(උපාලි ආනන්ද)
බීමත්ව රිය පැදවූ බවට නොච්චියාගම පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද මෙවර පළාත් පාලන මැතිවරණට තරග වදින අපේක්ෂකයකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ තඹුත්තේගම මහේස්ත‍්‍රාත් චමිලා නදීෂානි මහත්මිය ඔහුට රුපියල් 20000ක දඩයක් නියම කළාය.
ඊට අමතරව සැකකාර මැතිවරණ අපේක්ෂාකයාගේ රියදුරු බලපත‍්‍රය මාස තුනකට අත් හිටුවීමටද මහේස්ත‍්‍රාත්වරිය තවදුරටත් නියෝග කළාය.
මෙසේ දඩ නියම කෙරුණේ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට නොච්චියාගම ප‍්‍රාදේශීය සභාව සඳහා තරග වදින අපේක්ෂකයකු වන ටිකිරි බංඩාගේ ජයනන්ද දිසානායක නමැත්තාටය.
මෙම සැකකාර මැතිවරණ අපේක්ෂකයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔහුගේ මැතිවරණ පෝස්ටර් අලවන බවට ලද තොරතුරකට අනුව නොච්චියාගම පොලිසියේ නිලධාරීන් කන්ඩායමක් ගොස් පරික්ෂා කළ අවස්ථාවේ දී බීමත්ව සිටියදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් අලවමින් සිටි ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නොච්චියාගම ප‍්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයකුට සහ ඔහුගේ ආධාරකරුවන් දෙදෙනකුට මේ මස 23 වැනිදා තඹුත්තේගම මහ්ස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කරමින් මහේස්ත‍්‍රාත්වරිය නොතීසි නිකුත් කළාය.
නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාර
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට
පාතාල සාමාජිකයෙකු වන ‘වැල්ලේ සාරංග’ නැමැත්තා රුපියල් ලක්ෂ 15 ට අධික අයිස් මත්ද්‍රව්‍ය හා හොරොයින් සමග අද(09) මෝදර රොක්හවුස් පටුමග ප‍්‍රදේශයේදී අත්අඩංගු
ඩුබායි හි හෝටලයක පැවති උපන්දින සාදයක් අතරතුර මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග එරට පොලිස් අත්අඩංගුවට ගෙන සිට පිටුවහල් කිරීමෙන් පසු කටුනායක ගුවන් තොට
හෙරොයින් මත්කුඩු පැකට් 36ක් සමඟ අඹුසැමි යුවළක් ගල්කිස්සේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින පාතාල නායක මාකඳුරේ මධුෂ් නැමැත්තා මේ සතිය ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පී
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බීමතින් රිය පැදවූ පොහොට්ටුවේ අපේක්ෂකයකුට දඩ
Sathyayaa Saturday, 13 January 2018 07:42 AM
මේක හරියට මහකෙනා හිටගෙන සුළුදිය දානකොට පොඩි අයත් දුවදුවා ඒ වැඩේ කරනවලු. අනේ වාසනාවන් රටට අවශ්‍ය වන්නේ මේ වගේ හරක් වුණාට කුඹුරක් හාන්න වත් දාන්න බැහැ.