IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


එජාපය යැවූ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

(අජන්ත කුමාර අගලකඩ)

කැබිනට් ඇමැතිධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමැතිවරුන්ගේ අමාත්‍යංශවල වැඩ බැලිමට පත්කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය විසින් යවන ලද ඇමැතිවරුන්ගේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතිකේෂප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඒ හේතුවට ජනාධිපතිවරයා, එම අමාත්‍යංශවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් වැඩබලන ඇමැතිවරුන් ලෙස පත්කරනු ලැබ ඇති බව වාර්තාවේ.

රාවුෆ් හකීම් මහතා නගර සැලසුම් ජල සම්පාදන හා උසස් අධ්‍යාපන කැබිනට් ඇමැති ධූරයෙන් ද, කබීර් හෂීම් මහතා මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති ධූරයෙන් ද, රිෂාද් බදියුදීන් මහතා කර්මාන්ත වානිජ දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම් සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධූරයෙන් ද , අබ්දුල් හලීම් මහතා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති ධූරයෙන් ද ඉකුත් දා ඉල්ලා අස්වුහ.

ඒ වෙනුවට රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම හා රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමැතිවරුන් ද එම අමාත්‍යංශවල වැඩබැලීමට පත් කරන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ නම් ජනාධිපතිවරයා වෙත ඉකුත් දා යවා තිබිණි.

එය ප්‍රතික්ෂේප කර ඇති ජනාධිපතිවරයා කර්මාන්ත වාණිජ කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා වැඩබලන, කර්මාන්ත හා වානිජ දිගුකාලින අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරිම සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැතිවරයා ලෙස ද නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා, වැඩබලන නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ද ඛනිජතෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මිය, වැඩබලන මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිවරයා ලෙසද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබ බව වාර්තා විය.

ඒ අනුව එම තිදෙනා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපතිවරයා ඉදිරියේ පෙරේදා (10) දිවුරුම් දුන්හ.

මේ තතත්වය තුළ ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් අතර දේශපාලන අර්බුදය තවත් උග්‍රවී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



අදහස් (18)

එජාපය යැවූ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

chandima Tuesday, 11 June 2019 06:05 PM

ඒ තනතුරු වලටත් කේවට්ටයෝ ටිකක් දාගන්න හදල තියෙන්නේ. දෙකේ පන්තියේ ඉන්න උන් දෙකේ පන්තියේම තියල. පුදුමයි, පිටරටින් යාලුවෝ ගෙනත් ඒ තනතුරුවලට දාල නැහැ. ඔය පක්ෂේ කොට අදින අයට හැමදාම කොට අදින්න තමයි වෙන්නේ කරඬුව ගෙනියන්නේ වෙනම කට්ටියක්. ජනාධිපති නොයින්න මේ රාජ්‍ය ඇමතිලා උප අමතිලටත් වැඩබලන්නවත් ඇමති කෙනෙක් වෙන්න ලැබෙන්නේ නැහැ මලාට.

:       45       59

dias Tuesday, 11 June 2019 06:50 PM

මෙයාට හොඳටම තරහ ගිහින් වගේ.

:       2       85

සමන්ත Tuesday, 11 June 2019 07:21 PM

කෙසේ වෙතත් මෙම පුද්ගලයා රටත්, ජාතියත් අරාජික කරමින් අඳුරු අගාධයකට අප රට ඇදගෙන යන බව පෙනෙන්නට තිබේ. එය පැහැදිලිය.

:       13       55

leel gunawardena Tuesday, 11 June 2019 07:26 PM

රාජිතට තවත් රාජකාරි බාර දෙන්න හදන මේ පක්ෂයට තවම තේරිලා නැහැ වගේ .

:       7       102

sanjeewa Wednesday, 12 June 2019 12:36 AM

හොඳම තීරණයක් ජනාදිපති තුමනි. මේ දූෂිත චෝදනා තියෙන අයව පත් කරන එක ඔබ තුමාටත් හොඳ නැහැ.

:       460       461

sarath Wednesday, 12 June 2019 01:45 AM

මෙයාල කැබිනට් එකට ඇවිත් අලුත් යාන වාහන ගනියි .බෝම්බ පිපිරිලා මාස 2ක් ගියා තවම කිසිම පනතක් කැබිනට් එකට ගෙනාවේ නැහැ . යාන්තම් හදිස්සි නීතියත් එක්ක අන්තවාදී සංවිධාන 1ක් තහනම් කරලා තියෙනවා. අන්තවාදීන්ට මුදල් එන මාර්ග, අන්තවාදී සංවිධාන , ෂරියා නීති තහනම් කිරීම , වහාබි අන්තවාදය තහනම් කිරීම ,රටේ හැමෝටම එකම නීතියක් , වැනි කිසිම දෙයක් මේ කැබිනට්ටුව තුල සාකච්චා උනේ නැහැ. ඉතින් තව කැබිනට් ඇමති වරු මොන මගුලකටද?

:       4       82

Chaminda Wednesday, 12 June 2019 03:32 AM

ඔබ තුමන්ලාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ටිකක් පැත්තකට දාල දැන්වත් රට ගැන හිතමුද? පිට රැටියන් ඇවිත් අපව අල්ලගන්න කලින් .

:       0       143

Sugath Wednesday, 12 June 2019 03:59 AM

මේ ජනපති ඩබල් ගේමක් ගහන්නේ

:       1       109

suranga Wednesday, 12 June 2019 04:28 AM

මේවා ඒ හැටි ප්‍රශ්න නොවේ.

:       102       64

සේන Wednesday, 12 June 2019 04:55 AM

අන්තවාදය සහ හොරකම දෙකම එකට තියෙනවට වඩා හොඳයි හොරකම සහ නිවටකම කියලා ඒ අයට හිතෙන්න ඇති

:       1       2

Rasi Wednesday, 12 June 2019 05:17 AM

අපරාදේ කියන්න බැහැ, අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ආඩම්බර වෙන්න ඕන, මේ වගේ අය කටයි අනෙක් හැම එකමයි වහගෙන මේ අය ටික දැනට අවුරුදු 4 කට විතර ඉස්සර හොදට තිබ්බ රට (ඔය කියන සුදු වැන් හැරුනුකොට) අනල, පොඩිකරලා තව එකෙකුට තව අවුරුදු 10 කට විතර ගොඩ ගන්න බැරිවෙන්න චොර කරලා යනකන් බලන් ඉන්නවට.

:       427       266

ranilWednesday, 12 June 2019 07:15 AM

හොදට තිබ්බ රට? 2015 ඉස්සර ඔයා ලංකාවේ නෙමේ ද හිටියේ? ලංකා හොදට තිබ්බ නම් ඇයි ඡන්දෙ පැරදුනේ

:       439       931

gonranilWednesday, 12 June 2019 09:41 AM

නුඹලාගේ පට්ට කෙබර වලට අපි රැවටුනා යකෝ ..අපි හිතු⁣වෙ චුයින්ගම් එකක් කාකා පුංචි කාර් එකකින් ගිහින් රත්තරං අශ්වයන් බලන්න ඇහැකි කියලා හිටං . මොංගල් කියලා දන්නවා නම් මේ වගේ අය පත්කරගන්නෙ නැහැ බං කීයටවත්............

:       15       5

Nuwan Wednesday, 12 June 2019 05:23 AM

මරු කට්ටියකගේ නම් ටිකක්නේ එවලා තියෙන්නේ.

:       10       85

sarath Wednesday, 12 June 2019 06:44 AM

සිංහලය රට කනවා , මුස්ලිම් අයට බනිනවා ,මොනවා උනත් මුස්ලිම් ,දමිල දේශපාලකයෝ ජාතිවාදේ අවුස්සගෙන හරි තමන්ගේ මිනිහට කරනවා, ඒ අයට වැඩක් නැහැ මේ රට තිබුනත් නැතත් මොකද උන්ට යන්න තැන් තියෙනවා.

:       6       90

thilakasiri Wednesday, 12 June 2019 07:42 AM

Rasi මීට අවුරුදු හතරකට පෙර හොදටම රට තිබුනානම් බහුතරය (62%) පළපුරුදු නැති මෙයාට බලය දෙයිද? ඇයි ඔයතරම් ඉක්මනට අතීතය අමතකද? නැත්නම් මීට අවුරුදු හතරකට පෙරත් හොදයිම කියල හිතාගන හිටපු මහරජාටම දුන්නද?

:       354       819

Ruwan R Wednesday, 12 June 2019 10:17 AM

ඉල්ලලා අස් වුණාම ව්‍යවස්ථාවේ හැටියට ස්ථිර ඇමති කෙනෙක් නේද පත්කරන්න ඕනේ...?

:       0       2

tintin Friday, 14 June 2019 07:15 AM

මචන් උඹගේ කතාව සහතික ඇත්ත . කියපන් ඇත්ත නම ?

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1815 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 920 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 730 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 352 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 619 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 558 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1407 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site