(නිමල කොඩිතුවක්කු)
මැතිවරණ මහලේකම් කාර්යාලය අසලදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් අශෝභන ලෙස හිරිහැර කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රීණි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසන් සභාවට සහ වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ අද (07) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව පැවැසුවාය.
නාම යෝජනා බාරදුන් එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සුබ පැතීම සඳහා මැතිවරණ කොමිසන් සභාව වෙත ගිය තම නිල රථය මඟ වැරදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් සිටි දෙසට ගමන් කළ බවත් එහිදී මෙම සිද්ධියට මුහුණ දුන් බවත් ඇය සඳහන් කළාය.
කාන්තාවක සහ මහජන නියෝජිතවරියක ලෙස එම ආධාරකරුවන් තමන් පිළිගත් ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බවත් මන්ත්‍රීවරිය පැවසුවාය.
එමෙන්ම තමන් එම ස්ථානයට රැගෙන ගිය පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ෂණයක් කරන ලෙසත් වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෙ ඉන්නෙත් වැඩි හරියක් හොර දුශිතයො ,කිසිම චාරයක් නැති කාලකන්නියෝ මිසක් හරිහමන් එවුන් ද.
දිනන්න කලින් මෙහෙම නම් වැරදිලාවත් දිනුවොත් කොහොම තියෙයිද ?
දැන් හරි යනපාර වැරදි කියල තේරුම් ගත්තට එක ලොකු දෙයක්...
ස්ත්‍රීන්ට පුර්ණ නිදහස.තේරෙයි කල් යයි.
තව පටන් ගත්තා විතරයි.
කොහොමත් ඔය ඇමරිකන් හාමු වටේ ඉන්නේ මාල හොරු, කුඩු කාරයෝ, කුඩ්ඩෝ, එතනොල් මුදලාලිලා, බෙහෙත් මාෆියා කාරයෝ සහ වැඩවර්ජන කරමින් පොඩි මිනිහා විනාශ කරන පිරිස් තමයි...
දිනන්න කලින් මොවුන් මෙහෙම නම් දිනුවොත් විනාසයි. ඒ නිසා මොවුන්ව පරාජය කළ යුතුමයි. මම දැක්කා උතුම් බෞද්ධාගමට නිගාකරමින් භික්ෂුවකුත් ආවේගශීලීව කෑගහනවා. මහනායක හිමිවරු මොකටද ඉන්නේ?
මෙයාට පාර වැරදුණු බව තේරුම් ගත්තා නම් ලොකු දෙයක්...
දැන් ම පුරුදු වෙන්න
මට නම් හිතෙන්නේ මේක ආයෙත් ගෝඨාභය මහත්තයව දේශපාලන උගුලකට හසු කරන්න උවමනාවෙන්ම කරපු වැඩක් කියලයි. නැත්නම් මෙයා විතරක් ඇයි මේ වැරදි පාරෙ ගියේ?
ඇයි මෙයා එතැනටම යන්නේ? අනිත් අය කවුරුවත් නැහැ. කොළොන්නාවේ බලය පෙන්වන්නද? ඔහොම යමුකෝ...!!
ඔක්කොම ඉන්නේ තක්කඩියන්...
හරි පාරෙන් ඇවිත් වැරදි පාරේ ගියාම අනවශ්‍ය ප්‍රශ්න වලට මුහුණ පාන්න වෙන බව දැනෙනවා නම් හොඳයි.
කොල්ලන්ව තමන්ගේ ආණ්ඩු බලය යොදවා තමන්ගේ නිල කාර්යාලයට කැඳවා ඔහුට තර්ජනය කරා මතක නැතුව ඇති නේද?
කාන්තාවක් හා මන්ත්‍රීවරියක්ද කවුදෝ අර කඩයක හිටපු කොල්ලෙක් ඇදගෙන ගිහින් ගැහුවා කියලා පහුගිය දවස්වල කවුදෝ කියනවා වගේ මට ඇහුණා මතකයි..
තමන්ගෙම පක්ශෙ එවුනුයි, ඩිෆෙන්ඩර් වලින් උස්සන් ගිය කොල්ලන්ගේ පවුල් වල අයයි වට වෙලා හූ කියද්දී ලැජ්ජාවේ බැහැනේ නේද?
දේශපාලනය පසෙක තබා අප රටේ කාන්තාවන්ට ගරුකළ යුත්තේ කෙසේදැයි අපේ අයට ඉගැන්විය යුතුයි. තමන්ටත් මව, සහෝදරියන් හා බිරිඳ සිටිනවා යැයි සිතන්නට තරම් ඥානයක් සමහරුන්ට නැතිවීම කනගාටුදායකයි.
අපේ මේ සුරූපී දේහ විලාසිනියට ගෝටගේ, පිටේ පච්ච කොටාගෙන ඉන්න කට්ටිය මොන හිතකින්ද අප්පා අරියාදු කරන්නේ?
හිරුනිකා කලබල වෙන්න එපා සාටකයන් මේ ගමන් කරන්නේ දේසපාලන අනාථ මඩමටයි. එතකොට ඔය සාටකයන්ගේ කටුකන එවුන් යන එන මං නැතිවෙනවා .
අමුතුවෙන් මග වැරදීමක් වෙලා නැහැ.
සජිත් මහත්තයෝ කරුණා කරලා මෙයාලව පැත්තකින් තියන්න . ඔබතුමා හොඳ පණිවිඩයක් ගෙන යන්න. පොරොන්දු වෙන්න මොදී තුමා වගේ ලංකාවේ සියලුම පුරවැසියන්ට පිරිසිදු ජලය සහ වැසිකිලි පහසුකම් ඇති කරන්න දැන්මම කෙනෙක් පත් කරලා තොරතුරු රැස් කරන්න. . මෙය මානුෂිකත්වයට ගරු කිරීමක් . ගම් වල පාසල් යන අහිංසක දරුවන්ට වෙලාතියන විපත බලන්න . ටැබ් දෙන්න ඉස්සර පිරිසිදු ආරක්‍ෂිත වැසිකිලි හදන්න .මම කතා කරන්නේ පක්ෂ බේදයකින් තොරව . බලන්න මේ නෝනලා පාර්ලිමේන්තුවේ කතා කරපු දේවල් . විලි ලැජ්ජයි .
තමන් අතින් අනුන්ට මොන හිරිහැර උනත් තමන්ට රිදෙනකොට තමයි මේගොල්ලෝ කාටත් රුදාව හැදෙන්නේ . එතකොට මහජන නියෝජිතයෝ , උත්තරීතර පාර්ලිමෙන්තුවේ ගරු මන්ත්‍රී වරුන්ට. පොඩ්ඩක් රිදුනාවේ . එතකොට වත් ගරු මන්ත්‍රීවරු හැටියට අනුන්ට රිද්දන්න, හිරිහැර කරන්න , යුතු විදියට බලය පෙන්වන්න , යුතු ලෙස බලය භාවිතා කරන්න හොද නැහැ ඒක වැරදියි කියන පාඩම ඉගෙන ගන්නේ නැතැයි .... (අඩු ගානේ එහෙම වත් හැදෙන්න කියලා ..තව පාරක් හු කියන්න අහු වුනොත් ... )
එයා කියනවා අපි අහනවා කව්ද දන්නේ හරි කව්ද කියලා.
දුමින්ද සිල්වා නිදහස්වීමේ පෙර ලකුණු....
ලජ්ජා බයට හැදිච්ච ගැහැණු ළමයකුට ඉන්න බැහැනේ මේ පොහොට්ටු කාරයන්ගෙන් බේරිලා
මෙයා ඉස්සර ඉඳලම පිටපාරේ තමයි යන්නේ
මේක කාන්තා හිංසනයක් මෙහෙමද රට හදන්න යන්නේ නොමිනේෂන් දෙනකොට මෙහෙම නම් දින්නම / අතුරුදහන් ,සුදුවන් ,මැරයන් ලවා වෙඩිතියා මැරීම ,අපි දැක්ක රජවෙලා සිටි කාලේ .
ඔන්න ගෝටා ගේ ප්ර්ජාතන්තරේ දොරේ ගලනවා .... පටන් ගන්නෙම කාන්තා හිංසනයෙන් .
මේක කාන්තා හිංසනයක්. කෝ කාන්තාවන් සුරැකීමේ සංවිධාන?
කාන්තා හිංසනයක් මේවා රටෙන් වහා තුරන් කරන්න කාන්තාවෝ පෙළගැසී වහාම මානව හිමිකම් යන්න මේ ගෝටාගේ මැරයන්ගේ වැඩ
ගරු ජනාධිපති තුමනි සමස්ත කාන්තාවෝ වෙනුවෙන් මේ කාන්තා හිංසනයට මැදිහත්වී සාදාරණයක් කරන්න චන්දෙ 17...
කාන්තා හිංසනයක් මේවා රටෙන් වහා තුරන් කරන්න කාන්තාවන්ට සාදාරණේ ඉටු කරන්න අගමැති තුමනි
කාන්තා සංවිධාන නිදි,
යාපා, මහින්ද, ගෝඨාලාට කඩේ යනවා... රටටම පේනවා
යාපා මේක කාන්තා හිංසනයක්... ඔයා කාන්තා පිරිමියෙක් නොවී ඉන්න...