(මනෝප‍්‍රිය ගුණසේකර)
පිරිසිදු ජලය ඉල්ලා උද්ඝොෂණය කළ රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ අද (11) නඩු පැවරිණි.
මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතීපතිවරයා, අග්‍ර විනිශ්චකාරවරයාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කිරීමෙන් පසුව නීතීපතිවරයා විසින් මෙලෙස මහාධිකරණයේ නඩු පවරන ලදී.
වසර හයක කාලයකට පෙර රතුපස්වල ප‍්‍රදේශයේදී සාමාන්‍ය වැසියන්ට වෙඩි තබා ඝාතනය කර තවත් පිරිසකට තුවාල සිදුකරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් යුක්තිය ඉෂ්ඨ කිරීම සඳහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීමට අවසර දෙන්නැයි නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීම පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් පත් කරන ලදී.
2013 අගොස්තු මස 01 වැනිදා හෝ ඊට ආසන්න දිනයක වැලිවේරිය රතුපස්වලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව උද්ඝෝෂණයකින් පසුව විසිර යමින් සිටි පිරිසකට පහරදී වෙඩි තැබීම අරමුණු කරගත් නිතී විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් අකිල දිනේෂ්, ශම්ලි රම්සාන් පෙරේරා සහ නිලන්ත පුෂ්පකුමාර නමැත්තන්ට වෙඩි තබා ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා ඇත.
යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකු වන අනුර දේශප‍්‍රිය ගුණවර්ධන, හමුදා සෙබළුන් වන ඩිංගිරි අරුණගේ සිරිසේන, ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න සහ ලලිත් ග්‍රේ නමැත්තන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත යටතේ අධි චෝදනා 94 ක් යටතේ නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
COMMENTS
එතකොට කෝ මේ අපරාධයට හමුදාව එවපු කෙනා? එයාට නීතියක් නැතිද? මේක පුදුම රටක්නේ යකෝ..
ඔවුන්ගේ රාජකාරි නියෝග ඉටු කිරීම හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැත. ඔවුන් මුහුණ දුන් සැබෑ තත්වය අපි නොදනිමු. උද්ඝෝෂණය රැලිය පාලනය කිරීමේදී අවම බලය භාවිතා නොකර ගොනාට ඇඳගත්තා නම් ඔවුන් මෝඩයන්. කෙසේ වුවද දේශපාලකයන්ට, සූදුකාරයන්ට කඩේ ගිහිල්ලා සමහරු හිරේ යන්වා. දේසපාලුවෝ, සූදුකාරයෝ බේරෙනවා.
මේ නඩුගොන්නේම කතානායකයා පච ගොන්නක් කියමින් රටේ බලය පැහැරගන්න මාන බලනවා. මේ කතානායකයා මේ සියලුම අපරාධ සිද්ධිවලට ඝෘජුවම අණ දීලා කියන සාක්ෂි එමට තිබියදීත් අත්අඩංගුවට නොගැනීම මහත් ප්‍රහේලිකාවක්...
උසාවියේදී සියල්ල හෙළිවිය යුතුයි.