IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සජිත් පාක්ෂිකයන් හමුවෙයි

(නිමල කොඩිතුවක්කු)    

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකවරයා වූ  සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි ඒ මහතාගේ ප‍්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ දී සිය පාක්ෂිකයන් හමුවී මැතිවරණ සමයේ දැක්වූ සහාය වෙනුවෙන් ස්තූතිය පුද කරනු ලැබීය.

පෙරවරු 10.00 ට පමණ වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට පැමිණි සජිත් පේ‍්‍රමදාස මහතා පිළිගැනීම සඳහා දහස් සංඛ්‍යාත පාක්ෂිකයන් පිරිසක් මැතිවරණ කාර්‍යාලයේ සහ ඒ අවට මාර්ග වල රැඳී සිටියහ.

සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඒ මහතාගේ බිරිඳ වන ජලනි පේ‍්‍රමදාස මහත්මියත් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

වෝක්ෂෝල් වීදියේ පිහිටි මැතිවරණ  මෙහෙයුම් කාර්යාලය අවට රැස්වූ පිරිස වැල නොකැඩී පැමිණ සජිත් පේ‍්‍රමදාස මහතාට ආචාර කර සුබ පැතුම් එක් කරනු ලැබීය.

සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරණයෙන් පසු පාක්ෂිකයන් හමුවූ පළමු අවස්ථාව මෙය වූ  අතර එහිදි පාක්ෂිකයන් විසින්  සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සඳහා ද  සුබ පැතුම් එක් කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හරීන් ප‍්‍රනාන්දු, හර්ෂ ද සිල්වා, එරාන් වික‍්‍රමරත්න, නලීන් බණ්ඩාර, දිලීප් වෙද ආරච්චි, තුෂාර ඉදුනිල් අමරසේන, තලතා අතුකෝරලා, චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (15)

සජිත් පාක්ෂිකයන් හමුවෙයි

asanka Thursday, 21 November 2019 08:36 AM

කෝ අනේ රාජිත ?

:       1       167

suranjith Thursday, 21 November 2019 08:39 AM

මැතිදුනි, පාක්ෂිකයෝ ඔබ සමගයි. අධෛර්ය නොවෙන්න. ඉදිරියට එන්න. අලුත් පක්ෂයක් ආරම්භ කරන්න.

:       209       475

BamunuarachchiThursday, 21 November 2019 02:19 PM

ඔය දන්නා සෙල්ලම් ඔක්කොම දාලා තමයි ඔය ටික ගත්තේ.

:       215       76

ChathuriThursday, 21 November 2019 10:51 PM

මේ ලබා ගත් ඡන්ද ටික වටින්නේ කිසිම කෙනෙක් පාවා දීලා කොන්කරලා හිත් රිදවලා නෙමේ.

:       28       0

රජින්ද Thursday, 21 November 2019 08:57 AM

පඹයෙක් රජ කරපු පසුගිය 2015න් පාඩමක් ඉගෙනගත් ජනතාව මොවුන්ට දිය යුතු සුදුසුම දඬුවම දී ඇත.

:       47       772

DarshanaThursday, 21 November 2019 09:17 AM

ඔබ හරියට හරි ......

:       58       295

reks Thursday, 21 November 2019 09:01 AM

සජිත්, පැරදුනේ ඔබ නොවෙයි. රනිල් ඇතුළු සමස්ත ආණ්ඩුවයි. ඔවුන්ගේ මුග්ධ වැඩපිළිවෙලයි. ඔවුන් හරිහමන් විදියට ජනතා අපේක්ෂා ඉටුකලානම් ඔබට මේ ඉරණම අත් නොවෙයි. ඔබ ඔවුන්ගේ උගුලට හසු උනා පමණයි.

:       218       513

mangala Thursday, 21 November 2019 11:17 AM

මෙතන ඉන්න කිසිකෙනෙක් සිංහල බෞද්ධ රටක පිරිසක් නොවේ.

:       621       609

wimal Thursday, 21 November 2019 11:24 AM

ධර්මයේ බලයයි.

:       318       203

sirimal Thursday, 21 November 2019 02:08 PM

දැන් එතකොට රැස්වීම් වලට මිනිස්සු පිටරටවල් වලිනුත් ගෙන්වනවද ?

:       3       4

ChathuriThursday, 21 November 2019 10:59 PM

පිටරට වලින්\ ඉදිරියට අරන් එයි. රැස්වීම වලට කමලාසන් වැනි නළුවන් මෙවර ටිකක්. අමාරු වෙයි මුදල් හොයා ගන්න

:       1       0

Bandara Thursday, 21 November 2019 05:09 PM

අපේ ගමේ මරණාධාර සමිතියට මීට වඩා මිනිස්සු එකතු වෙනවා

:       78       50

Bandara Thursday, 21 November 2019 05:13 PM

මෙතැන් සිට මෙම සමිතිය දිවියන් සුරැකීමේ ග්‍රාමීය සමිතිය ලෙස නම් කරනු ලැබේ.

:       22       14

Chathuri Thursday, 21 November 2019 10:55 PM

මංගලා ඔබ කියලා තියෙන විදියට බෞද්ධ අය නෙමේ කියලා දන්නේ කොහොමද. ඇයි මෙතරම් මෝඩ .

:       12       34

anura Friday, 22 November 2019 02:39 AM

මේ බහුතරයක් අසරණ ජනතාව දේශපාලනය කරන්නේ සීමාසහිත වූ රජයේ රැකියාවලට අඩු සුදුසුකම් ඇති දූ දරුවන් රැකියාවකට දමා ගන්නේ කෙසේ දැයි යන අභිප්‍රාය ඇතිවයි. මෙය වෙනස් කළ යුතුය. තරුණ ජනතාවගේ හැකියාවන් ඉහළ නංවා රැකියා අවස්ථා පුළුල් කළ යුතුය. නැතිනම් ලංකාව තවත් පසු පසට ගමන් කරයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site