විනීතා එම් ගමගේ
මොනරාගල දිස්ත‍්‍රික්කයේ ස්ථාන කිහිපයක අපේක්ෂකයන් විසින් ඡන්ද දායකයන් ගේ විදුලි බිල් හා ජල බිල් ගෙවීමේ සිද්ධින් රාශියක් පිළිබඳ තම නිරික්ෂකයන් නිරීක්ෂණය කර ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
මේ සම්බන්ධව පැමිණිලි කිහිපයකුත් ලැබී ඇතැයි පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය.
එමෙන්ම ඡන්ද පත‍්‍රිකා සහ හැඳුනුම්පත් මුදලට ගැනීමේ ව්‍යාපාරයක් බේරුවලින් වාර්තා වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. හැඳුනුම්පතක් හා ඡන්ද පත‍්‍රිකාවක් සඳහා රුපියල් 2500 බැගින් ගෙවා ඇති සිද්ධියක් පිළිබඳව තම නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ඔහු පැවැසුවේය. මැතිරවණයෙන් පසු එම හැඳුනුම්පත් ආපසු ලබා දීමට පොරොන්දු වී ඇති බවත් ඡන්ද පත‍්‍රිකා අන්සතු කිරීම සිර දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, එසේ යම් අපේක්ෂකයෙකු ඡන්ද පත‍්‍රිකා ලබා ගත් බව ඔප්පු වුවහොත් ඔහු දිනුවත් ආසනය අහිමි වන බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වා දුන්නේය.
මේ අතර නුවරඑළියේ අපේක්ෂකයින් මත්පැන් දන්සැල් පවත්වන බව නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ද දිවයිනේ බොහෝ පළාත්වලින් මෙවැනි දන්සැල් පැවැත්වෙන බව වාර්තා වී ඇතැයි ද හෙතෙම පැවැසීය.
මෙසේ නීති විරෝධී ලෙස අල්ලස් ලබා දෙන අපේක්ෂකයන් ජය ගත හොත් ඔවුන් නීතියට අනුකූලව කටයුතු කරනු ඇතැයි සිතිය නොහැකි බැවින් එවැන්නන්ට ඡන්දය දීමට පෙර දෙවරක් සිතා බලන්නැයි ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු තව දුරටත් ප‍්‍රකාශ කළේය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මොණරාගල අපේක්ෂකයෝ ඡන්ද දායකයන්ගේ බිල් ගෙවති
sampath Monday, 05 February 2018 08:25 AM
මොන නීති දැම්මත් රිංගන්න දක්ෂයි. අනෙක ඔය මොනවා කලත් ජන්දේ දෙන අය දෙන්නේ තමාට කැමති කෙනාට පුද්ගලික හේතු මත එක අපේක්ෂකයෙක් ඡන්දේ ගැන කරලා එද්දී මනාප 30 තිබුණලු... ගෙදර 70ක් විතර කීම කනවලු. ඉතින් එතුමා කිව්වලු 30ක් ඉතුරු වෙද්දී අනෙක් අය යන්න කියලා.... ඇත්ත මේකයි.