IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘මංගල රණවිරුවන් හා රට පාවා දෙනවා‘

(නිමල කොඩිතුවක්කු)

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් ලබා ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දිගින් දිගටම රණවිරුවන් සහ රට පාවාදෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක මහතා කොළඹදී පැවසීය.
 
මංගල සමරවීර මහතා අයවැය මගින් සිදුකළ වංචාවන්ට සහ  එක්සත් ජාතීන්ගේ සංවිධානයට  රට පාවාදීමට ගත් උත්සාහයන්ට විරුද්ධව ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද දිසානායක මහතා කියා සිටියේය.
 
පුංචි බොරැල්ලේ  පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ  නිවසේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා මෙසේද කීවේය.
 
  ‘‘මෙවර අයවැය ලේඛනයේන්  පෙන්වලා තියෙන ආදායම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒක ව්‍යාජයි. එක පැත්තකින් බොරු ගොතලා තියෙනවා. අනික් පැත්තෙන් වැරදි දත්ත ඉදිරිපත් කරලා තියෙනවා.
 
කැෂිනෝ ක‍්‍රිඩාව එක්ක යන රුචිනෝ ක‍්‍රීඩාවට  මිලියන 200ක වාර්ෂික බද්දක් තිබුනා. මෙවර අයවැයෙන්  එය මිලියන එකක බද්දක්  පනවනු ලැබේ කියලා සදහන් කර තිබෙනවා. මෙතන කරලා තියෙන්නේ මිලියන 200 මිලියන එකකට අඩුකිරිමක්. මෙමගින් මිලියන 10ක අලූත්  ආදායමක් උපයනවා කියලා සඳහන් වෙනවා. මේක සම්පූර්ණ වංචා කිරීමක්.
 
කැසිනෝ ක‍්‍රීඩාවට ඇතුළු වෙන සියලූදෙනාගෙන් ඩොලර් 50ක ගාස්තුවක් අයකරන බව සදහන් කරලා තියෙනවා.  හැබැයි මෙයට ඩොලර් සියයක ගාස්තුවක් අය කිරීමට තිබුනා. අයවැය මගින් පෙන්වනවා ඩොලර් 50 දැමීම  මගින් මිලියන 980ක අමතර ආදායමක් උපයනවා කියළා.
 
මෙහෙම බදු අයකිරිම් අඩුකිරීම් කරහම අයවැය ලේඛනයේ ආදායම් ලේඛනයෙන් මෙච්චර මෙච්චර අඩුවෙනවා කියලා සදහන් වෙනවා. හැබැයි ඒ මොකවතත් මේ සැරේ කරලා නැහැ. ආදායම මෙච්චරයි වියදම මෙච්චරයි කියළා පමණයි එහි දක්වලා තියෙන්නේ. 
 
මේකේ ගණන් සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා මේ ගැන සවිස්තර වාර්ථාවක්  ඉදිරිපත් කරන්න  කියලා ශ්‍රී ලංකා මහබැංකුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. 
 
විදේශ අමාත්‍යවරයා  විදියට මංගල සමරවිර මහතා මානව හිමිකම් කොමිසමේ තිහයි එක  යෝජනකාවට එකඟ වුනේ නැත්නම් අද අපිට කිසිදු චෝදනාවක් නැහැ.  එහෙනම් අපි අද  මේ කාරනාවෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. දැන් මේ යෝජනාව අවුරුදු දෙකකින් නැවත සලකා බැලිමට නියමිතයි.
මේ රටට බේරේන්න තිබුණ අවස්ථාව අහිමිකරගෙන රට පාවාලා දීලා, රණවිරුවන් පාවාලාදීලා මේ සියල්ලම  මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ යැයිද එස්. බී. දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවැසීය.



අදහස් (20)

‘මංගල රණවිරුවන් හා රට පාවා දෙනවා‘

Kumara Dharmarathne Thursday, 11 April 2019 02:19 PM

ඕවා කවුරුවත් විස්වාස කරන්නේ නෑ මහත්තයෝ.

:       304       541

JayaThursday, 11 April 2019 02:53 PM

සම්පුර්ණ ඇත්ත.

:       64       133

Chanak Los angelesThursday, 11 April 2019 08:05 PM

ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කර පරාජය කල පුද්ගලයෙකු කරන ප්‍රකාශ වල වලංගු භාවයක් තිබීම බමුණන්ට මිස අපි වගේ ශිෂ්ට සම්පන්න ජනතාවට කෙසේවත්ම නැත .

:       10       195

jayamangalaFriday, 12 April 2019 02:19 AM

මිනිසුන් සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරනවා පාක්ෂිකයන් හරි හෝ වැරැද්දට තම පක්ෂයේ ඇමතියට ගොට්ට අල්ලනවා ඔන්න ඕකයි තත්ත්වේ

:       10       19

Dr. Vajira FernandoSunday, 14 April 2019 06:37 AM

පහුගිය අවුරුදු හැත්තෑවේම ඉදිරිපත් කරපු හැම අයවැයකම තිබුනේ බොරු ඉලක්කම් විතරයි. ඕනෑම ආර්ථික විද්‍යාඥයෙක් පුලුවන්නම් ඒ එක අයවැයක තිබුණු ආදායම් හා වියදම් සත්‍යය කියලා ඔප්පු කරන්න. අයවැය කියන්නේ තනිකරම ඉලක්කම් සෙල්ලමක් විතරයි. සැබෑ අයවැයක්නම් රටේ සංවර්ධන උපායමාර්ග හා ඉලක්ක පදනම් කරගත් එකක් විය යුතුයි. අපේ රටේ අයවැය කියන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට හා මැති ඇමතිවරුන්ගේ වරප්‍රසාද දීමනා සදහා මුදත් අනුමත කරගන්න සහ ඒ මුදල් සොයාගැනීම සදහා බදු දඩ ඉහල දැමීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්න ලියවිල්ලක් විතරයි.

:       0       103

Mudali Thursday, 11 April 2019 02:36 PM

සති ගාණක් තිස්සේ පාර්ලිමේන්තුව තුල අයවැය ගැන විවාද කළා නේද? එතකොට මේවා දැක්කේ නැද්ද ? අයවැය ලේඛනයේ මුද්‍රණ දෝෂ තියෙන්නට පුළුවන්. ඒවා නිවැරදි කරගන්න පුළුවන් කොහොමහරි එය පාර්ලිමේන්තුවේ වැඩි චන්දයෙන් සම්මත වෙලයි තියෙන්නේ.. එස්බීට තියෙන ලොකුම ප්‍රශ්නය ඒක නෙවෙයි.. ඉරිසියාවයි…..ඔහුගේ වචනවලින්ම ඒ බව පේනවා…... ''මේ සියල්ලම මංගල සමරවිර මහතා සිදුකලේ 2025 වසරෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තනතුරකට යන්නයි’’ ඒකයි ගැටලුව.

:       92       308

BamunuarachchiFriday, 12 April 2019 12:43 AM

රට ජාතිය පාවාදී අයවැයටත් කල වංචාව මුද්‍රණ දෝෂ කොරන්න හදනවා. මොහු අයවැයේදී තවත් පුවත්පත් වල කියන පරිදී "සත්‍ය කරුණු වසන් කර ව්‍යාජ අයවැයක්" ඉද්දිපත් කිරීම දකින්නේ මුද්‍රණ දෝෂ හැටියට. මේවගේ තමන් වහල්ලු කියා නොදන්නා වහල්ලු ලක්ෂ 62 ඉන්නවා.

:       605       534

BamunuarachchiFriday, 12 April 2019 12:57 AM

එස් බී කියා තිබෙන ප්‍රවෘත්තියේ නිරවද්‍ය තාවය සොයන්නේ නැහැ. මේ සම්බන්දව ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන බව කියා තිබියදීත් මුද්‍රණ දෝෂ ගැන කතා කොරනවා. මෙහෙව් අය ලක්ෂ 62 ඉන්නවා. ඉතින් රටකට හරියාවිද?

:       444       29

athuraFriday, 12 April 2019 04:06 AM

හොදම සුදු ඔට්ටු කාරයාගේ ගෙදර ඉදන් කැසිනෝ ගැන කතාකරනවා....ලක්ෂ 58 එකෙක් වුණ බමුණට තාම ඒක පේන්නෙ නැහැ.

:       64       469

BamunuarachchiFriday, 12 April 2019 09:41 AM

ඒ ලක්ෂ 58 තමයි රට මේ අගාදයට වැටෙන ඒක බේරගන්න හිටියේ. ඒ 58 එකෙක් වීම ගැන බොහොම සතුටු වෙනවා. අර 62 න් එකෙක් වීම ඔහේ සතුටු වෙනවාද?

:       306       102

MudaliFriday, 12 April 2019 02:26 PM

ඒ ලක්ෂ 58 දැන් ලක්ෂ 42 ට බැහැලා….

:       1       76

rasika Thursday, 11 April 2019 03:36 PM

ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම නැතිවෙලා.. ඔය එක මන්ත්‍රී කෙනෙක්වත් අපිව නියෝජනය කරන්නේ නැහැ.. අපිට බදු ගහන අපි අකමැති ඔක්කොම ඒවා සම්මත කරන්නේ ඔය කට්ටිය, ඉතින් එක අපිව නියෝජනය කිරීමක්ද? එතකොට ඔවුන්ගේ පඩි වැඩි කරගන්න ඒවා, හොරකම් කරගන්න ඕනේ විදියට නීති වෙනස් කරගන්න ඒවා ඔක්කොම සම්මත කරගන්නවා... මේ 225 අපිව නියෝජනය කරන්නේ නැහැ.. ඇයි අපිට බැරි අපිව නියෝජනය කරන අයව පාර්ලිමේන්තු යවන්න.

:       2       154

udaya Thursday, 11 April 2019 04:54 PM

ඕවා ඔහොම තමයි

:       0       7

Saththaya Friday, 12 April 2019 01:46 AM

ගොඩක් අය වාසිය වෙනුවෙන් මෙච්චර කල් කලේ කටුස්සෝ වගේ පාට වෙනස් කිරීමයි. එතකොට ඒක මුළු ජනතාවම පාවාදීමක්. ප්‍රත්පත්තියක් නැහැනේ .

:       0       260

Wasudewa Friday, 12 April 2019 04:51 AM

මේ එස් බි...ඡන්ද දායකයන් විසින් ප්‍රතික්ෂේප කර පරාජය කල කෙනෙක්. මෙයා හැමදාම කරන්නේ එහාට මෙහාට පැන පැන උගුල් අටවා අටවා මහජන මුදල් කාබසනිය කරන එකයි. මෙයාගෙන් රටට ඇති කිසිම සෙතක් නැහැ. මොවුන් පඩි වශයෙන් ගන්න මහජන මුදල් මහා අපරාදයක්.

:       0       440

ravi Friday, 12 April 2019 05:56 AM

එස්.බී . දිසානායක, කියන්නේ මොලේ කලඳක්වත් නැති .... පුද්ගලයෙක් ..!!!

:       0       151

Rata Perata Friday, 12 April 2019 06:39 AM

මේ අය තාම ඉන්නවා නේද? අපි මෙයාලව ඡන්දෙන් පැරද්දුවත් වැඩක් නැනේ, සිරිසේන ආයෙත් ගත්තනේ?

:       0       202

janahitha Friday, 12 April 2019 07:23 AM

මේ අයගෙන් අපේ රට රැක ගනිමු.

:       0       55

පිටිගල මිලානෝ Friday, 12 April 2019 09:29 AM

පරාජිත මේ මිනිස්සු ලියන කියන දේවල් මොකටද? කිසිම වටිනාකමක් නැහැ. දකින මිනිස්සුන්ගේ රුධිර පීඩනය නගිනවා.

:       0       153

Don Friday, 12 April 2019 02:51 PM

කලකට පස්සේ කපුවා එළියට බැහැලා.

:       0       15

ඔබේ අදහස් එවන්න

දියත

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 94 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1376 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 266 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1503 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1108 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 132 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site