ඉන්දිකා රාමනායක
කොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ සහ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
පාස්කු ප්‍රහාරය මෙන් දැවැන්ත ප්‍රහාරයක් ඉදිරියේ දී මර්මස්ථාන ඉලක්ක කිරිමට සුදානමක් ඇති බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් කිහිපයකට තොරතුරු ඉල්ලා ලිපි යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ස්ථානාධිපතිවරුන්ගේ වැඩ තහනම් කර තිබේ.
ඉකුත් 2 දින යැවූ බව කියන මෙම ලිපිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහිදී එම ලිපියේ සඳහන් කරුණුවල සත්‍යතාවයක් නොමැති බවට හෙළිවීම හේතුවෙන් මෙම වැඩ තහනම සිදුකර ඇත.
COMMENTS
ප්‍රහාරයක් සිදු උනොත් කවුද වගකීම ගන්නෙ. ඔයාලව සත පහකට තවම විශ්වාස නැහැ එකයි අැත්ත. දැනගෙන වසන් කරගෙන හිටියට වඩා හොදයි අවදානමක් තිබෙන බව පවසා පරීක්ෂාවෙන් සිටීම. මෙ රට යන්නෙ කොයිබටද...?
පොට්ටුවේ හෙන්චයියෝ තමා හැම තැනටම දාලා ඉන්නේ
මොකක්ද මෙ හතරබිරි කතාව
පොලිසිය ඔයවගේ ඇලර්ට් කිරීම් ඉඳහිට කරනවා.
උසස්වීම්ක් සමග මාස හයකට පසු යලි සේවයේ පිහිටුවයි ලංකාවේ නිතිය එයයි
දැනගෙන බකන් නිලාගෙන ඉදලා සියගණනක් මැරුනොත් කිසි අවුලක් නැහැ ..කිව්වොත් වැඩ තහනම් .
මේක රටේ ප්‍රශ්න ඇති කරන්න දඟලන ගෝඨාභයගේ සහ මහින්දගේ හෙන්චියන්ගේ තවත් වැඩක් . දුම්රිය වැඩවර්ජනය , දොස්තර වැඩවර්ජන , රණවිරුවන් කුපිතකීරීම , මේවා ඔක්කොම බල ලෝබ මහින්දගේ හෙන්චියන් ගේ වැඩ . මජනයට කිසිම ගරු සරුවක් නැති මේ පවුල් පාලනය මේ රටින් තුරන් වේවා.
ශ්‍රී ලංකාවේ පොලිසිය ලෝකේ තියන ජරාම පොලිසියයි.
ඇලර්ට් කරන්න එපා. ඕනි බෝම්බයක් ගහල මිනුස්සු 200-300 මැරෙනකන්, ඡන්දය මර්කෙට් කරගන්න. කලින් දැනුම් දුන්න වැඩි නිසයි වැඩ තහනම් කලේ.