IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති

 

(එම් .සුසිල් ප්‍රියන්ත)

පරිසර හිතකාමී විශ්වවිද්‍යාල සිසුහු මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලින්  තුරන් වී ගිය දුර්ලභ ගණයේ කඩොලාන වර්ග යළි රෝපණය කිරීමට අද (11) පියවර ගත්හ.

කරන්දෙණිය මුත්තෙට්ටුව මාදු ගඟ වෙරළ පරිසර මධ්‍යස්ථානාධිපති පරිසරවේදී නලීන් ප්‍රසන්න මහතා මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේය.

රටේ විවිධ ප්‍රදේශවල සරසවි සිසුහු මේ අපුරු පරිසර සත් ක්‍රියාව කිරීමට කරන්දෙණියේ මුත්තෙට්ටුව ගම්මානයට පැමිණියහ.

එසේ පැමිණි ඔවුහු මාදු ගඟේ දූපත් කරා මෝටර් බෝට්ටුවලින් ගොස් දූපත්වල ගං ඉවුරුවල කඩොලාන පැළ රෝපනය කළහ.

රෝපණය කිරීමට අවශ්‍ය කඩොලාන පැළ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබා දෙනු ලැබීය. දූපත්වලට මෝටර් බෝට්ටුවලින් යන සිසුන්ගේ ජීවිතාරක්ෂාව සදහා ද නාවික හමුදාවේ ජීවිතාරක්ෂකයින් යොදවා තිබිණි.

දිවයිනේ විශ්ව විද්‍යාලවල සිසුවෝ 70 ක් මේ සඳහා එක්ව සිටියහ.



අදහස් (11)

සරසවි සිසුහු මාදු ගඟේ කඩොලාන සිටුවති

Yasapala Ponnamperuma Friday, 11 September 2020 10:16 AM

හොඳ අදහසක්... මෙම ව්‍යාපෘතියට මමත් මගේ ආචාරය පිරිනමනවා.

:       0       126

Raveendra Friday, 11 September 2020 10:29 AM

පුතේ දුවේ ඔබලාගේ මෙම උත්සාහය සාර්ථක වේවා..!! ඔබලාගේ සියලු පැතුම් ඉටුවේවා..!! ඔබලාව මෙලොවට බිහිකළ ඒ ආදරණීය දෙමාපියන්ටද යහපතක්ම වේවා !!! තමන්ගේ මෙන්ම අනුන්ගේද වටිනා කාලය මෙන්ම මහජන දේපල කාබාසිනියා කරන "අන්තරේ ඉන්න අයට මෙවන් වැඩදායි යමක් රට වෙනුවෙන් කිරීමට මොලය පෑදේවා...!!!

:       0       106

සෑම් Friday, 11 September 2020 10:48 AM

හොඳ වැඩක්... ඒත් කිඹුළන්ගෙන් ප්‍රවේසම් වන්න..

:       0       17

බද්රානි Friday, 11 September 2020 10:57 AM

දැන් ඔය කඩොලාන පැළ හිටවන එකත් අර කඩොලාන හා වනය විනාශකරන ව්‍යාපෘතියේම කොටසක්ද කියලා හිතාගන්න බැරිවයි මම නම් ඉන්නේ.. වැඩ දෙකම එකවර සිදුවෙන විට, තමන්ගේ වැඩේ කර ගන්න එක හරිම පහසුයිනේ නේද? කැලේ කපන එකට කිසිම විරුද්ධත්වයකුත් නැහැ.

:       752       874

රුචිත්Sunday, 13 September 2020 12:57 PM

නැන්දේ, අපි තමයි එකතු වෙලා මේ ව්‍යාපෘතිය සිද්ද කරේ... ලංකාවේ මේ දවස්වල වෙන දේවල්වල හැටියට ඔයා කියන එක නොවෙන්නත් බැරි කමක් නෑ. නමුත් පොඩි එවුන් ටිකක් වුණත් අපි තේරුම් ගත්ත දෙයක් තියෙනවා.. මේ රට උඩ ඉඳලා පහළට දියුණු කරන්න බැරි බව. ඉතින් උඩ ඉන්න මිනිස්සු විනාශ කරනවා නම් අපි පහළ ඉඳං ඒවා හිටවමු. එහෙම වුණොත් කවදාහරි ඔවුන්ටත් එහෙම නොකර රැකෙන්නට බැරි වේවි උඩ තැන් වල...

:       0       0

බද්රානි Wednesday, 16 September 2020 10:55 AM

රුචිත් පුතාගේ සංකල්පය හා ක්‍රියාව මම හදවතින්ම අගය කරනවා. නමුත් ඔබ අසා තිබෙනවද "උන පුරුකේ දැම්මත් බලු වලිගයේ ඇදය නැරෙයි" කියලා. ඒ නිසා එවැනි සුන්දර බලාපොරොත්තු නම් සිහිනයක්ම තමයි. බොහෝවිට මෙවැනි විනාශකාරී ව්‍යාපෘති වල නිරත වෙන්නන්, ඔවුන් කරන ක්‍රියාවට හාත්පසින්ම වෙනස් ක්‍රියාව කරන පිරිසක්, ඔවුන්ගේ අතකොලු හා ඉත්තන් වශයෙන් යොදා ගෙන ඔවුන්ව පාවිච්චි කරනවා . මෙහිදී සිදුවන්නේ, මෙම අවකල් ක්‍රියාව දකින යහපත් මිනිසුන්ගේ අවධානය වෙනතකට යොමුවීමයි. ඒ වාසිය ගන්නේ පරිසරය විනාශ කරන මේ අමනයින්මයි. තරුණ ප්‍රජාව ලෙස අප කල යුත්තේ, මේ පරිසරය හා ඓතිහාසික නටබුන් විනාශ කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජයට බල කිරීමයි. අවාසනාවකට අපේ රටේ තරුණ පරපුර ඇතුළු ජනතාව ගෙන් බහුතරයක් රැල්ලට ගහගෙන යන පරඬල්, පුහු පොල් ගෙඩි වාගෙයි.

:       0       0

kamal Friday, 11 September 2020 11:03 AM

ඉතාම වටිනා වැඩක්... සහභාගී වූ සැමට පින්... සහභාගී නොවූ අයට හිතක් පහළ වේවා..!!!

:       0       74

Puppa Saturday, 12 September 2020 01:32 PM

අර සුදු ඇඳගත්ත මහජන නියෝජිතයන් කියන ගොන් තඩි ඔතන නැති එක ලොකු දෙයක්...

:       0       0

LAWRENCE PERERA Sunday, 13 September 2020 02:44 AM

ඔක්සිජන් කන්නද අැමති කෝ?

:       0       0

champika gamage Sunday, 13 September 2020 05:25 AM

ඔබලාව හොරු රජ පුටුවේ ඉන්දවලා... මට පව් කියලා හිතෙනවා. නුඹලා කරන වැඩේ හොඳයි, ඒවා විනාශ කරන්න දෙන්න එපා. ඔබලාට ජය...!!! 

:       0       10

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 September 2020 03:13 AM

ඉතාමත් හොඳ පරිසරකාමී ක්‍රියාවක් .. ඉහළින්ම අගය කරමු. රටේ සිටින ඉහළම බුද්ධිමතුන් පිරිස මෙවන් දේට යොමුවීම ගැන කිසිදු විවාදයක් නැහැ ප්‍රශංසා කලයුතුමයි. රටේ කිසිදු වැදගැම්මක් හෝ උගත්කමක් නැති පරසර පාළුවන් අපගේ පරසරය, ගහකොළ වනසන යුගයක ඔබ වැන්නන් කරන මේ වැනි පරසර ක්‍රියා අප මවුබිම රැකගැනීමට පරසරය රැකගැනීමට කරනා සුවිශේෂී කර්තව්‍යයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබ සැමගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ... !!! ස්තුතියි.

:       0       76

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site