(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායක මාකඳුරේ මදූෂ් නැමැත්තා සමග ඩුබායි පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙකු හෑෂ් සහ කේරල ගංජා සමග අද (03) වැල්ලම්පිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා පැවසීය.
එම පුද්ගලයන් තිදෙනා සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, කේරළ ගංජා කිලෝ 1 1/2කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.