IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

(අප්සරා යෝසිත් විජේසූරිය)

ඉකුත් 20 දින නිකුත් කළ පැය 72 රැඳවුම් නියෝගය අනුව පොලිස් භාරයේ රඳවාගෙන සිටි රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා අදාල විමර්ශන සිදුකර අද (22) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මිය විසින් එම සැකකරුවන් ජූනි 03 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් භාරයට පත්වූයේ රත්නපුර නගරයේ මොහොමඞ් නශීර් මොහාමඞ් නෆ්රාත්, මොහොමඞ් ෆවුස් මොහොමඞ් අවුසාන් යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙනෙකු සහ කේ. අනුෂ්ක දිල්ශාන් නැමැති තරුණයෙකි.

මේ සම්බන්ධව අධිකරණය පැය 72 ක රැඳවුම් නියෝග කාලසීමාවක් ලබාදී තිබුණද විමර්ශනවලට අදාළව සැකකරුවන්ගෙන්  ප‍්‍රශ්න කිරීම් අවසන්වීමෙන් පසුව රත්නපුර පොලිසියේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලයනල් මහතා විසින් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ ගාමීණී රත්නායක සහ නීතීඥ ප‍්‍රියංකා ගුණවර්ණසූරිය මහත්මිය කියා සිටියේ සැකකාර තරුණයන් තිදෙනා වෙසක් දිනයට පසුදිනයේ නගරය වර්ණවත් ආලෝකයෙන් අලංකරණයව ඇති දර්ශන ඡායාරූප ගත කිරීමට පල්ලෙකන්ද රක්‍ෂිතයට ගොස් ඡායාරූප ලබාගැනීම සිදුකළත් වෙනත් කිසිඳු අයහපත් අරමුණකින්  ඡායාරූපකරණයක් හෝ වෙනත් ක‍්‍රියාවක් සිදුනොකළ බවයි.

මෙසේ සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ එම නීතීඥ මහත්ම මහත්මීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ත‍්‍රස්ත සංවිධානයකට සම්බන්ධ බවට සනාථවන තොරතුරු නොමැති බැවින් ඇපමත සැකකරුවන් මුදාහරින ලෙසයි.

සැකකරුවන් සතු කැමරා, වීඩියෝ දර්ශන, කැමරා උපාංග සහ ජංගම දුරකථන පිළිබඳ අදාළ අංශවල දත්ත  විශ්ලේෂන වාර්තා කැඳවීමට නියමිත බවත් ඒ තාක්‍ෂණික කරුණුවලට ආදාල විමර්ශන සිදුවන බවත් සැකකරුවන් රිමාන්ඞ් භාරයට පත් කරන ලෙස නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

රත්නපුර නගරය ඡායාරූපගත කළ තරුණයන් තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site