IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


සවුදියේ දී මියගිය කතකගේ සිරුර වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් ලංකාව

(ටී.කේ.ජී.කපිල )

සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී හදිසියේ මිය ගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි ඒ.ආර්.බණ්ඩාර මැණිකේ නැමැති කාන්තාවකි .

ඇයගේ මළ සිරුර සමඟ තවත් එරටේ දී මියගොස් සිටි ඉන්දියාවේ තිවේන්ද්‍රම් හි පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද  සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළේ ගල්ෆ් ගුවන් සේවා කාර්යාලයට භාර දී තිබුණේ එම මළ සිරුරු අදාළ රටවලට යැවීම සඳහාය. එහෙත් එහිදී සිදු වූ වැරදීමකින් මෙම මළ සිරුරු දෙක මාරු වී ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ගල්ෆ් ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

ඒ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත මළ සිරුර භාර ගැනීම සඳහා පැමිණ සිටි බණ්ඩාර මැණිකේගේ ඥාතීන් මෙම මළ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ විමසා බලා ඇති අතර එය ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකුගේ බව අනාවරණය වී තිබුණි.

මේ වනවිට මෙම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර ඉන්දියාව වෙත ආපසු යැවීම සඳහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත යළි ඇසුරුම් කිරීම සඳහා භාර දී ඇති අතර එය අද (22) ගල්ෆ් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් තිවේන්ද්‍රම් වෙත යැවීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මියගොස් සිටින බණ්ඩාර මැණිකේගේ මළ සිරුර ඉන්දියාවේ සිට හෙට (23) මෙරටට රැගෙන ඒමට නියමිතය.



අදහස් (1)

සවුදියේ දී මියගිය කතකගේ සිරුර වෙනුවට ඉන්දීය ජාතිකයෙකුගේ සිරුරක් ලංකාව

මංජුල බිරැට් Saturday, 23 March 2019 06:15 AM

දේහයටත් විදේස සංචාර

:       0       21

ඔබේ අදහස් එවන්න

දියත

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 21 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 15 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 119 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 282 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 119 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4074 9

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site