(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරයකු පත්වූ විට ඔහුට පක්‍ෂ නායකත්වය හිමි විය යුතුය යන වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් මේ වන විට ඉවත් කර පවතී.
ඉහත වගන්තිය එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉවත් කරනු ලැබුවේ වර්ෂ 1994 දීය. එවකට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණි අතුකෝරල මහතා විසින් පෙන්වා දෙනු ලැබූ වැදගත් කරුණක් පදනම් කරගනිමින් ඉහත වගන්තිය ඉවත් කිරීමට පියවර ගත් බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේය.
එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයේ සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දිවයිනේ කුමන ප්‍රදේශයකින් හෝ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගනු ලැබුවේ නම් ඇයට එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය පිරිනැමීමට සිදුවන බව එවකට සිටි මහ ලේකම් ගාමිණි අතුකෝරල මහතා පෙන්වා දෙනු ලැබීය.
ඉහත නීතිමය කරුණු සැළකීමට ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඔහු පක්‍ෂ නායකත්වයට පත්විය යුතු යැයි යන වගන්තිය 1994 වසරේදීම ඉවත් කිරීමට පියවර ගැනිණි.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’ජනපති වූවාට එජාපයේ නායකත්වය ලැබෙන්නේ නෑ’
ආන්ජලෝ නුගාරා Thursday, 12 September 2019 09:52 AM
මෙම විස්තරය සජිත්ට දැනගැනීමටයි. ඕනෑ නම් විලියම් ගොපල්ලව කෙනෙක් විය හැකියි.
Prabha Thursday, 12 September 2019 10:34 AM
කොහොමත් නායකත්වය ලබන්න නම් රනිල් වික්‍රමසිංහ යනකම්ම බලන් ඉන්න වෙයි.
Hafeel Thursday, 12 September 2019 12:26 PM
මේ ලෝකය අවසන් වෙනතුරු ඔහු තමයි පක්ෂයේ නායකයා...
Kamal Perera Thursday, 12 September 2019 11:09 AM
1994දී කරපු දේටත් බනින්න රනිල්ට...
samThursday, 12 September 2019 12:16 PM
1994දි රනිල් තමයි පක්ෂ නායකයා වෙලා හිටියේ විජේතුංග යනකොට... එයා ජනාධිපතිකමට ඉල්ලන්න ඉන්නකොට ගාමිණි දිසානායක ආපහු ආවා. ඔහු මියගියාම ඔහුගේ මැතිණියව අපේක්ෂකත්වයට දැම්මා. නවීන්ගෙන් අහන්න...
lalithm Thursday, 12 September 2019 11:09 AM
ජනපතිකම තියෙනවා නම් එජාපෙ නායකකම බම්බුවකටද? විලියම් ගොපල්ලව වුණත් ලෝකය දන්නේ ජනපති වුණු හින්දනේ. එජාපෙ නායකයා කියලා ලෝක ඉතිහාසේ ලියවෙන්නේ නැහැ නේද?
[email protected] Thursday, 12 September 2019 11:22 AM
අදාල නෑනේ... ජනාධිපති වෙන්නේ නෑනේ...
Dilip Thursday, 12 September 2019 11:24 AM
පක්ෂයේ වෙනස් වීම පාක්ෂිකයින් දැනගත යුතුයි.
Hafeel Thursday, 12 September 2019 12:32 PM
මේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂය. ඒ විධායක බලතලෙන් වැඩියෙන්ම බැට කෑවෙත් ඔවුන් තමයි. ප්‍රේමදාසගෙන් පසු ඔවුන්ට තාම ජනාධිපති කෙනෙක් පත් කරගන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ රනිල් ගෙනාපු පක්ෂ ව්‍යවස්ථාවත්. අතුකෝරලත් රනිල්ගේ ලණුව කාලා ඇති.