IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අපරාධකරුවන් පැය 48 ක් රඳවාගන්න අවසර ඉල්ලයි

( දිල්රුක්ෂි ග්‍රේරු) 

අපරාධකරුවන් පැය 48 ක් දක්වා රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අදාළ නියෝග තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම අනුමැතිය ලබා ගැනීම සඳහා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
 

අපරාධ නඩු විධි විධාන සංග්‍රහ (සංශෝධන) විධි විධාන සහ 2013 අංක 02 දරණ පනතට අනුව අපරාධයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් අයෙකු රඳවා තබා ගැනීමේ කාලය පැය 24 ක් වුවත් පැය 48 ක් දක්වා රඳවා තබා ගැනීමට මෙම පනත මගින් විධි විධාන සලස්වා ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.
 
එම පනතේ දක්වා ඇති ආකාරයට බරපතල අපරාධ ගණයට වැටෙන වරදක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් විට වැඩිදුර විමර්ශන කටයුතු අවසන් වන තෙක් පැය 48 ක් දක්වා අත්අඩංගුවේ තබා ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ නිලයට අඩු නොවන නිලධාරීයෙකු විසින් මහෙස්ත්‍රාත්වරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙලෙස කාලය දිගු කර ගත හැකියාවක් තිබේ.
 
එසේ පැය 48 ක් දක්වා රදවා තබා ගැනීමේ කාලසීමාව වසර දෙකක් දක්වා බල පැවැත්වෙන අතර එම වසර දෙක අවසන් වීමට පෙර තවදුරටත් පනතේ ක්‍රියාකාරීත්වය අවශ්‍ය වන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා විසින් පනතේ කාල සීමාව අවසන් වීමට මාසයකට පෙර ගැසට් පත්‍රයේ කරනු ලබන නියෝගයක් අනුව කාල සීමාව දීර්ඝ කර ගත හැකිය.
 
හිටපු අධිකරණ අමාත්‍යවරයා විසින් 2002/28 හා 2017.01.18 දින දරණ  අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබීමෙන් ලබාගත් නියෝගය මගින් මෙය දීර්ග කර ගෙන තිබුණි.
 
මෙම පනතේ විධි විධාන තවදුරටත් බලාත්මක විය යුතු බවට පොලීසිය විසින් කරන ලද ඉල්ලීමට අනුව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය  විසින් 2019 පෙබරවාරි මස 02 වන දින සිට වසර දෙකක කාලයක් සදහා තවදුරටත් දීර්ඝ කරන ලද නියෝගය ඇතුළත් අංක 2106/07 හා 2019 ජනවාරි 16 දරණ ගැසට් පත්‍ර යෙහි පළ කර තිබේ.
 
මිනීමැරුම් මං කොල්ලකෑම් ස්ත්‍රී දූෂණ පැහැර ගෙන යාම් මිනී මැරුමට තැත් කිරීම ගිනි අවි භාවිතයෙන් කරන ලද අපරාධ ආදිය මෙම පනත යටතේ අපරාධ වශයෙන් සළකනු ලබයි.
 

 

 



අදහස් (1)

අපරාධකරුවන් පැය 48 ක් රඳවාගන්න අවසර ඉල්ලයි

sampath_08 Thursday, 07 March 2019 12:46 PM

පොලිසියෙන් ගහද්දි මිනිස්සු ඕන වැරද්දක් බාරගන්නවා. පස්සේ ඔප්පු කරගන්න බැරිව නිදහස් වෙනවා. සැබෑ අපරාධකරයා සැගවෙනවා. ඒ නිසා මේක එතරම් ප්‍රයෝගික නැහැ. කරුණු විමසා බලා අධිකරණ අවසරයකින් රදවා තබා ගත්තට කමක් නැහැ. දැනටත් ප්‍රයෝගිකව මිනිස්සු දින 7-8 රදවාගෙන ඉන්න අවස්ථා තියෙනවා ඒවා කවුරුත් දන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 805 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site