන්නේ. ඒ වෙන කොට ප්‍රභාකරන් අපේ නවයකට ගහලා බිම දාලයි තිබුනේ.
 
2000 මැතිවරණයේදී චන්ද්‍රිකා මහත්මියට වැඩියෙන් 3% ක් අපි ඉදිරියෙන් හිටියා. ඒ වෙන කොට ප්‍රභාකරන් අපිව බිමටම දාලයි තිබුනේ. ඒත් එක්සත් ජාතික පක්ෂය බිම දාන්න බැහැ. හරියටම බැලුම් බෝලේ වගේ උඩට එනවා. එක්සත් ජාතික පක්ෂය කියන්නේ කිසිම කෙනෙකුට බිම දාන්න බැරි පක්ෂයක්. ඩී.එස්. සේනානායක මහත්තයා මේ පක්ෂය හදලා තියෙන්නේ 
වෙලාව බලලා, නිල බලලා. ඒ නිසා මොන යකා ගැහුවත් එක්සත් ජාතික පක්ෂය නැගිටිනවා.
 
මෛත්‍රීපාල මහත්තයා ගැහුවත් මේ පක්ෂය නැගිටිනවා. ඒක මතක තියා ගන්න.
 
2010 මැතිවරණය එනස කොට ප්‍රභාගරන් මැරිලා. වල පල්ලේ ඉඳලත් ප්‍රභාගරන් තීන්දු කලා මේ රටේ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව යුද්ධය කියලා. ඒ මැතිවරණයත් අපි පරාදයි.
 
ප්‍රභාකරන් අපිට කරන හානිය නැති වුනහම ඔලුව උස්සා ගන්න හම්භ වුණේ 2015 දී.  
 
අපිට ආණ්ඩුවේ තියෙන්නේ අරික්කාලයි. ඒ අරික්කාලටත් දැන් ගහන්න පටන් අරගෙන. හැබැයි කිසිම කෙනෙකුට එක්සත් ජාතික පක්ෂය වට්ටන්න පුළුවන් කමක් නැහැ. අපි පස්සට ගිය කාලේ ඉවරයි. මොන යකා ගැහුවත් එක්සත් ජාතික පක්ෂය ආයෙත් කිසිම දවසක පස්සට යන්නේ නෑ.  
 
වත්මන් ජනාධිපතිතුමා  ඔය තනතුරට ආවේ අපේ කර පිටින්.දැන් එතුමා අපෙන් අහන්නේ නැතිව අවුරුදු 06 ක් ඉන්න පුළුවන්ද අහනවා. එතුමා දේශපාලනය කරනවා. අගමැති තුමා රට හදනවා. ඒකයි වෙනස වී ඇත්තේ.‘

 



අදහස් (3)

ජනපති දේශපාලනය කරද්දී අගමැති රට හදනවා - සුජීව

wijesundera france Tuesday, 16 January 2018 09:25 PM

හරියටම හරි! බැලුම් බෝලයක් වගේ පිම්බෙනවා. ඒ වගේම හුළං යනවා ! අායෙත් පිම්බෙනවා.. අයෙත් යනවා. අඩුම ගානේ වාතයටවත් ප්‍රයෝජනයක් තියෙනවා නම් මොකද?

:       6       3

Rohana Sunday, 21 January 2018 02:55 PM

ජනපති දේශපාලනය කරද්දී අනෙක් අය රට කනවා. දූෂිත දේසපාලකයින් සමග ජනාධිපතිතුමාට ඉදිරියට ගමන් කල හැකිද?

:       12       55

ගොම Wednesday, 31 January 2018 05:43 AM

අපිත් යහපාලනයට තමයි ඡන්දෙ දුන්නේ. හොරු අල්ලනවා කියලා ඇවිත් හොරකම් කරලා මෛත්‍රී මහත්තයාට බනින්න එපා. යහපාලනේ කෑවා. නිකම් බබා වෙන්න එපා සුජීව මහත්තයෝ.. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි.. හොරුන්ට දඬුවම් දීලා.. යහපාලනේ රැක ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 207 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 978 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2322 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site