(නිමන්ති රණසිංහ)
පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වරෙන්තු නිකුත් කළාය.
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙවන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව මං මාවත් පනත උල්ලංඝනය කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 6 දෙනා සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.
COMMENTS
පරිසරය ගඳ ගස්සන්නෙක්. හොරකමකටද?
වැඩේනම් බොහොම හොදයි. නමුත් උද්ගෝෂණ වලදී ජනතාවට අවහිර වන අන්දමින් තව කී දෙනෙක් නම් හැසිරෙනවද.. විශේෂයෙන්ම අපේ විශ්වවිද්‍යාලවල දරුවෝ, "රැකියා විරහිත" යයි කියාගන්නා උපාධිධාරීන්...
විපක්ෂයේ ඉන්නකොට තමයි මේගොල්ලො ඕවට, අකැමති සහ ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්නේ. දැන් ඉතිං හමුදාපති නෙවෙයි ඊට ඉහල කෙනෙක් තහනම් කලත් මීයෝ වගේ.
කෝ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ගෝෂණ කරන වීරයෝ මේ රටේ රණවිරුවෝ නියම වීරයෝ අනෙක් උන් සෝබන කාරයෝ
මහා කකුළුවෝ නිතියට මෙහෙම නිගා කරනකොට පොඩිවූන් මොනා නොකරයිද ? ජනාධිපති තුමනි ඔබ ගැන අප තැබු විස්වාසය පලුදුවිම පටන්ගෙන ඇත. ඔබේ වගකීම ඇමතිවරයාගේ සිට සියලුදෙනා නීතියට ගරු කරන රටක් නිර්මාණය කිරීම නොවේද ? මෙවැනි ඇමතිවරු ඔබට තවදුරටත් අවශ්‍යනම් , ජනතාව ඔබ ගැන තීන්දුවක් ගනු ඇත.
හැංගෙන්න අවශ්‍ය නැහැ. බය නැතිව ඉදිරිපත් වෙන්න.
ඔය සුභ අනාගතයේ මල් පිපෙන්න පටන් අරන් ඉදිරියේදී පල හටගනිවී .....
මෙයා ඊයේ පෙරේදා කියලා තිබුනේ ගම්පහ වන නිලධාරිනිය හොඳයි ඒ වුනාට අර කඩොලාන උඩින් පිට්ටනි ගහන කෙනත් එයාගේ යුතුකම ඉටු කරන්නයි උත්සාහ කලේ කියලා. මේ වගේ අය නොවැ අපේ රට පාලනය කරන්නේ.