IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ෂාෆිගේ සිද්ධියට කුරුණෑගල උප පොලිස්පතිගෙන් පැය 8 ක් ප්‍රකාශගනී

(නිමන්ති රණසිංහ)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඩ් ෂාෆි මහතාගේ සිද්ධියට අදාළව කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 8ක පමණ කාලයක් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (21) පැවසීය.

වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළව මෙන්ම, එම වෛද්‍යවරයාගේ වත්කම් පිළිබද නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ පරික්ෂණ සම්බන්ධයෙන් මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකර ඇතැයි ද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මංකොල්ලකෑම් විමර්ශන අංශය කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් පැය අටකට අධික වේලාවක් මෙම ප‍්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර, තවදුරටත් ප‍්‍රකාශ සටහන් කර ගත යුතු වුවහොත් නැවත කැදවනු ලබන බව ද ඔහු වෙත දැනුම් දී තිබේ.

 



අදහස් (3)

ෂාෆිගේ සිද්ධියට කුරුණෑගල උප පොලිස්පතිගෙන් පැය 8 ක් ප්‍රකාශගනී

chandima Friday, 21 June 2019 03:13 PM

අම්මපා? දවලට කන්න බුරියානි ගෙනාවේ පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන්ද?

:       5       44

සේන Friday, 21 June 2019 09:05 PM

මෙව්ව කියෙව්වම අපේ පපු කැවුතු පත්තු වෙනවා. ර⁣ටේ මොන විගඩමක් වෙනවද කියලා හිතා ගන්න බෑ. දේශපාලනය මේ ර⁣ට නැත්ත⁣ටම නැති කරලා

:       0       0

රවින් Saturday, 22 June 2019 12:26 AM

ඔං ලංකාව තවත් වාර්තාවක් තිබ්බා. නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රසව හා නාරිවේදය ගැන වෙන්නැති ප්‍රශ්න කලේ? යම්කෙනෙකු අසීමිත ධනයක් කෙටි කලකදී හොයනකොට හා බුද්ධි තොරතුරු ලැබෙනකොට යම් යම් අකටයුතු දේවල් බල ප්‍රදේශය තුල සිදුවෙන බවට ඒ ගැන ක්‍රියා නොකර සිටීමයි ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැතිනම් අර දේශපාලුවෝ ටික කලා වගේ තමන්ගේ ඇඟ බේරාගෙන ගෙදරට වෙලා ඉන්න එකද? ඊට පස්සේ තමන් නෑර මුළු ලෝකයම වැරදියි කියන එකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 57 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 26 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 317 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 522 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 294 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 251 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site