කුරුලු රංචුවවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
යානය මොස්කව් නගර ආසන්නයේ ඉරිඟු වගා භූමියකට ගොඩබස්වා ඇති බවත් එම අවස්ථාවේ එහි මගීන් 233දෙනකු සිටි බවත් බලධාරීහු පවසති.
ගුවන්යානයට සැලකියයුතු තරමේ අලාභහානි සිදුවී ඇති අතර එය ධාවනය කළ නොහැකි තත්ත්වයේ පවතින බවත් ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
මොස්කව් නගරයේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ක්‍රිමියාවේ සිම්ෆෙරෝපොල් වෙතගමන් කරමින් සිටියදී යානයට මෙම අනතුර සිදුවී ඇත.
යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදුණු බවත් යානයේ එන්ජිම ක්‍රියා විරහිතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුවූ බවත් ගුවන් නියමුවා පවසයි.
මගීන්ගේ ජීවිත බේරාගැනීමට හැකිවීම ප්‍රාතිහාර්යක් බව මාධ්‍ය වාර්තා කර ඇත.
ගුවන් යානාවල පක්ෂින් ගැටීම බොහෝවිට සිදුවුවද එමගින් ගුවන්යානාවලට අනතුරු සිදුවීම ඉතා කලාතුරකින් සිදුවන්නක් බව ගුවන් බලධාරීහු සඳහන් කරති.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
මත්තල මතක් වුණා...
ඔය හේතුව නිසා තමයි මත්තලට කිසිම ගුවන් යානයක් එන්නේ නැත්තේ... හම්බන්තොට ගුවන් තොටුපලක්, වරායක්, සම්මන්ත්‍රණ ශාලාවක්, නව නගරයක් ආදී සියල්ල නිර්මාණය කලේ ඇඟේ අමාරුවට නොවේ. ඒ වතාවේ දිනුවා නම් ඊළඟ වැඩපිළිවෙල වශයෙන් සැලසුම් කර තිබුනේ අලුතෙන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලක්, රජයේ කාර්යාල ගොඩනැඟිලි, දුම්රිය ස්ථානයක්, මහාමාර්ග නවීන හෝටල්, සාප්පු සංකීර්ණ වගේ දේවල් ගොඩනංවා රටේ අගනුවර හම්බන්තොට බවට පත්කිරීමයි. එ් සමගම අලුතෙන් දළඳා මාලිගාවක් ගොඩනංවා දළඳා වහන්සේත් එතැනට වැඩම්මවන්නයි හිතාගෙන ඉඳල තියෙන්නේ. පුරාණ කාලයේ සිට මහනුවර යුගය දක්වාම රජතුමා සිටි නුවරට දළඳා වහන්සේ වැඩමවීම සිරිතක් නිසා මෙවර ඒ ගොල්ලෝ දිනුවොත් එම චාරිත්‍රය නැවත ඇතිවීමටද බොහෝ දුරට ඉඩ තියෙන බවයි පෙනෙන්නේ. ජයවර්ධන ජනපති වරයාට ජයවර්ධනපුර නමින් අගනුවරක් හදන්න පුළුවන් නම් අපට මොකද බැරි කියලා කියාවි...
ගුවන් නියමුවාගේ දක්ෂතාවය කොතරම්ද... කියලා හිතෙනවා.
කිසිදු ජීවිත හානියක් සිදු නොකර ගුවන් යානය ආරක්ෂිතව ගොඩ බැස්සා වූ පියාසර නිලධාරීන්ට සහ මගීන්ට මාරාන්තික ප්‍රහාර එල්ල නොකළ කුරුළු රෑනට ස්තුතියි...
සමනල පාක්ෂිකයින් සේරම පියාඹලා යන්න ඇති... අනෙක් කට්ටිය බිමට පනින්න ඇති...