(නිමල කොඩිතුවක්කු)
භික්ෂූන් වහන්සේ රක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ලබන 26 වැනිදා සවස 3.00 ට කොළඹ අරලියගහ මන්දිරයේදී සිදුකිරීමට රජය පියවර ගෙන තිබේ.
දිවයින පුරා වැඩවෙසෙන සියලුම භික්ෂූන් රක්ෂණය කිරීම මෙම වැඩසටහනට සමගාමීව සිදුකෙරෙන බව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඤාණාලෝක හිමියෝ පැවැසූහ.
ලබන 26 වැනිදා සංකේතාත්මකව භික්ෂූන් වහන්සේලා 2000 ක් සඳහා රක්ෂනාවරණ පිරිනමන බවත් පැවසූ උන්වහන්සේ ඉන්පසු දිස්ත‍්‍රික් සහ පළාත් මට්ටමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කරන බවත් පැවැසූහ.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත බුද්ධශාසන අමාත්‍යාංශය විසින් මෙම කටයුතු සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ, මේක ඇමක් බව අමතක කරන්න එපා.
එතකොට අනිත් ආගම්වල පුජකවරුන් ? ඒ අයවත් රක්ෂණය කල යුතුයි නේද ..?
මමත් බුද්ධාගම අදහන කෙනෙක්.. මම හිටන්නේ නැහැ මෙහෙම දෙයක් ඕනේ නැහැ. පැවිදි වෙන්නේ සියල්ල අතහැර. විගඩම්... දේසපාලන විගඩම්.
ලක්ෂිත පිරිස් මහතාගේ අදහස මමත් අනුමත කරමි
කපටි සුත්තර වැඩ
සංඝරත්නයේ විතරක් නෙවෙයි ගිහි අපෙත් රක්ෂණය ආරියඅෂ්ඨාංග මාර්ගයයි
පැවිදි වෙන්නේ සියල්ල අත්හැරීමෙන්. මෙය තණ්හාවක් නොවේද? මෙය විහිළුවක්.
අපි අවදියෙන්
ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම ආරක්ෂා කරති. ධර්මයේ පිහිටන්නේ නැති අය ඉන්ෂුවරන්ස් කරන්න.
හරිනම් රක්ෂණය කළ යුත්තේ මේ රටේ දුක්විදින අහිංසක ජනතාවයි..... හාමුදුරැවන් වහන්සේලා නොවෙයි... මේකනම් ලොකු උප්පරවැටිටියක්....
මේ රක්සනය නෙමිය් අල්ලස, චන්දෙට මේක ලෑස්ති වෙන්න. වෙඩි නොවදින වාහන දෙන්න බැරිද?