IMG-LOGO

2025 සැප්තැම්බර් මස 05 වන සිකුරාදා


සංචරණ සීමා ජූනි 7 තෙක් දිගටම

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි  දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.

කොරෝනා  මර්ධන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ජංගම අලෙවි සේවා සංවධානය කරන ලෙස දිසාපතිවරුනට හා ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ජනතාවට නිවෙස්වලින් බැහැරට නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය වටපිටාව සකසන්නැයි ද දැනුම් දී ඇත.

 


 



අදහස් (10)

සංචරණ සීමා ජූනි 7 තෙක් දිගටම

sena Friday, 28 May 2021 08:21 AM

පණ්ඩිතයාට ඒ දණ්ඩේ යන්න බැහැලුනේ.., අපේ බක පණ්ඩිතයාට මොකුත් බැහැ වගේ.. 69ට දැන් සනීපද?

:       14       40

මුණසිංහ Friday, 28 May 2021 12:28 PM

ඕකට තමයි මහත්තයා ඉල්ලගෙන කනවා කියන්නේ. ලිහිල් කළාම කට්ටියක් හැසිරුණු හැටි දැක්කා නේද..? එහෙම ඩෙඟා නටලා සර්⁣ පේල් කියනවා. අනෙක සර්ලා නේද වහාම රට වහන්න කිව්වේ? දැන් වැහුවාම කියනවා ඇරපන් කියලා. අපි ඕස්ට්‍රේලියාවට, නවසීලන්තයට සමාන වෙන්න නම් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනෑ. නැතිව අරහෙ මෙහෙමයි කිව්වාට වැඩක් නැහැ..

:       11       3

දොලේවත්තSaturday, 29 May 2021 05:37 AM

අමුඩෙ ගිහින් අමුඩේ හෝදලා වැඩක් නෑ ඕයි...

:       1       1

Kumara Friday, 28 May 2021 08:54 AM

ඔය කියන සංචරණ සීමාව කොහෙද තියෙන්නේ? පාරට බැහැලා බලන්නකෝ කවුද ගෙවල් ඇතුලේ ඉන්නේ කියලා...

:       1       27

මුණසිංහ Friday, 28 May 2021 12:30 PM

ඇත්ත, තමන්ටම හරි තමන්ගේ පවුලේ කෙනෙක් හරි පොසිටිව් වෙනකම් ඕක තේරුම් ගන්නේ නැහැ...

:       3       3

pakeer Friday, 28 May 2021 09:36 AM

අතශවශ්‍ය සේවා කියලා හැමෙෝම පාරේ

:       0       15

KUMARA Friday, 28 May 2021 10:09 AM

ලෝකෙ ඉන්න විනයක් නැති,හැදියාවක් නැති, හික්මීමක් නැති පන්ඩිත ජාතිය කට සංචරන නෙමෙයි මොන සීමා දම්මත් වැඞක් නැ.

:       1       2

kamal Friday, 28 May 2021 10:14 AM

සංචරන සීමා කෙසේ වෙතත් අපේ ගේ ඉස්සරහ පාරෙ ගමේ අය මෝටර් සයිකල් වලින් යනව ඉවරයක් නෑ.

:       0       7

BANDA Friday, 28 May 2021 10:34 AM

ආ... කොහොමද? දැන් සැපද?

:       1       10

නස්නීන් Friday, 28 May 2021 12:37 PM

සංචරණ සීමා කොපමණ කාලයක් ඉවසන්නද? සීමා කාලය වැඩිවන තරමට මහ ජනතාවගේ ආර්ථිකය සහ මානසික සෞඛ්‍ය තත්ත්වය බරපතල ලෙස පහළට යනවා වගේම මෙය කොරෝනාවට වඩා බරපතල දීර්ඝ කාලීන ප්‍රශ්නයක් වේවි...!!!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 404 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16744 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site