IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


බිරිඳට රීප්ප පටියකින් පහරදී ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම

( පුත්තලම  / එච්. චන්දන ) 

සිය බිරිඳට රීප්ප පටියකින් පහර දී ඝාතනය කළ තිදරු පියකුට අද (23) පුත්තලම මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා මරණීය දණ්ඩනය නියම කළේය.

මෙසේ මරණ දඩුවම නියම වුයේ  මුන්දලම පොලිස් වසමේ කරුංගල්චෝල පදිංචිව සිටි  ඇල්බට් නිලංගන් (37) නැමති අයකුටයි.

මෙම තැනැත්තා නිරන්තරවම මතට ඇබ්බැහිව තම දරුවන්ට හා බිරිඳට සිට පහර දෙන අතර සිද්ධිය වූ දින 2017 සැප්තැම්බර්  16 හෝ ඊට ආසන්න දිනයකදී  මුන්දලමකරුංගල්චෝල තම නිවසේදී බිරිදට රීප්ප පටියකින් හිසට පහරදී ඝාතනය කිරීම සම්බන්ධව චුදිතයාට එරෙහිව අධි චෝදනා පත්‍ර ගොනු කර තිබිණි.

සිද්ධිය වූ දින ද දරුවන් ගෙට දමා දොරවල් වසා , බිරිදට රිප්ප පටියකින් හිසට පහරදී  තුවාල සිදුකර අසල වැවකට දමා ඇත.
මෙය දුටු දරුවන් හා සහෝදරයා තුවාලකාරිය රෝහල් ගත කර ඇති අතර මාස දෙකකට පසුව තුවාලකාරිය මරණයට පත්වී ඇත.

මෙම නඩු විභාගයේ සියළු සාක්ෂි හා වෛද්‍ය සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති නිසා චුදිතයාට මෙම මරණ දඩුවම නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. 

විත්තිය වෙනුවෙන් නිතිඥ අශ්නාන් පසාල් මහතාද, රජයේ අධි නිතිඥ විරේන් නානායක්කාර මහතා රජය වෙනුවෙන් සාක්ෂි මෙහෙය විය.



අදහස් (6)

බිරිඳට රීප්ප පටියකින් පහරදී ඝාතනය කළ අයෙක්ට මරණ දඬුවම

Amila Friday, 23 August 2019 12:42 PM

අයියෝ එල්ලනවා නම් මෙන්න හොඳ අවස්ථාවක්...

:       0       234

Raveendra Friday, 23 August 2019 03:32 PM

පිරිමිකමට නින්දාවක් කර ඇති මෙවන් නිවටයන් අසූචි වලවල්වල ගිල්වා ප්‍රාණය නිරුපද්‍රිත කළයුතුයි.

:       0       269

ලසන්ත Saturday, 24 August 2019 12:57 AM

පසුගිය දිනක වාර්තාවක් තිබුනා පුත්තලමට ආවේනික සතුන් වර්ගය වඳවෙමින් යනවා කියල.

:       0       0

sisira Saturday, 24 August 2019 06:59 AM

ඉතාමත් අගය කළයුතු තීන්දුවක්. බොහොම කාලයකට පසු සිද්ධිය සිදුවී අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත තීන්දුවක් දුන්නා ඇහුවාමයි. නියම විනිසුරුවරයෙක්. මගෙන් මල් මිටක්...

:       0       111

Indunil Saturday, 24 August 2019 09:05 AM

හොඳවැඩක්... 21 මිනිස්සු මරපු අයව එල්ලන්නේ නැද්ද දැන්ම?

:       0       30

Chanak los angeles Saturday, 24 August 2019 09:16 PM

මෙහෙම බිරිඳට දසවද දී ඝාතනය කරන්නත් බිරිඳ එම වදබන්ධන වලට ලක්වන්නට සිදුවීමත් මගඵල ලාබියෙකුට නම් සොයා ගැනීමට අසීරු කරුණක් නොවෙයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1181 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 435 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site