IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති

(වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව පොලිසියේ මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා තමන්ගෙන් ඉතාම අමානුෂික ආකාරයට පලි ගන්නා බව මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

විහාරස්ථානයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනකු අවස්ථා කිහිපයදී බීමත්ව සිටියටදි හසු වුණා.මේ ගැන පොලිසියට පැමිණිලි කළාම ඒවාට නීතිය ක්‍රියාත්මක නොකර මඩකලපුව අධිකරණයේ මට විරුද්ධව නඩු තුනක් පවරලා තියෙනවා.මේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ආපු දවසේ ඉඳන් මට හිරිහැර කරනවා .මේ ගැන මම ඉහළ පොලිස් නිලධාරින්ට දැනුම් දුන්නා.ඒකට නිසි අයුරින් කටයුතු කරන්නේ නැත්නම් මෙයට අපි විරෝධය පල කරනවා “යැයි ඒ හිමියෝ පැවසූහ.

මෙම මාධ්‍ය හමුව අවසානයේදි පොලිස් නිලධාරියකුගේ අනුරුවක්ද  සුමනරතන හිමියන් විසින් ගිනි තබනු ලැබිය.


 

 



අදහස් (17)

සුමනරතන හිමියෝ පොලිස් නිලධාරියකුගේ අනුරුවක් ගිනි තියති

dhamneth Wednesday, 23 August 2017 11:22 AM

ඔබවහන්සේ පොලිස් නිලධාරියෙකුගේ අනුරුවක් පිළිස්සීම බුදුදහම අනුව මොනවගේ ක්‍රියාවක්ද අපේ හාමුදුරුවනේ?

:       0       0

K Perera Wednesday, 23 August 2017 12:07 PM

වෛරයෙන් වෛරය නොසන්සිදේ!

:       0       0

siva Wednesday, 23 August 2017 12:21 PM

මේවගේ දේවල් කිරීම හිමි නමකට සුදුසු නැහැ, අනිකුත් ආගම්වල මේවා දැකල හිනාවෙයි

:       0       0

sahan Wednesday, 23 August 2017 01:44 PM

මේක හරියට පඹයකු විසින් තවත් පඹයෙකු පිළිස්සුවා වගේ වැඩක් නෙමෙයිද?

:       0       0

dasa Wednesday, 23 August 2017 04:28 PM

වෛරයෙන් වෛරය නොසන්සිඳේ...

:       0       0

NIRESH Wednesday, 23 August 2017 04:34 PM

මොන පිස්සුවක්ද මේ? මේ ආගමික නායකයෙක් නම් නෙමේ.... වෙනම කෙනෙක්. රටේ නීතියක් දන්නේ නැති හැටි හැබෑටම...

:       0       0

ඉන්දික Wednesday, 23 August 2017 08:19 PM

වෛරය ප්‍රකාශ කිරීම, බුදු දහමට යන කල.. අකටයතු කම් සිදුවනවා නම් කළයතු පිළියම් බොහෝය.. බුදු දහමේ පවතින කාරණාවලට හානි ගෙන එන දෑ කිරීම උචිත නොවේ.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 24 August 2017 02:38 AM

කුණුහරුපයෙන් බනිනවා විදුලිය හොරෙන් ගන්නවා මිනිසුන්ට පහරදෙනවා දැන් නිල ඇදුම් ගිනි තියනවා හොද බුදු පුත්‍රයෙක්

:       0       0

Rizwan Dubai Thursday, 24 August 2017 04:21 AM

කුජීතයි අපේ හාමුදුරුවනේ

:       0       0

Padmapriya Thursday, 24 August 2017 04:57 AM

බීමත් පොලිසිය ආරක්ෂා කිරීම යහ පාලනයේ එක අංගයකි/

:       0       0

Denesh Thursday, 24 August 2017 05:51 AM

මේක මම බොහෝ කරුණාවෙන්මයි කියන්නේ.. අනේ හාමුදුරුවනේ මේක නොවේනේ බුදුන්වහන්සේ දේශනා කරපු මාර්ගය. මෙවැනි ගැටීම තව තවත් දුකටමනේ අරන් යන්නේ.. ඔබ වහන්සේට ධර්මාවබෝධය ලැබේවා... තෙරුවන් සරණයි..!!!

:       1       2

Shan Thursday, 24 August 2017 06:29 AM

මේ මානසික අසනීපයට නම් ඉක්මණට බෙහෙත් කරන්න වෙයි.

:       5       42

shan saudi Thursday, 24 August 2017 02:03 PM

මේක මානසික රෝගයක් නොවේ. අනෙක් පළාත්වල ඉන්න අපේ සිංහල අයට මේ හාමුදුරුවෝ විඳින කරදර පෙන්නේ නෑ... උන් වහන්සේ නිසා තමා අදටත් ඔය පළාතේ බුද්ධාගම ඉතුරුවෙලා තියෙන්නේ.. කොළඹ ඉන්න ජාතියක්, ආගමක් නැති අයට බුද්ධාගමට හෙන ගැහුවත් කමක් නෑ මඩිය පිරෙනවා නම්...

:       0       5

Migids Thursday, 24 August 2017 09:35 AM

වෛරයෙන් වෛරය නොසංසිඳේ... මොහු මේ බණ පදය අසානැතුවද?

:       6       3

gamage Thursday, 24 August 2017 10:06 AM

බුදු දහම රැකගන්න.... තියෙන මුල් තැන එලෙසම රඳවා ගන්න. දේශපාලකයෝ සහ අපි කොච්චරදෝ දත කනවා. මට නම් ඒ තැන මොකද්ද කියලා තාම තේරෙන්නේ නැහැ. මම හිතන්නේ එය රැකන්න නම් අපි උන්වහන්සේගේ ධර්මය එලෙසින්ම පිළිපැදිය යුතුය යන්නයි. නමුත් එතකොට දැන් මේවාගේ දේවල් දකිනකොට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා ඔක්කොම ගැහැණු ළමයින්ගේ නම්වලට විතරක් සීමා වෙලාද කියලත් හිතෙනවා අම්මපා. අනේ යන්න.

:       0       35

kalum Thursday, 24 August 2017 01:58 PM

මාසෙකට විතර පොඩි රඟපෑමක් කරලා පිටරට ඉන්න අයගෙන් ආගම දහම බේරගන්න පොඩි සම්මාදමක් ගන්න විදිහ... ඒ නිසා එච්චර මේවට කලබල වෙන්න එපා.

:       0       0

ajith liyanage Monday, 28 August 2017 05:55 AM

"චේතනාහන් භික්කවේ කම්මං වදාමි "

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site