(විනීතා එම්. ගමගේ)
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප‍්‍රකාශ කළේය.
ඔවුන්ගෙන ප‍්‍රතිඥාවක් ගනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට එකඟව එම ප‍්‍රතිපත්තිවලට බැඳී දේශපාලනය කරන බවට යැයි ද අමාත්‍යවරයා කීය.
නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා ලබන 26 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී මැතිවරණ වැඩපිළිවෙළ එළි දැක්වීමට බලාපොරොත්තු වන බව ද පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන බව කී ඇමැතිවරයා...." අනේ මගේ කට තමයි.
පළමුව ප‍්‍රතිඥාව යන වචනයේ නියම අරුත ඔය ඉන්න හැත්ත බුරුත්තම දැනගැනීම වඩාත් යෝග්‍ය වනු ඇත. එසේ නොමැතිව මෙය තවත් එක් විහිළුවන් වනු ඇත.
ප්‍රතිඥාවේ දී තහනම් වචන ආප්ප සහ පිහිය කියලයි ආරංචිය.
පොරොන්දු වූ පරිදි පක්ෂ පාට නොබලා රට ගැන හිතන්න . දුෂිතයන් ඇසුරු නොකරන්න, ඔබට පිං. ශ්‍රී ලංකාව ගැන හිතුවොත් ජය .
හැබැයි, පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයන් සියලූ දෙනා ලබන 29 වැනිදා කොළඹට ගෙන්වා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ප‍්‍රතිඥාවක් ගැනීමට කටයුතු කරන බැවින් එම රැස්වීමේදී ගොරව ගොරවා නිදාගැනීම තහනම්.
මම කොන්ත්‍රාත් වලින් ගසා කන්නේ නැත. වාහන අවභාවිතා කරන්නේ නැත. මම පරාවල් වලින් ගසා කන්නේ නැත. මම සල්ලිවලට පක්ෂ මාරුකරන්නේ නැත. ලැබෙන දීමනා මුදලින් පමණක් ජීවත් වෙමි. පුදුමයි එත් ඇත්තද? .