IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අමාත්‍යංශ වියදම් සියයට 15 කින් කපාහරින්න උපදෙස්

අජන්ත කුමාර අගලකඩ

 

සියලුම අමාත්‍යංශවල ප්‍රාග්ධන වියදම් 15% කින් කපා හරින ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඒ බව දන්වමින් මුදල් අමාත්‍යංශය සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් ද නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් මීට සති දෙකකට පමණ ඉහතදී මුදල් අමාත්‍යංශයට කැඳවා මේ ගැන දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

රජයේ අපේක්ෂිත ආදායම අඩුවීම පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් සමඟ ආර්ථිකයට ඇතිව තිබෙන බලපෑම් ආදිය සැළකිල්ලට ගනිමින් මෙම ප්‍රාග්ධන වියදම් කප්පාදුව සිදුකර ඇති බවද වාර්තා වේ.

මේ අතර ඉකුත් වසරවල අමාත්‍යංශවල හිඟ බිල්පත් රුපියල් කෝටි 10,000 ක් පමණ ගෙවීමට ඉතිරිව ඇති බවද මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

 



අදහස් (7)

අමාත්‍යංශ වියදම් සියයට 15 කින් කපාහරින්න උපදෙස්

Raveendra Wednesday, 19 June 2019 01:56 AM

අමාත්‍යංශ වල වියදම 15% නොව ඊට වඩා අඩුකලයුතුයි අනවශ්‍ය වියදම්. විශේෂයෙන් දේශපාලුවන්ගේ එක එක උත්සව වියදම් ආදිය. එමෙන්ම බදුගෙවන පුරවැසියන් වන අප දියවන්නාඔයේ 225 සියලුම වියදම් කපා හැරීමට " 225 ටම උපදෙස් නොව නියෝග කරනවා "..

:       0       75

thilakasiri Wednesday, 19 June 2019 04:54 AM

අමාත්‍යංශ වල පමණක් නොවයි 225 දෙනාගේම අනවශ්‍ය වියදම් කපාහැර අන්.ඇම් කළා වගේ පාර්ලිමේන්තුවේ කන බොන දේවලුත් යම් පාලනයක් කර පිඩිත කන්න නැතුව මැරෙණ අසරණයින්ට හා පාස්කු ඉරිදා සිදුවීමෙන් අසරණවී සිටින පිරිසට සහන සලසුවොත් හොද නැත්ද? රටේ බහුතරය මෙසේ අසරණ වී සිටියදී ඔවුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවේ ඉන්න 225යි මහා ධනපති ව්‍යාපාරිකයෝ ටිකයි යම් පරිත්‍යාගයක් කිරීම මිනිස්කම නොවනේද?

:       0       13

Mahee Wednesday, 19 June 2019 05:35 AM

ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන්ට වෙන්කළ මුදල් ටික නම් කපා හරියි, හැබැයි, මං කොල්ල කන්න තියෙන ව්‍යාපෘති ප්‍රාග්ධන වියදම් නම් මේ කපේදී කැපෙන්නේ නෑ. මධ්‍යම අදි වේගී මාර්ගයෙන් ගසා කාල තියෙන හැටි විගණකාධිපති ඇහැට ඇඟිල්ලෙන් ඇනලම පේන්න දීල තිබුනේ.

:       0       78

Hafeel Wednesday, 19 June 2019 07:59 AM

දකුණු අතින් දීල වම් අතින් ගන්න වගේ වැඩ. දැන් මෙහෙම කිව්වට, පසුව මේ සේරම පරිපූරක ඇස්තමේතුවක් දාල ගනීවි. මේක තමයි මෙච්චර කල් වුණෙත්.

:       0       0

muditha Wednesday, 19 June 2019 08:12 AM

වියදම් කපන්න ආණ්ඩුවක් ඕනෙද? වෙන විකල්ප නැද්ද? උපදේශකයෝ කියා පඩි ගන්න අය මොකද කියන්නේ? ප්‍රාග්ධන වියදම් අඩු කළාම කොහොමද ආර්ථික වර්ධන වේගය තියාගන්නේ?

:       0       4

Dingiri Wednesday, 19 June 2019 09:39 AM

මේක අලුත් දෙයක් නෙමේ හැම අවුරුද්දකම වාගේ ජුනි /ජුලි මාසේ ප්‍රාග්ධන වියදමෙන් 15% කපාහරින්න කියල මු. අමාත්‍යංශය අනිකුත් අමාත්‍යංශය වලට දැනුම් දෙනවා.

:       0       13

Soma dubayi Wednesday, 19 June 2019 12:45 PM

යහපාලන රජය ආර්ථිකය දියුණු කළා..... අතමිට සරු කළා...... 2025 සංවර්ධිත දියුණු රටක් බවට පත් කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 78 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 141 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 371 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 544 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 226 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 473 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site