(නිමල කොඩිතුවක්කු)
තරඟකාරී ආර්ථිකයක් ඇති කිරීමේදී සමාජ අසාධාරණ සිදුවීම ජයගත යුතු විශාලතම අභියෝගය බවට පත්ව ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී පැවැසීය.
එබැවින් තරඟකාරී ආර්ථිකයක් සමඟ සමාජ සේවා කටයුතු වෙනුවෙන්ද රජය විශාල අවධානයක් යොමුකර ඇතැයිද අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද(22) පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනයේ උපාධි සහ ඩිප්ලොමා ප‍්‍රදානෝත්සවයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.
‘‘ සමාජය දියුණු වෙන්න දියුණු වෙන්න සමාජයේ එක් එක් අංශයට සහයෝගය, උපදෙස් සහ සත්කාර අවශ්‍යයි. කවුද ඒක ලබා දෙන්නේ කියන ගැටලුව දැන් තියෙනවා. පැරණි ලංකාවේ ඒ පිළිබඳව සොයා බලන්න පවුල් ජාලය කියන වැඩසටහනක් තිබුණා. පවුලේ ඔක්කොම එකට හිටියා. කවුරු හරි අනෙක් කෙනාව බලා ගත්තා. දැන් පවුල් ජාලය නැහැ. එක්කෙනෙක් ඩුබායිවල, අනික් කෙනා කොරියාවේ. කවුද මේවා බලාගන්නේ.
මේ හැම කෙනාටම ඉස්සෙල්ලම තියෙන්නේ තමන්ගේ දරුවන් ගැන බලා ගන්නයි. ටියුෂන් පන්තිවලට යවන්න, වෙනත් නැටුම් පන්තිවලට යවන්න, තමන්ගේ ආහාරවේල බලා ගන්න තියෙනවා. වෙන එකක් තියා දැන් දවල්ට එළියෙන් කනවා.
මේ ක‍්‍රමවේදය ඉස්සෙල්ලා උසස් පන්තිවල තිබුණා. ඒක දැන් සෑම සමාජ කණ්ඩායමකටම පැතිර යනවා. මේ කණ්ඩායම පිළිබඳව අපේ අවධානය වැඩි වෙන්න, වැඩි වෙන්න ඒ සඳහා විශේෂඥ දැනුම අවශ්‍යයි.
අපේ ණය ගෙවන්න ආණ්ඩුවක් විදියට අපි විශාල මුදලක් යොදවන්න තිබෙනවා. මේ ණය ගෙවන්න බැරි තත්වයක තිබුණේ. ඒ ණය ගෙවන්න පුළුවන් තත්වයක් තිබුණා නම් එදා 2014දි ජනාධිපතිවරණය තියන්නේ නැහැ.
අපි මේ වසරේදී පමණක් ඩොලර් මිලියන 5,900ක් ගෙවන්න ඕන. අපේ ආදායමේ විශාල කොටසක් එතෙන්ට ගිහින් තියෙනවා. තව කොටසක් ගිහින් තියෙනවා රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න.
මේ ඉතුරු සල්ලිවලින් අපි අවධානය යොමු කළේ සමාජ අංශය ගැනයි. මේ අවුරුදු කිහිපයේදි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් යෙදුවා. අධ්‍යාපනය අවුරුදු 13ක් අනිවාර්ය කළා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළා. පුහුණු ගුරුවරු වැඩිපුර යෙදුවා, වැඩිපුර විද්‍යාපීඨ ඇති කළා” යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී පැවැසීය.
(ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
සූත්තර පුංචාගේ මාර සොයාගැනීම... මේ සොයාගැනීමට නොබෙල් ත්‍යාගයට හාදයාගේ නම යෝජනා කළ යුතුමයි.
කියලා වැඩක් නැහැ රවීන්ද්‍ර.. මේකනම් මාර සොයාගැනීමක්... මොකක් හරි එකකට ඇවිල්ලා කෙප්ප ඇදබාලා යනවා. රට එතනමයි...
ඔබ ඇතුළු ප්‍රධාන ධනේශ්වර පක්ෂ දෙක විසින්ම ක්‍රියාත්මක කරන නව ලිබරල් ආර්ථික ක්‍රමයේ තාර්කික ප්‍රතිඵලය තමා ඒ. මේ කටුක සත්‍ය දැන දැනම තව දුරටත් අපේ රට සමාජ ආර්ථික විෂමතාවයෙන් පිරුණු අසාර්ථක රාජ්‍යයක් කරා ගෙන යන්නේ නැතිව විකල්ප බලවේගයකට බාර දීම තමා එකම විසඳුම.
"ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු." මේ කතාව ඉවත් කොරන්න මේකත් හරියට දැන් හැම එකාටම පාවිච්චි කරන " ඔබතුමා " වගේ කතාවක්. අපි කෙලින් කතා කරමු.
රවින්ද්‍ර යමක් තේරුම් කරලා දුන්නනම් පිළිගන්නවා…. බමුණු තරම් අන්තවාදී නැහැ.
මහමෙරකට වඩා උසයි ජයගත් අභියෝග. ඉතින් මදිද??