පොහොට්ටුවේ ඇත්ත ඡන්ද ප‍්‍රතිශතය 40%යි.
පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති සැබැ ඡන්ද ප‍්‍රතිශතය 40% ක් බවත් ඇතැම් මාධ්‍ය ආයතන මගින් ප‍්‍රකාශ කළ පළාත් පාලන ආයතනවල ජාතික ප‍්‍රතිශත ගණනයන් වැරදි ඇති බවත් ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර සිටියි.
අමාත්‍යවරයාගේ නිවේදනයට අනුව
පොදුජන පෙරමුණේ සැබෑ ජාතික ප්රතිශතය : 40.66% ක් බවත් එය මාධ්‍ය ආයතනවලට අනුව : 44.65% වු බවද
එජාපයේ ජාතික ප්රතිශතය : 29.40% ක් බවත් මාධ්‍ය ආයතනවලට අනුව : 32.63% ක් වු බවත් ශ‍්‍රිලනිප හා එජනිස ප‍්‍රතිශතය : 12.38% උවද එය මාධ්‍ය ආයතනවලට අනුව : 13.38% ක් ලෙස දක්වා ඇති බවද සඳහන් කර තිබේ.
ජවිපෙ ප‍්‍රතිශතය : 5.8% උවද මාධ්‍ය ආයතනවලට අනුව : 6.27% ක් උබවද සඳහන් කර ඇත.
නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන්වේ.
ජනවාරි 8 ජනවරම හා ආණ්ඩුවේ අනාගතය.
මෙහිදී වැදගත් වන්නේ ආණ්ඩු හැදීමට කතා කරනා මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් වීමයි.
මේ අනුව ගත් කළ එජාප හා ජනාධිපතිතුමාගේ ශ‍්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.
මේ අනුව තවමත් 2015 ජනවාරි 08 ජනවරමෙන් ජනතාව ඈත්වී නැති බව පැහැදිලිය. දැන් අවශ්‍යව ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙක එකතු කරන කඩිනම් ජාතික වැඩපිළිවෙලක් හා සෙසු සහායක පක්ෂවලට ගැටුම් ඇති නොවන ක‍්‍රියාමාර්ග ගැනීමය. යනුවෙනි.
- 044
COMMENTS
කටුස්සා කියන්නේ නිකන්ද? හැමදාම වාසි පැත්තට හෝයිය කියලා තමන්ගේ බඩ පුරවා ගන්න හරි දක්ෂයි.
හරි හරි ඔයාලා තමයි දිණුම් ..මහින්දට ඇප නැහැ ..සතුටුයි නේ
ඔය ගණන් හිලව් නෙමෙයි පරදින්ට හේතු හොයන්න. මිනිස්සුන්ට වැඩක් නැහැ ඔය ඉලක්කම් .ඔලුවෙන් හිටගෙන කතා කෙරුවත් පරාදයි තමා.
ඉතින් හංසයා ලකුණ යටතේ ඉල්ලුවේ නැත්තේ ඇයි?
මේ මිනිසුන්ට වැඩිය මිදී වල්ලට උඩ පැනපු නරිය හොදයි.ඒ නරිය මිදී ඇබුල් කියල යන්න ගියා.එත් ම නරි එක රසයි කියා කියා එතනම ඉන්නවා.ඉදිරියේදී අපි ඔය මිදී වැල කපල දානවා.එතකොට කන හැටි බලමුකෝ?
මේ වගේ සුළු දෙයක් හරියට තේරුම් ගන්න බැරි කෙනෙකුගෙන් කොහොමද මහකොළඹ සැලසුමක් බලාපොරොත්තු වෙන්නේ ? මෙයා කියන විදියට ඔක්කොම පක්ෂවල ඡන්ද ප්‍රතිශතය අඩුවෙනවා. එතකොට කොහොමද සියයට සීය (100%) හැදෙන්නේ ? මහජනතාවගේ සල්ලි නිකරුනේ විනාස කරනවා. මෙයාගේ සැලසුමට අනුව රුපියල් බිලියන 50,000 ක් ඕනෙලු. රජය හතරගාතෙන් වැටිලා වාහන දීපුවට සහ හොරකම් කරපුවට. බිලියන 50,000 ක් තියා 500ක් සොයාගන්න පුළුවන් කමක් නැහැ.
පොහොට්ටුවට අපේ පැත්තේ යුඑන්පී කට්ටිය ඡන්දෙ දුන්නේ මෙහෙ ඉන්න යුඑන්පී ඇමතිතුමාගේ ක්‍රියා පිළිවෙත් ප්‍රතික්ෂේප කරලා මිසක්, යුඑන්පිය ගැන කලකිරිලාවත් පොහොට්ටුව ගැන පැහැදිලවත් නොවෙයි. මහා මැතිවරණයකදී මේ කට්ටිය නැවත ඡන්දෙ දෙන්නේ යුඑන්පියටම තමයි. එතකොට 40% තවත් පහලට යනවා.
මොහුගේ දේශපාලන ගමන ජවිපෙ >හෙළ උරුමය > එජාපෙ. සමාජ වාදයෙන් පටන් ගත් මෙයා දේශපාලන කුණු බක්කියට වැටෙන දවස වැඩි ඈතක නොවේ
දැන් ජාතික හෙළ උරුමයට රට පුරාම ඡන්ද 2000ක් වත් නැහැ. පාටලී දැන් නිකං පාරේ ඇවිදිනවා වගෙය් අපිට පෙනෙන්නේ,
සිත නිවන කතා.
කණ පැලෙන්න වැදුණට පස්සේ තමයි හොරට හරි ගණන් හිලව් මතක්වෙන්නේ... ඊළඟ ඡන්දෙදි බලමු ඔය ප්‍රතිශතය කොහොමද එන්නේ කියලා?
මේවට කොහෙන් හිනාවෙන්නද..? පාටලී දැන් හරි විහිළු කාරයෙක් වෙලානේ.. පොහොට්ටුවෙන් දීපු කණේ පාරට තාම මෙයා හීනෙන් බයවෙලා නැගිටිනවද කොහෙද...? හරි ඔයා හිතාගෙන ඉන්නේ මහින්දට 40% කියලා ඔයා දිනුම් කියලනේ.. ඔයා එන්නකෝ ඊළඟ ඡන්දෙට.. අපි ඔයාලා වගේ අයට කළගුණ සලකන්න අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ.. පාටලී ඔයා දැන් ඔය ගණන් එකතු කරන්න මහන්සි වෙන්න එපා.. අපි ඔයාට හරියටම ගාණ හදලා දෙන්නම්..
දේශපාලුවන්ට වැඩිය හොඳට ජනතාවට ගණන් තේරෙන බව නොදන්නවා ඇති.
මෙයා මුළු රටම කුණක් ගද ගස්සන වැඩ තමයි කරන්නේ . දැන් හොද නාඩගම් කාරයෙක් රටට නැති නිසා තමයි අපට නාඩගම් පෙන්නන්නේ , පාච, රණවක කියන්නේ නිකම් නොවෙයිනේ .දැන් ගණන් හදල වැඩක් නෑ. එන පාර චන්දෙදි අපි ඔයාට මාස හයකින් විතර ගණන් හදල කියන්න සලස්වන්නම් කෝ . දැන්ගණන් හදන්න මහන්සි නොවී ඉන්න , නරියත් මිදී කඩා ගන්න උඩ පැනල බැරි උනාම මොකක්ද කියුවේ , ඒ වගේ තමා
අපිට පාඨලීගේ කථා අහන්න ඕන නෑ. අනික එයා කවුද. අපේ සල්ලිවලින් පිං පඩි ගන්න කෙනෙක්නේ......... ඔයත් ඉල්ලලා බලන්න මොකද වෙන්නේ කියලා . දියවන්නාවේ 225 හිතන් ඉන්නේ උන් උම්බෑ ගානකොට අපිත් උමිබෑ කියන්න ඕන කියල. අපේ රටට වින කරන්නනේ ඔහේලා......
හෙළ උරුමයේ ඡන්ද ප්‍රතිශතය ගැන මෙයා කියන්නේ නැනේ.