(ඩබ්.ඒ.පියතිලක)
මැදිරිගිරිය ප‍්‍රාදේශිය සභාවට තරග වැදුණු මහ අඹගස්වැව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු අතර අද (11) අලුයම හටගත් ගැටුමක් දැඩි වෙහෙසක් දරා මර්දනය කළ බවත් ගැටුමෙන් තුවාල ලබා තිදෙනකු මැදිරිගිරිය මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් මැදිරිගිරිය පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා මැදිරිගිරිය මුලික රෝහලේ ප‍්‍රතිකාර ලබන්නේ ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාගේ බිරිඳ.දියණියක සහ පුතාය.
මේ පිළිබද මැදිරිගිරිය හිගුරක්ගොඩ පළාත බාර සහකාර පොලිස් අධිකාරි තිස්ස ලාල් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ පරික්ෂා කිරිම සදහා පොලිස්පතිවරයාගේ සහ ඉහළ නිලධාරින්ගේ උපදෙස් පරිදි මේ වන විට විශේෂ පොලිස් කාණ්ඩායමක් පත්කර පරික්ෂණ ආරම්භ කර තිබෙන බවයි.
පරික්ෂණ අනුව වැරදිකරුවන් තරාතිරිම නොබලා ගත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd