(නාලක සංජීව දහනායක)
නෙළුම් කුලුන විවෘත කිරීමේ උත්සවයට සහභාගීවන ලෙසට විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාට ආරාධනා කර නොමැති වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එම අවස්ථාවට සුභ පතන බව මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (16) පැවැසීය.
බැසිල් රාජපක්‍ෂ මහතා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී 2012 වසරේදී මෙම කුළුණ ඉදිකිරීමට මුල්ගල් තැබූ බව ද මන්ත‍්‍රීවරයා කීය.
ශ්‍රී ලාංකේය සංස්කෘතිය ලෝකයට ගෙනයෑමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස මහින්ද රාජපක්‍ෂ රජය විසින් නෙළුම් කුලුන ඉදිරිකිරිම ආරම්භ කළ බව කී අලහප්පෙරුම මන්ත‍්‍රීවරයා මෙම කුළුණ විවෘත කිරීමේ අවස්ථාවට විපක්‍ෂානයකවරයාට හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්ට ආරාධනා නොකළද හදවතින්ම සුබ පතන බවද සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ දී අද (16) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
කවුරුවත් ඕනේ නැහැ. ඕවා අපේ බදු මුදල්. මැදමුලන සල්ලි සතයක්වත් නෙළුම් කුළුණේ නැහැ. ඒක නිසා කට වහගෙන පාඩුවේ ඉන්න.
මේ ලොකු උන්නැහේ අපට නම් ඔය කියන මුල්ගල් මෙන්ම විවෘත කිරීම අරහන්ය. ඔය කියන එකෙක්වත් මුල්ගල් තිබ්බෙත්, විවෘත කරන්නෙත් ඒ ඒ මී හරකුන් ගෙදරින් ගෙනාපු මුදල්වලින් සාදන සහ සාදපු දේවල් නොවෙන බව නොවැටහීම අභාග්‍යයකි. ලැජ්ජා නැතිව මේවා කියන හැටි. එමෙන්ම මේවා විවෘත කිරීමට පැමිණ මහජන මුදල් විනාශ කරන බූරුවන්ටද මෙම අදහස් කියවීමට හැකි වේවා...!!! කවදා අපේ රට මේ විකාරවලින් නිදහස් වේද? හරියට මේ ඔක්කොම ගෙවල් වලින් ගෙනත් වියදම් කරනවා වගේ රඟපාන්නේ... "225 ම" මෙය කරනවා නොවේද?
එ්කනම් වැරදියි. අනිවාර්යයෙන්ම ආරාධනා කරන්න ඕනෑ. මොනවා වුණත් ඒ අය තමයි පටන්ගත්තේ... ඕක තමයි කියන්නේ මුල අමතක වෙනවා කියලා. වැඩේ කූජිතයි මහත්තයෝ...
විපක්‍ෂානයකවරයාට හා බැසිල් රාජපක්‍ෂ මහත්වරුන්ට ආරාධනා නොකළද හදවතින්ම ඔබතුමා සුභ පතන්නේ මොකටද?
දන්නෝ දනිති. ඉතිහාසය වෙනස් කිරීමට තැත් කලත් මඩේ පිපුණු නෙලුමක් සේ ඉස්මතුවී පෙනෙනවා.
විපක්ෂ නායකතුමාටත් මෙහි විවෘත්ත කිරීමට ආරාධනා කළ බවට පල වූ පුවත බොරුද එතකොට? කොහොම වුණත් රටම දන්නවා මේ ආණ්ඩුව විවෘත කළ හැම ව්‍යාපෘතියක්ම පටන් ගත්තේ, 90%කම වැඩ ඉවර කලේ මහින්ද ආණ්ඩුව කියලා. ඒ අතින් මේ යහපාලන ආණ්ඩුව කලින් ආණ්ඩුවට ණයයි.
හලෝ, කාගෙන්වත් සල්ලි නෙමේ මේ කුලුණට වියදම් කෙරුවේ. ජනතා මුදල්, මේවා අත්‍යාවශ්‍ය දේවල් නෙමේ ජනතාවට, නමුත් පටන්ගත්තු වැඩේ ඉවර කරන්නත් එපෑයැ. ජනතාවට මෙය පවරනවා කිව්වා. ඒ කිව්වම ඇති කාටවත් බුලත් දෙන්න අවශ්‍ය නැහැ.. කොහොමත්. මහින්දලා හරි. කැමති ජනතා මුදල් අයාලේ නාස්ති කරන්න සොහොනක් හැදුවා. ඒක පවුලේ කට්ටියට විතරයි, නෙලුම් කුලුන වගේ... දෙගුණයක්. මුදල් යට කෙරුවා ඒ සොහොනට, ජනතාවට කන්න නැහැ. බෙහෙත් නැහැ. මොලයක් නැති අය කුළුණු හදනවා. නඩු කියනවා, මහින්දයි, බැසිලුයි, ගෝඨයි, සුමනදාසයි, එකතු වෙලා හදපු, එක දෙයක් තියෙනවද? නඩු නොකියන බැසිල්ගේ මාලිගාවලට ඔප්පුත් නැහැ.
මුල් ගල් ඉබේම පැල වෙලා ගසක් වෙන්නේ නැහැ..
ශ්‍රී ලාංකීය සංස්කෘතිය නෙලුම් කුලුණ වෙන්නේ කොහොමද? දකුණේ අධිවේගෙට මුල්ගල තිබ්බේ චන්ද්‍රිකා නෝනා.. රජා එයාට එන්න කීව්වේ නෑනේ.. අතීතෙ අමතකද?
ඔය කට්ටියට හදවතින්ම නැතුව සුබපතන අවස්ථාත් තියෙනවද? කපන්න බැරි අත සිඹිනවා වගේ...
මුල්ගල් තිබ්බේ සහ ඕවා ඉදිකරේ රාජපක්ෂ ගෙදරින් ගෙනාපු සල්ලිවලින් නම් ආරාධනා කරන්න ඕනෑ. එහෙම නැතුව ගිනිපොලියට ණය අරන් මහජනයා ඒ ණය ගෙවිය යුතු ප්‍රොජෙක්ට්වලට කවුද හලෝ විසිවෙච්ච කුණුගොඩකට ආරාධනා කරන්නේ..? නිකමට හිතමු මුල්ගල් තිබ්බා කියලා.. ආරාධනා කරන්න ඕනෑ කියලා. ඔය දක්ෂිණ අධිවේගී එකට මුල්ගල් තිබ්බ යූඑන්පී එකට ආරාධනා කළාද? නිකන් රටම හිනස්සන විහිලු නොකර ඉන්න හලෝ..
ඕවා ගණන් ගන්න එපා.. ඒ ගොල්ලෝ විවෘත කරන්නේ පොහොට්ටුව... ඔබලාගේ ඡන්ද ලකුණ. රනිල් හැමදාම ඌරු ජුවල් පිට උදේට දකින්නේ ඕක...
මම හිතුවේ මුල්ගල තැබූ මේසන් බාසුන්නැහේට ආරාධනා නැතැයි කියලා...
ඔය වැඩේට වියදම් වුණු මුදල් ගානයි, ගත්තු කොමිස් මුදල් ගානයි දෙකම එකතු කරලා එන මුළු ණයමුදල ගෙවන්න බදු ගෙවන මේ අපි කාටවත්ම ආරාධනා කරලත් නැහැ නේද?
මේ කුළුණට පරම්පරා ගණනාවකින් ණය ගෙවන අයටත් ආරාධනා ලැබිලා නැහැ. ඒ නිසා නාඩාඉන්න...
මොකට ආරාධනා කරනවද? ශැන්ග්‍රිලා තරු පහේ චීන හෝටල් සමාගම, යුදහමුදා මූලස්ථානය තිබූ ඉඩම දවස් තුනෙන් සින්නක්කර ලියලා දීපු එකට ස්තුති කරන්න කළා වගේ මේකත් පෞද්ගලික තැනක් නම් රාජපක්ෂ පවුලට වෙනම විවෘත කිරීමක් සංවිධානය කරාවි ටක්කෙටම...
ඕවා රටවැසියාගේ සල්ලි ඕකෙනුත් හොඳ කොමිස් පාරක්... ඔය දේශපාලක හැත්ත ගහගන්න ඇති. මෙයාට දුක එ්කෙන් කොටසක් එයාගේ සාක්කුවට ආපු නැති එකට...
එතකොට දැන් වැඩ කෙරීගෙන යන කොළඹ නුවර අධිවේගී මාර්ගයේ වැඩ කවදාක හෝ ඔබලාගේ ආණ්ඩුව යටතේ විවෘත කරන කොට රනිල්ට ආරාධනා කරනවද මහත්තයෝ?
මෙවැනි දෙයක් දැයට දායද කළ සත්‍ය නායකයින් ගැන කවුරුත් දනී. සියලු දෙනා දැකබලා සතුටු වේවා...!!
ඒ කට්ටියට මොකට කරදර කරනවද මේ වරුසාව මැද්දේ? ඒ ගොල්ලෝ කුළුණෙන් ගන්න ඕනෑ දේවල් අරගෙන ඉවරනේ? මෙයා හරියට පව්, බබෙක් වගේ.. ඒ මොනවත් දන්නේ නැහැ.
මෙය කතා කරන්නේ ජනතාව බුරුවො කියල. හිටපු මාධ්‍යවේදියෙක නේද මෙහෙම කියන්නේ. මේවගේ අයටනේ මිනිස්සු ඡන්දෙදෙන්නේ.
මුල් ගල් යුගය දැන් අවසන් මුල් ගලතියද්දි ගත්ත කොමිස් ගැන නො කතා
මුල් ගල් තිබ්බ කෙනාට පුළුවන් වෙඉ නැති චීන සමාගමට ගෙවල තියෙන රුපියල් බිලියන දෙක ගැන කියන්න.
ජනාධිපති තුමා කිව්වේ පටන් ගත්ත කට්ටිය ගහපු ගාන හදන්න පටන් ගන්නත් කලින් , ආයේ මොකටද විවෘත කරන්න එන්නේ, ඔක්කොම හොරු , ඕවට කවද හරි ගෙවන්න වෙවී පොලිත් එක්ක.
මුල්ගල් තිබ්බ සිඔයල්ලේම මුල් ගල් පලවෙවා කටින් බතල
මුල්ගල් තියපු වා වල කොමිස් කෝ .... ?
මුළුගල තියද්දී හොරා කාලා කියලා ඔය ජනාධිපතිතුමා කියන්නේ... කෝ ඒවාට උත්තර..?.
එතකොට නෙලුම්පොකුන රගහලෙ මුල්ගල තැබු චන්ද්‍රිකාගෙ සමරුපලකය පවා ගලවලා තමාගෙ නම දාගත්තෙ කවුද
මුල්ගල් තියන්න හරි බලයට පත්කර යවන්නේ මහජනතාවයි . ඒ වගේම හදන දෙයක් හදන්නේ දෙසපාලකයාගේ සාක්කුවෙන් නොව රජයේ සම්පත් වලිනුයි . ඒක නිසා ඕවා විවුර්ත කරන්න ඕනේ හා ඒ සඳහා අයිතිය තිබෙන්නේ දේසපාලකයන්ට නොව රටේ මහජනතාවයි .
නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා 2012 වසරේ දී ලබා දුන් රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදල් වලට සිදු වූ දෙයක් නැති බවත් කුලුනේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවට අත්සන් තබන ලද එක් පාර්ශ්වයක් වන ඇලිට් (ඒ.එල්.අයි.ටී.) සමාගම පිළිබඳ කිසිදු තොරතුරක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (16) ප්‍රකාශ කළේය. දුටුවද මේ ප්‍රකාශය? වක්කඩ කැඩුවා වගෙයි සාටකයන්ගේ හොරකම් එළියට එන්නේ ?පොහොට්ටු අපේක්ෂකයා කියනවා එයා ඇවිල්ලා ශිෂ්ඨ සම්පන්න පාලනයක් ගෙනියනවාලු. අනේ මන්දා මේවා අසිහියෙන් කියන කතා වෙන්න ඇති.
කොටි හිටියනම්
මේ කතාව මම කියන දෙයක් නෙවෙය් රටේ ප්‍රධානියය් කියන්නේ. මේ කුලුනට මුල් ගල තියද්දි අතුරුදහන් වෙච්ච කෝටි 200 වෙච්චදෙත් ඩලස් මන්ත්‍රී තුමා කියන අය දන්නවා ඇති .
මහත්තයෝ අන්න ජනාධිපති තුමා කියනවා එ්ක හදන්න 2012 දී දුන්න කෝටි 200 අතුරුදහන් කියලා. ඒකත් එහෙනම් සහෝදර සමාගමේ සාක්කුවටද දන්නේ නැහැ ගියේ ? එකටත් උත්තර දුන්නොත් හොඳයි.
නෙළුම් පොකුණ විවෘත කරනකොට පටන් ගත්ත අයට ආරධානා කළාද? නෙළුම් කුලුන හදන්න දුන්න කෝටි 200 ක් ආගිය අතක් නෑ. ඉස්සෙල්ලා ඒක හොයල දෙන්න.
ජනාධිපති කරපු කතාවේදි කියපු කෝටි 200 ගැනත් මොනවහරි කියන්න .
මේක කියන්න ඕන හොර කාපු අයට ආරාධනා නැහැ කියලා.
මල්වානෙත් මොකක්ද හදලි විවෘත කරගන්න බැරිවෙච්ච එක... මෙච්චර උස එකක් විවෘත කරන්න පුළුවන් වෙයිද? සෙනෙවිරත්න, හොඳ වැඩක් කරලා එය විවෘත කරන කොට පුරුද්දට වාචාල කතා දොඩවනවා. අතීතයේ කියලා තියනවා" උගත මනා ශිල්පයමයි මතු රැකෙනා". එහෙම මිනිසුන් අපේ කරුමෙට හරි, අවාසනාවකට හරි අපිට නැහැනේ...
කෝටි 200 ක් මුදල් ගලට යටවෙලා වගෙයි...... මෙයාලත් කොටස්කාරයෝ....
ඩලස් කියන්නේ අර රතුපස්වල සිදුවුණු දේශපාලන මගඩියක් මිසක් වතුර ප්‍රශ්නයක් නොවේ කියා කියපු කෙනෙක්. රජ පවුලේ පස්ස පැත්තේ මිසක් රටේ මිනිසුන්ගේ කටයුතු ගැන උනන්දු වෙන කෙනෙක් නොවේ. මීට වඩා දෙයක් මෙයාගෙන් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ. කඳ විතරයි.