(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් ආණ්ඩුවේ හිටපු ඇමැතිවරුන්ගෙන් දෙදෙනෙකු හැර සෙසු පිරිස නිල නිවාස මෙතෙක් ආපසු බාරදී නැතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
හිටපු කැබිනට් ඇමැතිවරුන් ,කැබිනට් නොවන ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් යන කිසිවකුත් සිය නිල නිවාස ආපසු බාර දී නැති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණයත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීම හේතුවෙන් එතෙක් පැවති කැබිනට් මණ්ඩලය අහෝසි විය.
ඒ අනුව වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන් අතර නව ඇමැති මණ්ඩලයක්ද පත් කරනු ලැබීය.
හිටපු අමාත්‍යවරුන් නිල නිවාස ආපසු බාර නොදීම හේතුවෙන් අලුතින් පත්වූ ඇමැතිවරුන්ට නිල නිවාස ලබා දීමට නොහැකි වී ඇති බව නිලධාරියා කීවේය.
මේ අතර හිටපු ඇමැතිවරුන් බොහෝ දෙනෙකු සිය නිල වාහනද මෙතෙක් බාර දී නැති බව වාර්තා වේ.
නිල නිවාස භාරදුන් ඇමැතිවරු දෙදෙනා වන්නේ පාඨලි චම්පික රණවක මහතා සහ රංජිත් මද්දුම බණ්ඩාර මහතාය.
COMMENTS
ඕවගේ වව්ලෝ වගේ එල්ලිලා ඉන්නේ නැතිව දැන් වෙන තිප්පොලක් හොයා ගන්න. අලුත් වව්ලෝ දැන් ළඟදීම එනවා ඕවගේ එල්ලෙන්න.
මේවා පොදු දේපල පනතට නොගැනේද? දෙපැත්තම බෙදාහදාගෙන කෑමද ? කෝ අර කියපු පොරොන්දු වුනු නීතිය? මේ අයව එලවලා පොදු දේපල පනත යටතේ නඩු දමන්න බැරිද ?
මම හිතන්නේ අනිත් හිටපු ඇමතිවරු දුප්පත් අය. අවුරුදු 5 ක් රස්සාව කලාට තමන්ගෙයි කියලා ගෙයක්වත් හදාගත්තේ නැති දුප්පත් අසරණයෝ. තමන්ටයි කියලා වාහනයක්වත් නැති ඒ අය බස් වල යන්න ලැජ්ජා ඇති. ඒ නිසයි ඔය වාහනත් බාරදීලා නැත්තේ. ඒ නිසා මුලින්ම කරන්න ඕනා ඔය කට්ටියගේ, බිරිඳගේ, දරුවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමයි. ඕවා කියා කියා කරන්න හොඳ නැහැ. ඒවා වලත් මුදල් නැතිනම් අනිවාර්යෙන්ම සල්ලි හංගලා කොහේ හරි.
ඔවුන් කොහේ කියලා යන්නද? රටට වැඩ කරමින් සිටියා මිසක් තමන්ට කියලා දෙයක් කරගත්තෙ නෑනේ.
රංජිත් මද්දුම බණ්ඩාර මහතානම් අවංක කෙනෙක් හැටියට තමයි අහලා තියෙන්නේ.
කනෙන් ඇදලා දොට්ට දාන්න......
පසුබට වෙන්න දෙයක් නෑ. නීතිමය පියවර ගන්න. මාස 3 ක් බලාගෙන ඉන්න ඕන නැහැ. බලලෝභීත්වය කියන්නෙ ඕකට තමා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මේ ආණ්ඩුවේ අයටත් එක්ක මේ කියන්නේ.
ඕක අලුත් දෙයක්ද? 2015 ට කලින් ආණ්ඩුවේ මිනිස්සු පරාදවෙලත් අවුරුදු ගානක් හිටියේ නිල නිවාසවල.
ඕක මොකක්ද. ආණ්ඩුව මාරුවෙලා තාම දවස් 14 ක් පහුවුනා විතරයි. හැබැයි සමහර පරණ ඇමතිලා අවුරුද්දකට වැඩිය පරණ නිල නිවාස වල ජිවත් වෙනවාලු . මහජන සේවයට කියලා ගිහිල්ලා මහජනයා සුරාකාලා රීරි මාංශ උරා බිලා ඔය තවත් කයිය ගහන්නේ. .
අලුත් ආණ්ඩුවේ ඇමතිකම් ගන්න බලාන ඉන්නේ
ඔය ඉන්නේ රටේ නීතිය රකින්න බාරගෙන හිටපු මිනිස්සු නේද? තවමත් හදන්නේ අපේ බදුමුදලින් සුර සැප විඳින්න. රටේ නීතියක් සම්මත කරන්න බැරි ඇයි පරාජය වූ දා සිට සතියක් ඇතුලත නිවාසය ආපසු බාර දිය යුතුයි කියල, එදා සිට ප්‍රමාදවන සැම දවසකටම රුපියල් ලක්ෂයක් ගෙවිය යුතුයි කියල? එහෙම නොකරන්නේ ඇයි? දෙගොල්ලම හැමදාම ඔය වැඩේ කළා, කරනවා, ඉදිරියටත් කරනවා. පැරදුනත් මහජන මුදලින් සුර සැප විඳීම දෙගොල්ලම හරි හරියට කරනවා. මේ දෙගොල්ලම එක වල්ලේ පොල් කියන එකට මීට වඩා උදාහරණ ඕනද?
ජනාධිපතිතුමා නගර පිරිසුදු කරනවා වගේ මේ දේශපාලකයන්ගේ කුණු වැඩත් පිරිසිදු කළා නම් නේද හොඳ?
යූ.ඇන්.පී අය පන්නන්න මහඡන්දයෙන් අපි හොඳ තොවිලයක් නටනවා.
යන්නේ නැති අයව බලෙන් එලියට දාන්න. සිවිල් සමාජයේ එහෙම නීති තියෙනවනම්, දේශපාලුවන්ටත් එහෙම වෙන්න ඕනේ නේද?
" ෆිස්කල් නීතිය " යටතේ කනෙන් ඇදලා එලියට දාන්න පුළුවන් නේද ?
ඉතින් ඔහොම තමයි පැරදිච්ච සෝකේ සමරනවා ඇති. ඊළඟපාරවත් මොලේ තියෙන කට්ටියක් ව තෝරාගන්න ...
කාගේවත් නම් වලින් ලියන්නේ තමන්ගේ නමින් ලියලා තමන්ගේ නම ගොඩ නගාගන්න. මොකක්ද ඒ කැත වැඩේ?
ගල්අඟුරු බිස්නස් එකෙන් පරම්පරා 5කට ඇතිවෙන්න එක්කෙනෙක් කොමිස් ගහගත්තා. ඒ මදිවට අර මොකක්ද පොලිස් අමාත්‍යාංශයෙන් ඇතිවෙන්න හොරා කෑවා. ආයේ මොනවටද ගෙවල්...? හැබැයි ගල්අඟුරු කේස් එක තවම තියෙනවා. කූඩුවට යන්න ඉඩ තියෙනවා.