(පාලිත ආරියවංශ)
වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ හා බදුල්ල යන ප්‍රදේශවල පොලිසිය හා ආරක්ෂක අංශ කළ වැටලීම්වලදී සැකපිට පුද්ගලයන් 54 දෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ඌව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් පළිහක්කාර මහතා පැවසීය.
බදුල්ල පොලිසියේ නිලධාරීන් හා යුදහමුදා සාමාජිකයන් එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී ප්‍රශ්නකිරීම සඳහා දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ( 23) දා වැලිමඩ ප්‍රදේශයේදී සැකකරුවන් 32 දෙනෙකුද අත්අඩංගුවටගත් අතර ඔවුන් අද (24) වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
යුධ හමුදාව හා බණ්ඩාරවෙල පොලිසිය සිදුකළ ඒකාබද්ධ සෝදියකදී ඊයේ(23) අත්අඩංගුවට ගත් සිවුදෙනක් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
හපුතලේ දි ගුවන් හමුදාව හා පොලිසිය (23) දා කළ සෝදිසි මෙහයුමේදී සැකපිට අත්අඩංගුවට ගත් 16 දෙනෙක් අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හපුතලේ පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරින් ප්‍රනාන්දු කලින් දැන ගත්තේ මොවුන් ගෙන්ද?
බුර්කාවලට හැංගිලා රට වනසන අය එල්ලන්න ඕනෑ..