IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් රජ වීමට උත්සහ කරනවානම් රටට අත්වෙන සෙතක් නෑ‘‘

(චමිල් රූපසිංහ)

යම් පුද්ගලයෙක් ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් මානව හිමිකම් කුඩු පට්ටම් කරමින් මමත්වය රජ කරවීමට උත්සහ කරනවා නම් රටට අත්වන සෙතක් නැතැයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සංවිධානත්වයෙන් වත්තේගම නගර මධ්‍යයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මාතෘ භූමියේ සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ ධනබලයක් පවුල් බලයක් නොමැති සාමාන්‍යය ජනතාවක් බවත් මේ රටේ සාමාන්‍ය ජනතාව විශාල ගැටලු වලින් ජීවිතය ගත කරන බවත් ස්වශක්තියෙන්,ස්වෝත්සාහයෙන් අධිෂ්ඨානය ඇතිව ජීවන ගමන අමාරුවෙන් මොවුන් ගෙනයන බවත් දරුමල්ලෝ පෝෂණය කරගනිමින් ජීවන ගමනේ ප්‍රගතියක් ලබා ගැනීමේ අවස්ථාව එනකන් ලක්ෂ ගණනින් දශලක්ෂ ගණනින් ජනතාව බලාපොරොත්තු තබා ගෙන ඉන්නා බවත් සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

ජනතාවට නව ආලෝකයක් නව බලාපොරොත්තුවක් ලබා දෙන්නට තමන් සූදානම් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තනතුරු ලැබුණ ද තමන් වෙනස් නොවන බවත් එදත් අදත් ලබන මාසේ 16 වැනිදා ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත් පසුවත් ජනතාවගේ  පයට පෑගෙන දූවිල්ලටත් වැඩියෙන් නිහතමානීව පොදු ජනතාව රජ කරවන බවත් ඔහු පැවැසීය.

එහිදි අදහස් දැක්වු ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කිය.

     ‘‘මෙම මැතිවරණ කොට්ඨාසයේ බහුතරයක් ජනතාව සුළු අපනයන බෝග වගාවෙන් ජීවත් වෙනවා.ගම්මිරිස් ඇතුළු සුළු අපනයන බෝග වගාව මෙහි හොඳින් සිදු කෙරෙනවා.ඒ සඳහා හොඳ මිලක් නොමැතිව බොහෝ දෙනෙකු අසරණ භාවයට පත්ව සිටිනවා.මම ජනපති ධූරයට පත්වන 16 වන දිනට පසුදින ගම්මිරිස් ප්‍රතිඅපනයනය මුළු රටේම තහනම් කරනවා ගම්මිරිස් මෙන්ම සෙසු සුළු අපනයන බෝග වගාකරුවන්ට අලුත් රජය යටතේ හොඳ කලක් උදා කර දෙනවා.

     රණවිරුවන් පාවාදී තමන්ගෙත් සහෝදරයාගෙති ඇග බේරා ගැනීමට කටයුතු කරන කාඩ්බෝඩ් දේශප්‍රේමියෙක් ජනපති පුටුවට ඔසවා තබන්නට මේ රටේ බුද්ධිමත් ජනතාව කිසිදු අයුරකින් තීරණය කරලා නෑ.ප්‍රතිවාදී අපේක්ෂකයාගේ දුර්වලතා සඟවමින් ඔහු ඔසවා තබන්නට ඇතැම් මාධ්‍යය කොපමණ උත්සහ කළත් ජනතාවගේ හදවත හඳුනන පොඩි මිනිසාට සලකන පොදුජනතාවගේ ජනපති ලෙස ජනතා ආශිර්වාදයෙන් ජනපති පුටුවට යාම කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි.‘‘ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා එහිදී සඳහන් කළේය.

 

 



අදහස් (0)

‘‘ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින් රජ වීමට උත්සහ කරනවානම් රටට අත්වෙන සෙතක් නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1003 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 399 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site