(මනෝජ් හර්ෂික)
කුවේට් රාජ්‍යයෙහි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35 දෙනකු ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයේ මැදිහත් වීමෙන් අද (25) දිවයිනට ගෙන්වා ගෙන තිබේ.
මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සඳහා ගිය පසු තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සඳහන් කරමින් ඒ රට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.
ඒ අනුව මෙම ශ්‍රමිකයින් පිළිබඳව වැඩිදුර කරුණු සොයා බලා පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ රැකියා අමාත්‍යවරයා තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මෙම ශ්‍රමිකයන් පිරිස දිවයිනට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේව නියුක්ති කාර්යාංශයට හැකිව තිබේ.
මෙම ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි පරිදි විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා තානාපති කාර්යාලයට හැකි වී ඇති අතර විදේශ රැකියා සඳහා පිටත්වන සියලු ශ්‍රමිකයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන ලෙස කාර්යාංශය සඳහන් කරයි.
පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද
ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස
අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ
අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම
කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.
’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදේශ රැකියා සඳහා පිටත්ව ගිය 35 දෙනකු ආපසු දිවයිනට
Ruchira Wednesday, 26 June 2019 03:29 AM
ඔවුන්ව ගෙන්වපු දේ හොද වැඩකි.