IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


අලියා ලකුණට එරෙහි වෙන්න කිසිවකුට හැකියාවක් නෑ

හිටපු ඇමැති - එජාප මන්ත්‍රී  වජිර අබේවර්ධන  

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය දිනෙන් දින ගිනියම් වෙමින් තිබේ. අර්බුදය කෙසේ අවසන් වේවි ද? මේ ඒ සම්බන්ධයෙන් හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාවකි.  


ප්‍රශ්නය:- ඔබ නියෝජනය කරන රනිල් පාර්ශ්වය ඡන්දය ඉල්ලන්නේ මොන ලකුණෙන් ද?  


පිළිතුර:- රනිල් පාර්ශ්ව - සජිත් පාර්ශ්ව කියලා අපේ පක්ෂයේ පාර්ශ්ව නෑ. එක්සත් ජාතික පක්ෂය විතරයි තියෙන්නේ. පක්ෂය තුළ විවිධ මත තියෙන අය තමන්ගේ මත ප්‍රකාශ කිරීම තුළ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පළපුරුදු කෘතහස්ත දේශපාලන නායකයෙක් හැටියට එක්සත් ජාතික පක්ෂය තුළ කිසිම අවස්ථාවක කල්ලි කණ්ඩායම් හදපු නායකයෙක් නොවෙයි. එතුමා කල්ලි කණ්ඩායම් හැදුවා නම් ඔය අනික් නායකයන් ඔක්කෝටම කලින් මේ පක්ෂයේ නායකත්වය ගන්න තිබුණා. එතුමා කල්ලි හදලා නායකත්වය ලබාගත් කෙනෙකුත් නොවෙයි. එතුමගේ කල්ලියක් කියලා එකකුත් නෑ. එතුමා එක්සත් ජාතික පක්ෂයයි ආරක්ෂා කරන්නේ.  


ප්‍රශ්නය:- නමුත් රනිල් වික්‍රමසිංහ පක්ෂය අරගෙන ගියේ ගජ මිතුරු රෝයල් කල්ලියක් සමඟ බවට තමයි චෝදනාව තියෙන්නේ?  


පිළිතුර:- රණසිංහ ප්‍රේමද‌ාස ජනාධිපතිතුමාට එරෙහිව කල්ලියක් හැදුණ වෙලාවෙත් එතුමා ආරක්ෂා කළේ එක්සත් ජාතික පක්ෂයයි. එතුමා රැකලා දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එතුමා එද‌ා ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා රැකලා නොදෙන්න එද‌ා දෝෂාභියෝගයට ඉදිරිපත් කරලා තිබුණු කරුණු කාරණා විභාගයට ගැනුණා නම් මං හිතන්නේ ප්‍රේමද‌ාස දේශපාලන භූමිකාව බරපතළ බේදවාචකයකට මුහුණ දෙනවා. එවැනි අවස්ථා පසුකරපු පළපුරුද්දක් තියෙන නායකයෙක් හැටියට.... ඒ වගේම මගේ ජීවිතයේ මම දකින මේ පක්ෂයට දෙවැනි වරට බරපතළ තර්ජනයක් එල්ල වුණු අවස්ථාව හැටියටයි මම දකින්නේ. මේ වගේම 90 දශකයේ දී ගාමිණී, ලලිත්, ප්‍රේමචන්ද්‍ර, වීරවන්නි ඇතුළු කණ්ඩායම එද‌ා මේ වගේම ප්‍රශ්නයක් ඇති කළා. ඒ අවස්ථාවේ දී රණසිංහ ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග තවම රනිල් වික්‍රමසිංහ නායකතුමා අරගෙන නෑ.  


ප්‍රශ්නය:-ඒ කියන්නේ සජිත්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියන එක ද?  


පිළිතුර:- ඔව්: එද‌ා රණසිංහ ප්‍රේමද‌ාස ජනාධිපතිතුමා කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 ක් 15 ක් හරි එළියට ද‌ාලා පාක්ෂිකයෝ ලක්ෂ 10 ක් එළියට ගියත් පක්ෂයේ විනයත් පක්ෂයේ ගමන් මගත් ආරක්ෂා කිරීමට පියවර ගත්තා. ඒ නිසා කිසිසේත්ම රනිල් පාර්ශ්ව හෝ සජිත් පාර්ශ්ව කියලා පාර්ශ්ව නෑ. ගජ මිතුරු රෝයල් කල්ලියකුත් නෑ. තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය. සමස්ත පාක්ෂිකයන්ගෙනුත් මම ඉල්ලා සිටින්නේ සියලු දෙනාම පක්ෂයත් පක්ෂ ප්‍රතිපත්තිත් පක්ෂය සකස් වූ ව්‍යූහයක ආරක්ෂා කිරීම සඳහා පියවර ගන්නා ලෙසයි. ඒ අනුව ක්‍රියා කළ යුතුව තිබෙනවා. ඉතිහාසයෙන් මෙවැනි අවස්ථා පැමිණි අවස්ථාවල අපි රැල්ලට, සෙනඟට ක්‍රියා කරන පුද්ගලයොත් නොවෙයි. පක්ෂයකුත් නොවෙයි.  


ප්‍රශ්නය:- මගේ මුල්ම ප්‍රශ්නය වුණේ මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන ලකුණ මොකක් ද කියලයි?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂය දකුණු ආසියාවේ තිබෙන බලසම්පන්න දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලංකාවේ තියෙන පැරැණිතම දේශපාලන පක්ෂයක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘ ඩී.එස්. සේනානායක මැතිතුමා මේ පක්ෂයේ ව්‍යවස්ථාවේ සඳහන් කරනවා, පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අලියා ලකුණ යටතේ කියලා. මේ දක්වා එකම ලකුණක් යටතේ එක දිගටම නියේජනය කරපු එකම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. ලකුණ අලියා. ඒ අලියා ලකුණ මේ රටේ අනාථ වූ විවිධ කුඩා කුඩා අම්බලන්වල හිටපු දේශපාලන කණ්ඩායම්වලටත් පිහිට වූ ලකුණ අලියා. එතකොට අදටත් පාර්ලිමේන්තුවේ වෙන් වී කටයුතු කරන්න උත්සාහ කරන සෑම පුද්ගලයෙක්ම අලියා ලකුණ යටතේ තමයි පාර්ලිමේන්තුවට ආවේ. ඒ නිසා ඒ ලකුණට එරෙහි වෙන්න කිසිවෙකුට හැකියාවක් තියෙනවා කියලා මම හිතන්නේ නෑ.  

ප්‍රශ්නය:- බුලත් කොළයෙන් පාර්ලිමේන්තුවට ගිය සන්ධානය බොහොම කෙටි කාලයකින් පොහොට්ටුව ලකුණ යටතේ ජනාධිපතිවරයෙකුත් පත් කරගෙන දැන් ආණ්ඩුවක් කරනවා. වෙනස් විය යුතු නම් වෙනස් විය යුතුයි කියලා ඔබ හිතන්නේ නැද්ද?  


පිළිතුර:- මහින්ද රාජපක්ෂ භූමිකාව කවුරුහරි ආරූඨ කර ගත්තොත් ඔහු දේශපාලන කනත්තටයි යන්නේ. මහින්ද රාජපක්ෂ කියන්නේ තිස් අවුරුදු යුද්ධයක් නිමා කරපු නායකයෙක්. අපේ පක්ෂයත්, මේ රට කරපු හැම ආණ්ඩුවක්මත් විවිධ විදියට මර්දනය කරමින් තිබුණු ව්‍යාපාරයක්. අවසන් කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක හරියට ග්‍රීස් ගහේ කොඩිය ගත්ත පුද්ගලයා වගෙයි. හැමෝම ග්‍රීස් ගා ගන්නවා. හැබැයි කොඩිය ගන්නේ එක්කෙනයි. ඒ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒ නිසා ඒක සුවිශේෂ අවස්ථාවක්. එතැන පොහොට්ටුව නොවෙයි ලකුණ මහින්ද. ඒ මහින්ද ලකුණ හැදෙන්න අවුරුදු 50 ක් ගියා. දවසක දෙකක භූමිකාවක් නොවෙයි. පනස් අවුරුද්දක ව්‍යායාමයක්. එවැනි ව්‍යාපාරයක් මේ සියවසේ නැවත බිහිවෙන්නේ නෑ.  

ප්‍රශ්නය:- පක්ෂය තුළ කල්ලි නෑ කියලා ඔබ කිව්වත් සජිත් පාර්ශ්වය කියනවා අලියා ලකුණ දෙනවා නම් ලේකම්කමත් අවශ්‍යයි කියලා ?  


පිළිතුර:- මෙහෙමයි. සීනුව වෙන පක්ෂවලට දෙන්නේ නෑ. සන්ධාන ගත වුණත්. අත ලකුණ වෙනත් පක්ෂවලට දෙන්නේ නෑ. අලියා ලකුණ පමණයි ලංකාවේ පාර්ලිමේන්තුවේ එක දිගටම නියෝජනය කරපු ලකුණ. ඒ නිසා දිය නොහැකි දෙයක් ඉල්ලීම නිෂ්ඵල ක්‍රියාවක්.  


ප්‍රශ්නය:-බද‌ාද‌ා තිබුණ පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම සජිත් පාර්ශ්වය වර්ජනය කළා? ඒ තමයි පිපුරුම?  


පිළිතුර:- මං හිතන්නේ කේන්ති ආවම, වෛරය ආවම සාමකාමී කරුණු නොපෙනී යනවා. ඒකම ලලිත්ට, ගාමිණීට, ප්‍රේමචන්ද්‍රට, වීරවන්නි ඒ කණ්ඩායමට වුණා. නමුත් ඔවුන් අවසානයේ දේශපාලන ගමන අවසන් කළේ මහ ගෙදරින්. එක එක්කෙනාගේ මනුෂ්‍ය ජීවිත වෙනස්. ඒ ජීවිතවල දරා ගැනීමේ හැකියාව වෙනස්. ඔවුන්ට දරා ගැනීමේ හැකියාව අඩු වුණාම තමන්ගේ මතය පතුරුවා ගන්නත් බැරිවුණාම තමන්ගේ මතයට සමාජ පිළිගැනීමක් නැහැයි කියලා දැණුනම වෙන් වෙලා ගිහින් බලනවා තමන්ගේ මතයට මොකක් හරි වටිනාකමක් ගන්න පුළුවන් ද කියලා. මං හිතන්නේ අවසානයේ ඔය සියලු දෙනාම අපි එකට සිටිය යුතුයි. වෙන් නොවිය යුතුයි. එකට ක්‍රියාකළ යුතුයි. කෙසේ හෝ අවසාන තත්ත්පරය දක්වා අපි සැලසුම් කරලා තියෙන්නේ. ඒ අයට ඕනෑම වෙලාවක එන්න. ඒ වෙනුවෙන් දොර විවර කරලා තියෙන්නේ. ඒ අයට ඕනෑම වෙලාවක එන්න පුළුවන්. හෙටම ආවොත් හොඳයි කියලා මම හිතනවා. හෙට නාවත් මතු දිනයක මේ සියලු දෙනාම එක්සත් ජාතික පක්ෂය ඉදිරිපිට දණ නමනු ඇත.  


ප්‍රශ්නය:-සජිත් පාර්ශ්වය වෙනම නාම යෝජනා කැඳවනවා. ඔබලා සිරිකොතේ නාම යෝජනා කැඳවනවා. මෙහෙම කරන්නේ වෙනම යන්න ?  


පිළිතුර:- එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලයට සජිත් ප්‍රේමද‌ාස ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නායකයන් නම් කරලා තියෙනවා. අපි ඒ අනුව ක්‍රියා කරගෙන යනවා.  


ප්‍රශ්නය:-සජිත්ලා ආවේ නැත්නම් ?  


පිළිතුර:- එහෙම නාවොත් උසාවියේදී පැමිණිල්ල හෝ විත්තිය නොපැමිණියහොත් එක්ස් පාටි නඩු අහන්න පුළුවන්. ඒක පාර්ශ්වීය නඩු තීන්දුවලට යන්න වෙනවා.  


ප්‍රශ්නය:-ඔබේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාතිශය බහුතරය ඉන්නෙත් සජිත් එක්ක?  


පිළිතුර:- බහුතරය ඉන්නවා නම් තමන් කැමැති ලකුණ ජයග්‍රහණය කරගන්න පුළුවන්නේ. නමුත් එහෙම තත්ත්වයක් නෑ.  


ප්‍රශ්නය:- ඔවුන් කියනවා පක්ෂයේ ව්‍යවස්ථාව අනුව නායකයා ඉවත් කරන්න නම් එක්කෝ ඔහු ඉල්ලා අස්විය යුතුයි. එහෙම නැත්නම් නායකයා මිය යා යුතුයි කියලා. සජිත්ලා මෙහෙම කැරැලි ගහන්නේ වෙන විකල්පයක් නැති නිසයි?  


පිළිතුර:- මට කියන්න ඔය කියන විදියට නායකයෝ වෙනස් කරපු පක්ෂයක් තියෙනව ද කියලා. එහෙම පක්ෂ ලංකාවෙත් නෑ. ආසියාවෙත් නෑ. ලෝකෙත් නෑ. නායකත්වය කියන්නේ වෙනස් කාරණයක්.  

ප්‍රශ්නය:-නමුත් පාක්ෂිකයා ඉල්ලන්නේ සජිත්ව?  


පිළිතුර:- එහෙම කතාවක් කියපු නිසානේ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළේ. නමුත් එය එසේ නොවන බව ප්‍රතිඵලවලින් පේනවනේ.  


ප්‍රශ්නය:-සජිත් පාර්ශ්වය නම් කියන්නේ රනිල් පාර්ශ්වය කකුලෙන් ඇද්ද‌ා කියලයි?  


පිළිතුර:- ඒවා ඉතින් විහිළු කතානේ. කවුද තංගල්ලේ දී හම්බන්තොට දී කකුලෙන් ඇද්දේ? බොරු කතා ඒවා.  

ප්‍රශ්නය:- දෙකට බෙදිලා ගියොත් මොකක් වෙයි ද?  


පිළිතුර:- බෙදෙන්නේ නෑ එකමුතුවම තමයි යන්නේ.  

ප්‍රශ්නය:- මටනම් එහෙම දෙයක් පේන්න නෑ?  


පිළිතුර:- ඊයේ පෙරේදීත් නායකතුමා නව යෝජනාවක් ඉදිරිපත් කළා. අපි හොඳට මතක තබාගත යුතු කාරණයක් තමයි. සන්ධානයක ව්‍යවස්ථාවක කියන්නේ වෙනම එකක්. පක්ෂයක ව්‍යවස්ථාව කියන්නේ වෙනම එකක්. නමුත් සජිත්ලා දැන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාවක්. එතකොට ඒ පක්ෂයේ සාමාජිකත්වය ගන්න මට නම් බෑ. මම දන් නෑ අනික් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට පුළුවන් ද කියලා. මම නම් ගන්නේ නෑ. එතකොට ඒ පක්ෂයේ සාමාජිකත්වය ගත්තාම අනික් පක්ෂයෙ සාමාජිකත්වය අහෝසි වෙනවා. එවැනි තැනකට අපිට යන්න බෑ. නමුත් බලනවා තවදුරටත් රනිල් වික්‍රමසිංහ නායකතුමා අපි, පක්ෂ ගොඩක් එකතු කරගන්නවනේ. ඔය කියන පක්ෂයත් එතකොට අපේ සන්ධානයට එකතු කරගන්න පුළුවන්.  


ප්‍රශ්නය:- එක්සත් ජාතික පෙරමුණත් එක්ක හිටපු පක්ෂ ඉන්නෙත් සජිත් එක්ක?  


පිළිතුර:- එහෙම හිතන්න අමාරුයි. යම් යම් කොටස් එතැනට යයි. තව කොටස් එළියට එයි.  


ප්‍රශ්නය:-රනිල් වික්‍රමසිංහගේ ගජ මිතුරන් බොහෝ දෙනෙක් දැන් ඉන්නේ සජිත් එක්ක. ලක්ෂ්මන් කිරිඇල්ල වගේ ඔබේ පාර්ශ්වයේ හිටපු යෝධයෙකුත් සජිත් ළඟට ගියා?  


පිළිතුර:- ඔව්. ඉතින් එතුමාට ඒක කරන්න පුළුවන්කම ඇති. එතුමාට දේශපාලන පක්ෂ මාරු කිරීමේ වැදගත් ඉතිහාසයක් තියෙනවා. නමුත් අපි වගේ අයට එහෙම පක්ෂ මාරු කිරීමේ ඉතිහාසයකුත් නෑ. එහෙම කරන්නත් බෑ.  


ප්‍රශ්නය:-මේ මැතිවරණය ඉතාම තීරණාත්මකයි. පොහොට්ටුව තුනෙන් දෙකක බලයක් ඉල්ලනවා. ප්‍රධාන විපක්ෂය කුළල් කා ගන්නවා. වාසිය යන්නේ පොහොට්ටුවටයි.  


පිළිතුර:- රටේ ජනතාව මතක තබාගත යුතු කාරණය තමයි දැනටමත් තියෙන පීඩනය අප්‍රේල් 25 වැනිද‌ායින් පස්සේ තව තවත් වැඩි වෙනවා. බඩු මිල අහස උසට යෑමට නියමිතයි. මෙම බිහිසුණු තත්ත්වයට ජනතාව සමබර රජයක් පිහිටුවා ගත යුතුයි. ජනාධිපති එක පක්ෂයටත් පාර්ලිමේන්තු බලය තවත් පක්ෂයකටත් යා යුතුයි. ඒ නිසා මම හිතනවා මේ පාරත් බැලන්ස් ආණ්ඩුවක් බිහිවෙයි කියලා.  


ප්‍රශ්නය:-සජිත් පාර්ශ්වයේ තේමා පාඨයත් ‘ගෝඨාභය ජනපති - සජිත් අගමැති’ කියලයි. ඔබත් එකඟ ද ඒ තේමාවට?  


පිළිතුර:- ඒක මම නම් දන්නේ නෑ. ඒක එතුමාගෙන් අහන්න ඕනැ.  

ප්‍රශ්නය:-ඔබ ඉන්නේ කොයි මොහොතක හරි සජිත් පාර්ශ්වය රනිල් පාර්ශ්වය ඉදිරිපිට දණ නමයි කියන ස්ථාවරයේ.  


පිළිතුර:- මතු දිනෙක... හෙට උදේ හිස නොනැමුවත් අනිවාර්යෙන්ම හිස නමලා තමයි අවසන් වෙන්නේ.  

 

 සාකච්ඡා කළේ  
 ප්‍රසන්න සංජීව තෙන්නකෝන්   

 



අදහස් (0)

අලියා ලකුණට එරෙහි වෙන්න කිසිවකුට හැකියාවක් නෑ

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 208 5

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1190 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 980 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2323 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2169 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3694 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site