IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


විල්පත්තුවේ පෞරාණික ස්ථාන දිනෙන් දින විනාශයට

(එච්.චන්දන)

විල්පත්තු අභය භූමියට අයත් කුදිරමලේ තුඩුව පිහිටි ප්‍රදේශයේ ඇති ඉපැරණි අශ්වයකුගේ රුවක් සහ මුස්ලිම් සාන්තුවරයකුගේ සොහොන තිබූ ස්ථාන දිනෙන් දින විනාශ වෙමින් පවතියි.

මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටා ඇති මෙම ස්ථානයේ විවිධ පුරාවිද්‍යා වටිනාකම් රැසක් කියා පාන ස්ථානයක් වන අතර එම ස්ථානය කිසිදු සංරක්ෂණයක් සිදු නොකිරීම නිසා එහි පුරාවිද්‍යා වටිනාකම්ද පොළවට පස්වෙමින් තිබේ.

ක්‍රි:පූ: 543 වකවානුවේ විජය කුමරු සිය පිරිවර සමඟ මෙම ප්‍රදේශයෙන් ලක්බිමට පය තැබූ බව ඉතිහාසයේ සඳහන් තම්බපණ්නියද මෙම ප්‍රදේශයේ පිහිටා තිබේ.

කුදිරිමලේ තොට හෙවත් අශ්ව කන්ද යන නමින් අතීතයේ මෙම ස්ථානය නම් කර ඇති අතර ඉදිරියට පාදය ඔසවා ගෙන සිටි අශ්වයකුගේ විශාල රුවක් මෙම ස්ථානයේ තිබී ඇති අතර එය එල්.ටි.ටි ත්‍රස්ත්‍ර ක්‍රියා වලින් විනාශවී තිබේ.

මෙම ස්ථානයේ යකඩ ආවර්ණයකින් ආරක්ෂාවක් යොදා ඇති නමුත් එම ස්ථානය මේ වන විට විනාශවී තව නොබෝ දිනකින් මුහුදට බිලිවිය හැකි බව දක්නට ලැබෙන අතර  මුස්ලිම් වෙළඳ ප්‍රජාව මෙම ස්ථානය භාවිතා කර වෙළදාම් කළ බවටද අතීත තොරතුරු වල සඳහන් වෙයි.

පහලින් මුස්ලිම් සාන්තුවරයකුට අයත් යැයි සැලකෙන සොහොනක්ද ඇති අතර එයද කිසිදු සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වෙමින් පවතින බව දක්නට ලැබේ.

මෙම ස්ථානයේ විශාල පැරණි ගඩොල් රැසක්ද තැනින් තැන විසිරී ඇති අතර වර්තමානයේ මේ  ප්‍රදේශවල විවිධ ස්ථාන වල නාවික හමුදා නිලධාරීන්  පමණක් සිටින ආකාරය දක්නට ලැබෙන අතර වෙනත් කිසිවකු දක්නට නොලැබේ.

මේ ආකාරයෙන් විල්පත්තු අභය භූමිය තුල  පිහිටා ඇති මෙවැනි ස්ථාන දිනෙන් දින විනාශ වීමට ඉඩ නොදි එවා ආරක්ෂා කිරීමට මේ පිළිබඳ වග කිවයතු  නිලධාරීන් කටයුතු නොකිරීම  කණගාටුවට කරුණකි.

පෞරාණික වටිනාකමකින් යුත්ත ඉපැණි කරුණු රැසක් අණාවර්නය කර ගැනීමට හැකි මෙම ස්ථානය සංරක්ෂණය කොට ඉදිරි පරපුරට ආරක්ෂා කර දීම ජාතික වගකීමකි.



අදහස් (7)

විල්පත්තුවේ පෞරාණික ස්ථාන දිනෙන් දින විනාශයට

arschfikaa Tuesday, 03 July 2018 10:08 PM

කුදිරමලේ නොහොත් අශ්ව කන්ද කියන ස්ථානය ,ඒ කාලවල සේම බ්‍රහස්පතින්දා රාත්‍රියකම දහස් ගණන් මුස්ලිම් වෙළෙන්දන් ඇවිත් වෙළඳාම් කරපු තැනකි...........

:       98       244

siripala Wednesday, 04 July 2018 02:03 AM

පුරාවිද්‍යාත්මක ස්ථාන නියමාකාරයෙන් ආරක්ෂක අංශ වෙත පැවතිය යුතුය.සංරක්ෂණය එකවර කල නොහැකි විය හැක එතෙක් ආරෂා කලයුතුය.

:       0       38

Bamunuarachchi Wednesday, 04 July 2018 02:20 AM

ඉස්ලාම් ආගමේ සාන්තුව්රයෝ නැත. හිටියත් ලංකාවේ කොහෙන්ද? මේක අනාගත මුස්ලිම් පල්ලියක් සාදා ගැනීමේ මූලික අඩිතාලමක් දැමීමක්. අසුවෙන්න එපා ඔය ගැටයට. ඩෝසර්කර දමන්න.

:       1303       1432

nisarWednesday, 04 July 2018 06:45 AM

කොච්චර පෞරාණික වටිනාකමක් තිබුනත් සංරක්ෂණය කෙරුවත් කවදා හෝ විනාශවී කුඩුපට්ටම් වෙලා යන ලෝකයක්නේ මේක. ඩෝසර් කෙරුවත් එකයි නැතත් එකයි. ආගම තියෙන්නේ හිතේ මිසක් ගස් ගල්වල නොවෙයි...............

:       19       211

BamunuarachchiFriday, 06 July 2018 12:26 PM

එහෙනම් ඉතින් පල්ලි මොකටද?

:       6       69

lal Wednesday, 04 July 2018 04:47 AM

මෙය බොරුවක්, අපේ සිංහල බෞද්ධ ශ්‍රී ලංකාව පනමෙන් රැකගමු.

:       349       205

බද්රානි Wednesday, 04 July 2018 07:10 AM

වල් වැදිලා තියන දෙයක් වෙනත් කවුරු හෝ, අයිතිවාසිකම් සංරක්ෂණය කරන්න පටන් ගත්තාම තමයි සමහරුන් ගේ ඇස් දෙක ඇරෙන්නේ?

:       0       39

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6139 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site