IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආණ්ඩුව ඉවරයි - හිටපු ජනපති මහින්ද කියයි

(අමරදාස සිල්වා, පානදුර  සමන් කාරියවසම් සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දේශීය සිනමාවේ හා නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් පියවර ගන්නා බවට දහසක් පොරොන්දු දෙමින් පසුගිය මහ මැතිවරණයේදී වත්මන් පාලකයින් කලාකරුවා සමග ඇතිකරගත් සම්මුතීන් එකින් එක බිඳ දමමින් අද කලාකරුවා  අතරමං කර දමා ඇතැයි හිටපු ජනාධිපති  මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

නිදහස් කලා සන්ධානයේ නව සාමාජික  සාමාජිකාවන්ට හැඳුනුම්පත් ලබාදීම නිමිත්තෙන් පානදුර වයිට් සෙවන් හෝටලයේදී ඉකුත් 14 වැනිදා සවස පැවති උත්සවයේදී ඒ මහතා එසේ කීය.

තවදුරටත් අදහස් දක්වමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද පැවසීය.

2005 සිට 2015 දක්වා පැවති යුගය කලාකරුවන්ට ස්වර්ණමය යුගයක් උදා කළා. අපි ඒක අවිවාදයෙන්ම පිළිඅරගන්න ඕන. 2105 ජනවාරි 8 වැනිදා මේ රටේ සල්ලිවලට මොක වුණේ. 9 වැනිදාත් ඒ සල්ලි තිබුණා.

ඔවුන්ගේ අදුරදර්ශි දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ගිහිල්ලා මා තුළින් ඔවුන් මගේ පිට උඩින් දාලා රාජපක්‍ෂ රෙජිමය කරන වැඩක්, මෙයා ණය ගත්තු හින්දා තමයි අපිට වැඩක් කරන්න බැරි කියලා කියන්නට පටන් ගත්තා. හැම එකටම අපේ යුගයට අත දික්කරලා ඒකෙන් බේරෙන්න හදනවා.

 එදා ඔබ වැඩිදෙනා සියයට අනූවක්ම අපට සහය දුන්නා. එදා වේදිකාවට නැගලා ගමක් ගෙයක් ගානේ ගිහිල්ලා මහන්සිවෙලා වැඩකළා. ඒ මැතිවණයේදීත් වැඩ කළා.

 ඒ මැතිවරණය සම්පූර්ණයෙන්ම මෙහෙයවන්න සිදුවුණේ මට. මම පැත්තකට වෙලා ඉන්න හදනකොට අපේ එකාබද්ධ විපක්‍ෂයේ ඉන්න නායකයෝ මාව හමුවෙලා ඉල්ලීම් කළ පසුවත් මා එක්කම ඇතිවෙච්ච වෙනත් බලපෑම් මතත් අපට ගහනකොටත් අපට සිදුවුණා වේදිකාවට එන්න. එදා තමුන්නාසේලාගේ සහයෝගය අරගෙන අපි ආසන අනූහයක් ගන්න කොට කකුලෙන් ඇද්දෙ කවුද කියලා තමුන්නාසේලාට අමුතුවෙන් කියන්න ඕන නැහැ. එදා අපි ලබාගත්තු ජයග්‍රහණ දියාරු කළා. අපේ ප්‍රතිපත්ති සියල්ල එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තිවලට පාවා දුන්නා. අපට සිදුවුණේ අප ලබාගත්තු ජයග්‍රහණය පැරදුන ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු සංඛ්‍යාවත් පැරදිච්ච එජාපයේ ඇමැතිකම් අරගෙන අද කටයුතු කරන කිහිප දෙනා අතර බෙදන්න. මම හිතන්නේ දහයක් හෝ දොළහක්. අලුත් සංස්කෘතියක් ඇතිකළා. පැරදෙන අයටත් පාර්ලිමේන්තු යන ක්‍රමවේදයක් හදලා තිබුණා.

 අද ඔවුන් තමයි අපට උඩ පැන පැන පහර දෙන්නේ. ඔවුන්ගේ අයිතිවාසිකම් රැකගන්න බලය රැකගන්න පහසුම ක්‍රමය වෙලා තියෙන්නේ අපෙන් පළිගන්න එක. මේ අයත් අද පිළිඅරගෙන ඉවරයි මේ රජය පිරිහිලා ඉවරයි කියලා. මම දැක්කා කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිතුමා කියලා තියෙනවා තමුසෙලාට නම් ප්‍රශ්නයක් නැහැ මටයි මගේ පවුලට තමයි ප්‍රශ්නෙ කියලා.

රනිල්ට සුරතල් වෙලා ඉඳගෙන රනිල්ට සර් කියන්න අවසර ඉල්ලා ගත්ත උදවිය දැන් අපට චෝදනා කරනවා අපි රනිල් එක්ක ඩීල් දානවා කියලා.

එම ඩීල්වල ප්‍රතිඵලය තමයි එක පුතෙක් දවස් හතළිස් හයක් රිමාන්ඞ් එකේ. අනිත් පුතා සුමානයක් හිරේ. එක මල්ලි කෙනෙක් මාස තුනක් හිරේ. අනෙක් පවුලේ සැමදෙනාටම නඩු දාලා.

 ඒ විතරක් නොවෙයි අපට දේශපාලන වෘත්තියෙන් උදවු කළ සැම දෙනාටම විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට, ජයන්ත සමරවීරලාව අධිකරණයට ගෙනිහිල්ලා හිරේ දාන්න පියවර අරගෙන. මේ පලිගැනීම් සිදුකරන්නේ ඔවුන්ට වැඩ බැරි හින්දා. මේ පලිගැනීම් සැමදාකම කරන්න බැහැ. සංවර්ධනය නැතිකරලා ජනතාවට තලා පෙලා බදු අයකරලා ඇති කරන විගඩම නැවැත්වීමට කාලය ඇවිල්ලා.

 අද පුවත්පත්වලට ලිවීමට නිදහස නැහැ. විශ්වවිද්‍යාල සිසුන්ට නිදහස නැතිකරලා. කලාකරුවන්ට නිදහස නැහැ.
අද මෙතන සිටින කලාකරුවෝ කී දෙනෙකුට රූපවාහිනිය තහනම් කරලා තියෙනවද? ඔවුන් රඟපාන නාට්‍ය කීයක් ගලවල තියෙනවද? රජයේ රූපවාහිනි දෙකෙන්ම පලිගැනීම් සිදුකරලා. මම දන්නවා එම කලාකරුවන් රඟපෑ නාට්‍ය අතරමගදී නැවැත්වීමට සිදුවූ බව. මේක තමයි යහපාලන පලිගැනීම. අපි එදා මෙහෙම කළේ නැහැ. අපිට විරුද්ධ බව දැන දැනත්  විසි එක්දෙනෙකුට නොවෙයි විසිහතරකම ඔවුන්ගේ කණ්ඩායමට අපි ටිකට් අරගෙන දුන්නා.  අපිට තිබුණ ඕනනම් නවත්වන්න. පලිගන්න. අපි ඊට වඩා පුළුල් විදියට සිතුවේ. මේ රජය පුරුදුවිය යුතුයි කලාකරුවන්ගෙන් පලිනොගෙන රූපවාහිනියේද, ස්වාධීන රූපවාහිනියේද නිදහසේ ඔවුන්ගේ වෘත්තීය කරගෙන යාමට නිදහස අයිතිය තියෙන්න ඕනෑ. මේකෙන් පෙනී යන්නේ මේ රජය රටේ සෑම කොටසකටම පහර දෙමින් යන බවයි. හැබැයි දුන්නු පොරොන්දු එහෙම නොවෙයි.

මිනිස්සු අපෙන් ඉල්ලුවේ මේ රට අපට නිදහස් කරලා දෙන්න කියලා. රටට සාමය ගේන්න, ජාතීන් අතරට සංහිඳියාව ගේන්න, පාසලට දරුවෝ ටික ගෙනියන්න ජීවත්වීමේ අයිතිය අප ලබා දුන්නා.

අද සංහිඳියාව ගැන කතා කරමින් සමහරු ජාතිවාදය පතුරුවමින් කතාවට පමණයි සංහිඳියාව.

අපට වඩා දේශපාලනය කලාකරුවන්ට දැනෙනවා. කලාකරුවා ගොඩක් ජනතාවගේ හදවත්වලට කිට්ටුයි.

ඔබට වගකීමක් තියෙනවා දුක්විඳින ජනතාව වෙනුවෙන් පෙරට ඇවිල්ලා කටයුතු කරන්න. අද මේ නිදහස් කලා සංගමයේ කටයුතු අප අගය කරනවා. ශක්තිමත්ව අපි ඉදිරියට යන්න ඕන. ජනතාවට සංවේදී වන මාර්ගයක් ඇති කරන්න ඕන.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා:- මෙරට සිනමාකරුවන්ට සහ වේදිකා නාට්‍යකරුවන්ට මහින්ද රාජපක්ෂ රජය මගින් ලබාදී තිබූ බදු සහන අපි නැවත නැවතත් සිහිපත් කළ යුතුව තිබෙනවා. සිනමා ශාලා ඉදිකරන්නට, ප්‍රතිසංස්කරණය කරන්නට විශාල වශයෙන් බදු සහන ලබාදී තිබුණා. ඉතා අමාරුවෙන් වේදිකා ගත කෙරෙන නාට්‍ය නිර්මාණවලටත් ලබාදී තිබූ බදු සහන මේ රජය ඉදිරිපත් කර තිබෙන දේශීය ආදායම් බදු සහන මගින් කිසිම අනුකම්පාවක් නැතුව බදු පනවා තිබෙනවා.

ජීවිත කාලයම රටට සේවය කර ගෙදර යන අවස්ථාවේදී ලබාගන්නා සේවක අර්ථ සාධක අරමුදලින් පවා මේ ආණ්ඩුව කිසිම ලැජ්ජාවකින් තොරව බදු ගන්නට තීරණය කර තිබෙනවා. මේ බදු පනතට එරෙහිව අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙන බව කිව යුතුයි.

මේ රජය බලයට පත්කරන්නට වේදිකාවේ මොරදුන් ධර්මසිරි බණ්ඩාරනායකලාට, සෝමරත්න දිසානායකලාට, පරාක්‍රම නිරිඇල්ලලාට අද අපි කියන්නේ කලාකරුවන්ගේ නිර්මාණවලට බදු සහන ඉල්ලා නැවත වේදිකාවට නගින හැටියටයි. අද රජය කරන්නේ රටේ ප්‍රගතිය වෙනුවෙන් කතා කරන සියලුම දෙනාට එලව එලවා පහරදීම විතරයි. මෙයින් පැහැදිලි වෙන්නේ රජුන් පිස්සෝ වෙලා පිස්සෝ රජුන් බවට පත්වී සිටින බවයි.

නිදහස් කලා සන්ධානයේ ලේකම් නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන මහතා:- කලාකරුවන් ඉතාම සුළු පිරිසක් පසුගිය මහා මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් බිහිකරන්න ලොකු බලාපොරොත්තුවකින් සහාය දැක්වුවත් අද සියල්ල සුන්වී නැවතත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට සහයෝගයක් දක්වන්න එක්වී සිටීම අපට විශාල සතුටක් වගේම ජයග්‍රහණයක්. මෙන්න මේ කලාකරුවන් පිරිස ඔබතුමා සමග සිටින බව සහතික කිරීමටයි මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා හැටියට ඔබතුමාට ආරාධනා කර සිටියේ.

විදේශ ටෙලිනාට්‍යවලින් අය කරන විශාල බදු මුදලේ වාසියත් ලැබෙන්නේ මේ රජයට. ඒ ආකාරයට මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සිනමා සහ ටෙලි නාට්‍ය කලාවේ දියුණුව වෙනුවෙන් ඇති කළ සිනමා ගම්මානයත් අද මේ ආණ්ඩුව මගින් පෞද්ගලික කරන්නට සූදානම් වී සිටිනවා. කලාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ සුබසාධන කටයුතු මේ ආණ්ඩුව මගින් සම්පූර්ණයෙන්ම අත්හිටුවලයි තියෙන්නේ. එල්ෆින්ස්ටන් රඟහල, ජෝන් ද සිල්වා සමරු රඟහල ආදියත් අද පෞද්ගලික අංශයට විකිණීමට රජය තීරණය කරලා ඉවරයි. මේ අපරාධය දැක දැකත් ධර්මසිරි බණ්ඩාරනායකලා, පරාක්‍රම නිරිඇල්ලලා නිහඬව සිටීම ගැනයි අපට පුදුම.
කලාකරුවන් ලබන විශාලම සහනය තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති විසින් තිස් අවුරුදු යුද්ධය නිමා කිරීම. එහි කෘතවේදීත්වය දැක්වීමට අද සියලුම කලාකරුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග සම්මුතියකට එළැඹී සිටිනවා. එම සම්මුතිය තමයි මේ රට නිදහස් කරගත් කලාකරුවාට ආදරය කරන මහින්ද රාජපක්ෂ මහතාට නැවත වතාවක් මේ රට බාරදීමට ක්‍රියා කිරීම.

නිදහස් කලා සන්ධානයේ සභාපති සිනමාවේදී සුදත් රෝහණ මහතා:- නිදහස් කලා සන්ධානයේ මෙම උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට පමණක් ආරාධනා කළේ ඔවුන් සියලු දෙනාම මව්බිමට ආදරය කරන දෑහිතකාමී පිරිසක් නිසා බව මා ප්‍රසිද්ධියේම කියා සිටිනවා.

වෙනසක් කිරීමේ අපේක්ෂාවෙන් පොදු අපේක්ෂකයා සමග ගිවිසුම්ගත වූ කලාකරුවන් අද අපේ ඉදිරිපිටම නිරුවත් වී ඉවත්වී සිටින බව අපට පෙනෙනවා. රජය කලාකරුවන්ට මෙතරම් බදු බර එල්ල කරද්දිත් ඒ පිරිස නිහඬව සිටියත් දේශීය කලාවට ආදරය කරන අපට ගොළුවන් සේ නිහඬව සිටීමට පුළුවන්කමක් නැහැ.

කලාවට ආදරය කරන කලාකරුවන්ට කන්දෙන ආණ්ඩුවක් අද නැහැ. එම නිසා නිදහස් කලා සන්ධානයේ මතය සමාජ ගත කරන්නට ඒකාබද්ධ විපක්ෂයේ සහාය අප බලාපොරොත්තු වෙනවා. ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි ජයග්‍රහණයට පූර්ණ සහාය දෙන්නට අපි සූදානම්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා:- මෙහිදී මට හැඟීගියේ මේ රටේ කලාකරුවන්ට ඒකාබද්ධ විපක්ෂය ගැන ලොකු විශ්වාසයක් තිබෙන බවයි. එම නිසා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් කලාකරුවන්ටත් හොඳ පණිවිඩයක් දෙන්නට මම කැමතියි. මේ වසර අවසන් වන විට ඒකාබද්ධ විපක්ෂයේ රජයක් පිහිටුවන බවට මා වගකීමෙන් කියා සිටිනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා:- රණසිංහ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වූ වේලාවේ කියා සිටියා තමන් ගෙවල් හැදූ බව. තමන් මහවැලිය හැදූ බව ගාමිණී දිසානායක මහතා කියා සිටියා. පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා කීවේ තමන් යුද්ධය ජයගෙන රටට නිදහස ලබාදුන් බවයි. ඒ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කීවේ මොකක්ද? අනේ මට මොකක්වත් කරගන්න බැරිවුණානේ කියලයි.
මෙවන් මානසිකත්වයක් තිබෙන වර්තමාන ජනාධිපතිගෙන් කුමන බලාපොරොත්තුවක්ද ඇත්තේ. මෙන්න මේ නිසා කලාකරුවන් මහින්ද රාජපක්ෂ සමග එක්වී සිටින්නේ.

නව සම සමාජ පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර මහතා නිදහස් කලා සන්ධානයට සුභ පැතුම් එක්කරමින් මෙසේ පැවසීය.

කලාකරුවන්ගේ නිර්මාණ තුළ ඇත්තේ ජනතාව අත්විඳින සිද්ධීන් මාලාවක්. එවන් කතිකාවකට සිත යොමු කරන කලාකරුවාට අපේ උත්තමාචාරය පුද කර සිටිනවා.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා:- අපි මහින්ද රාජපක්ෂ මහතා හඳුන්වන්නේ ජාතියේ හදවතේ සිටින ජනපති මහින්ද රාජපක්ෂ බවයි. ජනතාවගේ හදගැස්ම හඳුනන කලාකරුවාට එතුමා විශාල ශක්තියක් නිසයි අද මේ ආකාරයට එතුමා වටා සියලුම කලාකරුවන් රැස්වී සිටින්නේ.

රෝහණ බැද්දගේ, අනුෂා දමයන්ති, ගාමිණී අම්බලන්ගොඩ, ප්‍රියනාත් රත්නායක ශිල්පීහු ගායනා ඉදිරිපත් කළහ.

නිදහස් කලා සන්ධානයේ සාමාජිකත්වය ලබාගත් කලාකරුවන් සඳහා වන හැඳුනුම්පත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි. මෙම උත්සවයට අනුග්‍රහය දැක්වූ වයිට් සෙවන් අධිපති සුනිල් සිල්වා මහතාටද මහින්ද රාජපක්ෂ මහතා අතින් විශේෂ තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මහාචාර්ය ජී.එල්. පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියල් නිශාන්ත, ගාමිණී ලොකුගේ, ජයන්ත සමරවීර, විදුර වික්‍රමනායක හා රියර් අද්මිරාල් සරත් වීරසේකර යන මහත්වරුන් ඇතුළු කලාකරුවෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (3)

ආණ්ඩුව ඉවරයි - හිටපු ජනපති මහින්ද කියයි

shan saudi Monday, 17 July 2017 08:09 AM

එ්ත් අලුත් ආණ්ඩුවේ අගමැති වෙන එක සිහිනයක් පමණයි.

:       408       484

මම1 Monday, 17 July 2017 01:32 PM

මම අගමැති කළොත් මගේ ළමයි හිරේ යන්නේ නැහැ. අපේ කාලේ ජනාධිපතිවරු හත් දෙනෙක් හිටියා. දැන් එක්කෙනයි. ඔයගොල්ලන් තව ටිකක් කඩේ යන්න. ඒ කාලේ වගේ ආණ්ඩුවේ වාහන, පඩි ලබලා දෙන්නම්...

:       72       124

shakthi Tuesday, 18 July 2017 04:14 AM

පචෝරිස් ගේ ජීවිකාව

:       2       7

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 191 4

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1185 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 969 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2319 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2166 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site