IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට බෙදන හැටි කෘතිය එළි දකියි

(ශාන්ත රත්නායක)

‘ව්‍යවස්ථා සෙල්ලමෙන් රට බෙදන හැටි‘ කෘතිය  එළිදැක්වීමේ උත්සවය සියම් මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී  ආචාර්ය

මැදගම ධම්මානන්ද හිමියන්ගේ ප්‍රධනතත්වයෙන් අද 19  පුස්තකාල ප්‍රලේකන සේවා මණ්ඩලයේදී  පැවැත් විණි.
එහිදී මහජන රාජ්‍ය සභාවේ සභානායක මහාචාර්ය පුජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන  හිමියන්   මැදගම ධම්මානන්ද හිමියනට කෘතිය පිළිගැන්වීය.

ජාතික සංවිධන එකමුතුව නියෝජන කරමින්   බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු මහජන රාජ්‍ය සභාවේ උත්තරීතර මණ්ඩල සභිකයෝ පිරිසක් ද එක්වූහ.

 



අදහස් (50)

රට බෙදන හැටි කෘතිය එළි දකියි

Ruwan Thursday, 19 October 2017 01:09 PM

බුදුන් වදාළ ධර්මයට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුව යන එක තමයි භික්ෂුවකට ගැලපෙන්නේ.

:       2063       3330

dahamThursday, 19 October 2017 03:06 PM

රුවන්, ටිකක් පුළුල්ව කල්පනා කරන්න ඇයි අලුත් ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න හදන්නේ කියල. මෙච්චර විරෝධයක් එන්නේ ඇයි කියල හිතල බලන්න. සංඝරත්නය හිටියේ නැත්නම් දුටු ගැමුණු රජ්ජුරුවන්ට යුද්දේ ජය ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් එළාර මේ රට අල්ල ගෙන මේ වන විට අපි ඔබ ඉන්නේ දෙමල රාජ්‍යයක.

:       3314       3515

PerumalFriday, 20 October 2017 03:04 AM

දුටුගැමුණු රජ්ජුරුවො පරාද වුනානම් සිංහලයන්ට ඉන්ට වෙන්නෙ දෙමළ රාජ්‍යයක. අද දෙමළ මිනිස්සු ඉන්නෙ සිංහල රාජ්‍යයක. මේ දෙකම අවුල් නේද? රාජ්‍යයට ජාතියක් ආගමක් මොකටද කියල මටනම් තේරෙන්නෙ නෑ. අශෝක රජ්ජුරුවන්ගේ ඉන්දියාව තුළ බුද්ධාගම වර්ධනය වුණා නමුත් රාජ්‍යාගම බුද්ධාගම කළාද?

:       331       881

RuwanFriday, 20 October 2017 05:38 AM

මහින්ද හාමුදුරුව කිව්වා වගේ අලුත් ලෝකයත් එක්ක අපි වෙනස් නොවෙන තරමට අප සදා අසරණ ජාතියක් බවට පත්වනවා නිසැකයි. එමනිසා තියෙන වැරදි හැගෙන ව්‍යවස්ථාව වෙනස් කිරීම කාලෝචිත තිරනයක්. විරුද්ද පිරිසට එයට ඔවුන්ගේ අදහස් එකතු කිරීමටත් අවස්තාවක් දිය යුතුයි.

:       148       1124

RuwanFriday, 20 October 2017 05:43 AM

අපිත් වෙන රටක සිට ඇවිත් එම රට අල්ලාගෙන එක අපේ අපේ කියල කෑගහන පිරිසක්. ධර්මයත් ජාතියත් වෙන රටක. එම නිසා බුදුන් වදාළ විදයට කිසිවෙකු උපතින් ජාති ආගම බෙදා ගන්න එපා. එහෙමනම් අපි වෙනරටවල ගිහිල්ල ධර්ම ප්‍රචාරණය කරන්නේ මොන පරමාර්තයකින්ද.

:       94       1003

samanThursday, 19 October 2017 04:43 PM

රුවන්, වරද දැක දැක මැද මාර්ගයේ යන්න බෑ නේද භික්ෂුන් වහන්සේ නමකටවත්

:       1052       511

sahanFriday, 20 October 2017 01:54 PM

මැද මාවතේ නොවේනේ අපේ හාමුදුරුවනේ යන්නේ... ඒකට අපේ මහරජා පත්කර ගනිමු. එ්කනේ මේ වහන්සේලා මීටින් තිය තියා කියන්නේ...

:       38       139

NishanThursday, 19 October 2017 10:01 PM

මෙන්න කල්ලිය එලි බැහැලා. හැංගි හැංගි වෙස් බැන්ද අය දැන් එලියට ඇවිල්ලා නැටිල්ල ඉදිරිපත් කරන්න.

:       6       117

KamalFriday, 20 October 2017 02:57 AM

දැකලවත් නැති ව්‍යවස්ථාවක් ගැන පොත් ගහල. මෙයාලව මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වන්න ඕනා.

:       343       880

bamunu Friday, 20 October 2017 03:59 AM

ඔය කියන විදිහට හැමදුරුවරු බුදුන් වදාළ ධර්මයට අනුව මධ්‍යම ප්‍රතිපදාව අනුව ලංකාවේ හාමුදුරුවරු වැඩ කලානම් ලංකාවෙන් බුද්ධාගම තුරන් වෙලා බොහොම කල්. මෙරටේ සිංහල ජාතිය රැක ගන්න භික්ෂුව කල දේවල් ඉතිහාසය දැන කියවාම නගන්න ඕනේ. මෑත ඉතිහාසයේ එනම් 1815 දී වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් සුද්දට විරුද්දව කල දේත් ගුණානන්ද හිමි ක්‍රිස්තියානි පූජකයින් සමග කල වාද ගැන නොදන්නා සිංහලයෝ ඕනෑතරම් ඉන්නවා ඒගොල්ලෝ තමයි හාමුදුරුවරු පන්සලට පමණක් සීමා කොරන්න හදන්නේ.

:       708       615

sahanFriday, 20 October 2017 02:01 PM

ඒකනේ සිංහල ජාතිය, බුද්ධාගම ගැන කතා කරපු ඒ වෙනුවෙන් පෙරමුණ ගත්ත බණ්ඩාරනායක මහත්තයා මරා දැම්මේ... කව්ද ඒක කළේ? අන්‍ය ආගමිකයෝද? අන්‍ය ජාතිකයෝද?

:       0       13

bamunuSaturday, 21 October 2017 02:39 AM

සහන්, බණ්ඩාරනායක ඝාතනය කරපු කාලේ ඔබ ඉපදීවත් නොමැති බව අහපු ප්‍රශ්නයෙන්ම තේරෙනවා. පුවත්පත්වල පළවූ එම නඩුව ඒ කාලෙම කියවූවා නම් ඔය වගේ ප්‍රශ්නයක් අසන්නේ නැත.

:       0       0

kap Thursday, 19 October 2017 01:52 PM

මේ ඔක්කොම දේවල් බලාගෙන අපි ගෙදර සෝවාන් ඵලය ලබල වගේ ඇස්කන් වහගෙන ඉන්නවා. අන්තිමට මේ දෙගොල්ලම එකතු වෙලා අපිට කෙලවනවා

:       104       387

piyalFriday, 20 October 2017 03:29 AM

දරුවා බඩේ ඉන්න්නකොට ස්කෑන් පරීක්ෂාවක් කරනවනේ. ඒක තමා මේ කරන්නේ.

:       7       106

sahanSaturday, 21 October 2017 02:01 AM

දැන් පියල් ඔයාගේ ළමයාගේ තාත්තා කව්ද?

:       0       0

jayana Thursday, 19 October 2017 01:55 PM

ආවේ නැති ව්‍යවස්‌ථාවක් ගෙන ඔබතුමාලා මොනවද මේ කියවන්නේ? හාමුදුරුවෝ ආගම කියල දෙන්න. ව්‍යවස්‌ථාව පාර්ලිමේන්තුව හදයි. ඒ අය පත් කරගෙන තියෙන්නේ ඒකටයි.

:       2687       3346

කසුන් Thursday, 19 October 2017 03:27 PM

මහා පොලවේ යථාර්තය, ඇත්ත දකින රටේ ඒකීය භාවය වෙනුවෙන් ඉදිරිපත් වෙන ගරුතර සංඝරත්නය මැදිහත්වීම වටිනාකමින් දකින්න පුරුදු වෙන්න !!

:       1056       716

aseFriday, 20 October 2017 03:32 AM

ගරුතර සංඝරත්නය ?? ඇයි සාක්කුවට බොරු කියන්නේ...., මෙතන ඉන්නේ පස්ස දොරෙන් දේශපාලනය කරන අය නේද ?? අපේ ජාතිය විනාශ වෙන්නේ බොරුවෙන් නේද ??

:       24       177

Nishan Thursday, 19 October 2017 10:03 PM

එක පැත්තකින් ආගම වැනසෙනවා. ඒක ගැන හ්ම්ම් නෑ. තමුන් කල යුතු දේ පසෙකට දාලා රට පාලනය කරන්න ඇවිල්ලා.

:       50       136

සමන්ත Friday, 20 October 2017 01:22 AM

"හොරුන්ට කඩේ යාම ජයටම කෙරීගෙන යන පාටයි එත් මතක තබා ගත යුතුයි. ජනමතය දී ඇත්තේ රට දියුණු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහායි. ඉන් රට නොබෙදා තවත් ශක්තිමත් වෙන බව ඕන මෝඩයෙකුට තේරෙනවා.

:       179       501

sarat Friday, 20 October 2017 01:26 AM

ව්‍යවස්ථාව ගැන ,එහි අන්තර්ගත යෙදුම් , ඉවත් කර ඇති වාක්‍ය,ඇතුල් කර ඇති නව යෙදුම් ගැන විද්වතුන්ගේ කථා අහපුවහම තේරෙන්නේ මේ ආණ්ඩුව ,සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළුව,අපව රවට්ටන බවයි.මේ ආණ්ඩුව කරන තරමක් බොරු කරන්නේ. කියන තරමක් බොරු කියන්නේ.මිනිස්සු මෙයාලව පත් කලේ පසුගිය රජයේ වැරදි නිසා, මොවුන් ඊටත් එහා ගිහින් කරන බොරුව නිසා රට තව තවත් පල්ලට යනවා.හාමුදුරුවරුන් නොමග යවමින් බොහෝ කල් පවතින්න බැරි බව රජය විශේෂයෙන් අගමැති රනිල් තේරුම් ගත යුතුයි..............

:       411       180

ලුම්බිණි Friday, 20 October 2017 02:08 AM

බොහොම දෙනෙක් (සමහර මාධ්‍යන් ඇතුළුව) තවමත් හිතන් ඉන්නේ එළාර - දුටුගැමුණු යුද්ධේ ඉවර නැහැ කියල වගෙයි පෙනේනේ. බුදුන් වහන්සේ මමය, මාගේය, අපේය කියන සංකල්ප වලින් දුරුවෙන්න කියල කියපු බවකුයි මම අහල තිබුනේ. බුදු දහමත් පිට රටකින් ආපු එකක් නිසා සමහර විට මම වැරදියට අහල තියෙනවා ඇති. හාමුදුරුවරු මට වඩා ආගම ගැන දන්නා අය නේ. ඒක වෙන්න ඇති මේ රටින් අඟලක් වත් මොකෙකුට වත් අපි දෙන්නේ නැහැ කියන්නේ.

:       34       161

nishantha Friday, 20 October 2017 02:43 AM

ආගම යනු ලබන ආත්මයේදී පොළී ගෙවන වංචනික පොරොන්දුවක් පිට නොමිලේ ප්‍රවේශපත්‍රයක් ලබාදී , මිනිසා පවත්නා සමාජ ක්‍රමයටම අනුගතකොට කරුමයම මැයි කියවමින් එහි බැඳ තබන ක්‍රියාවලියයි... ඊට අමතරව ආගම විසින් මිනිසාගේ නිර්මාණ ශක්තිය තර්කන බුද්ධිය විනාශකර ආගමික වහල්ලු පිරිසක් බිහි කරති... දුපත් මානසිකත්වයින් පිරි ලංකාව එකට තෝතැන්නකි...

:       0       527

chandana Friday, 20 October 2017 02:49 AM

මේ අවස්ථාවේදී ගරුතර සංඝරත්නයෙන් දෙපා නමැද ඉල්ලා සිටින්නේ බංකොලොත් දේශපාලන මුදලාලිලාගේ රූකඩ බදු ඉත්තන් නොවී රටට සුදුසුම දිශාවට රට මෙහෙයවන්න උපකාරී වන උපදෙස් ජනතාව බහුතරක් ඡන්දයෙන් පත්කළ වර්තමාන නායකයන්ට දෙන්න කියායි ...

:       33       133

maal Friday, 20 October 2017 02:50 AM

මෙතන ඉන්න ඔක්කොම හිටපු ජනපති මහින්දගේ ගෝල බාලයෝ. මහින්ද මහත්තය තවම පැත්තකට වෙලා ඉන්න අදහසක් නැහැ වගේ. තුන්වෙනි පාරටත් නීතියේ හැටියට ජනපතිවෙන්න බැරි බව නොදන්නා බබා. බොහොම ලෙහෙසියෙන් ෂෝට් කට් වලින් නිවන්දකින්න හදන තේරවාදී බුදු දහමට වඩා මහායාන බුදු දහම තමා ලංකාවට ගැලපෙන්නේ. ජපානය ලාඕසය වගේ රටවල ලංකාවේ තරම් අපරාධ සිදුවෙන්නේ නැහැ.

:       1       226

sumane Friday, 20 October 2017 04:13 AM

17 18 කිය කියා තිබුන ව්‍යවස්ථාවට වෙට්ටු දාන කොට මේ කට්ටිය කොහෙද හිටියේ ?

:       1       257

bamunu Friday, 20 October 2017 04:28 AM

jayana මහත්මයෝ සිංහල කතාවක් තිබෙනවා "හරකා හැරෙන කොට දන්නවා පොල් පැලේ කන්න කියලා" සම්බන්න්දන්ලා සහ දෙමල ඩයස් පෝරාව ඉල්ලන ඉල්ලීම් මොනවාද කියා ඔබ නොදන්නවාට රටේ පාසල් ළමුන් පවා දන්නවා ඒ ඉල්ලීම් මොනවාද කියා. ව්‍යවස්‌ථාව සංසෝදනය කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම දෙන්න ඕනේ නිසා බවත් මෙරටේ මිනිස්සු දන්නවා. සම්බන්දන්ලා මෙම ලියවෙන ව්‍යවස්‌ථාවට විරුද්දව කතා නොකරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් ලබන නිසාය.

:       405       116

ranga Friday, 20 October 2017 04:44 AM

ලොව ඕනෑම රටකට සම්ප්‍රදාය කියා යමක් තිබේ. ලිඛිත ව්‍යවස්ථාවක් නැති බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව පවා කටයුතු කරන්නේ සම්ප්‍රදාය අනුවයි. එසේම අපටත් සම්ප්‍රදායක් තිබේ. එය මුළුමනින්ම පාහේ බෞද්ධ මහා විහාර සම්ප්‍රදායයි. සුද්දන් පවා එයට ගරු කලා. ඒකයි උඩරට ගිවිසුමේ පවා ඒ සම්බන්ධ විශේෂ විධිවිධාන සඳහන් වන්නේ. ඒ ගිවිසුමට පටහැනිව යමින් කටයුතු කල ඉංග්‍රීසීන්ට විරුද්ධව කැරලිගහපු නායකයන්ව රජද්‍රෝහීන් ලෙස වැරදි ලෙස අර්ථ නිරුපනය කර නම් කර තිබුණු නියෝග මේ රජයෙන් ඉතාමත් නිවැරදි ලෙස අවලංගු කලා. දැන් ඉංග්‍රීසින් එදා කල වරදම මේ රජය ආයිත් කරනවද?

:       14       10

mahee Friday, 20 October 2017 04:58 AM

ඔය ඉන්නේ හැබැවටම රට ජාතිය ගැන හිතන පිරිසක්ද? පොඩ්ඩක් ඉන්න කට්ටියගේ මෑත අතීතයේ කටයුතු දිහා බලන්න. පරාජිතයන්ට ආවඩමින් යන එකට වඩා දෙයක් කරලා තියෙනවද? මේකත් ඒ ක්‍රියාවලියේම තවත් පියවරක් පමණයි.

:       1       154

bamunuFriday, 20 October 2017 11:06 AM

සම්බන්ධන්ලා, විග්නේශ්වරන් ලා එළිපිටම කියනවා ඒ ගොල්ලන්ට ෆෙඩරල් රාජ්‍යක් ඕනේ කියලා. අඩුතරමින් ඉදිරියට ෆෙඩරල් රාජ්‍යයක් ලබාගැනීමට අඩිතාලමවත් නොවැටෙනවා නම් ඔවුන් මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වනු ඇත. අමුත් මේ කෙරෙන ව්‍යවස්ථා සංශෝධනයට ඒ ගොල්ලන් විරුද්ධ නැත. එයින් ගම්‍ය වන්නේ කුමක්ද? ඕක තේරුම් ගන්න බැරි සිංහලයාගේ ඔලුගෙඩි වලට හෙන වැදිලා නිසාද? සම්බන්ධන්ලා මෙරටේ ශ්‍රී ලාංකිකයින් හැටියට පෙනී සිටීමේ වුවමනාව නැත. ද්‍රවිඩයින් ශ්‍රී ලාංකිකයින් හැටියට පෙනී සිටිනවා නම් මේ ප්‍රශ්න කිසිවක් නැත. එසේ බැරි නම් සුළු ජාතියක් හැටියට ඉන්න. 2012 සංඛ්‍යා ලේඛන අනුව 12% සිටින ලාංකික ද්‍රවිඩයින්ට මොන ෆෙඩරල්ද?

:       62       1

sahanFriday, 20 October 2017 01:56 PM

ඔබලා වගේ අය නිසා තමයි මේ රටේ සමගිය නැතිවී රටට හෙන වැදී ඇත්තේ....

:       0       63

bamunu Saturday, 21 October 2017 03:02 AM

ෂාන් අපිවගේ අය නිසා තමයි ඔබලාගේ මුනුබුරු මිනිබිරියන්ටත් මෙරට රැකෙන්නේ. ඔබට නිකමටවත් හිතෙන්නේ නැද්ද ඇයි ද්‍රවිඩයින්ට මේ රටේ ශ්‍රී ලාංකිකයින් හැටියට ඉන්න බැරි කියලා. ඔවුන් ගිය වෙන රටවල ඒ රටේ ජාතිකයින් හැටියට ඉන්න පුළුවන් මෙරටේ බැහැ. ඒ ඔබ වැනි සිංහලයින් ෆෙඩරල් දීමට කැමති නිසා. ඔයකියන සමගිය ඔනීනම් මොකටද පිඅපි අවුරුදු 30 යුද්ධ කලේ? ලැජ්ජයි හලෝ සිංහල කමටත් ලැජ්ජයි .

:       0       0

tarzan Friday, 20 October 2017 05:07 AM

දැන් බලනකොට රට එකසේසත් කරපු අන්තිම රජ්ජුරුවෝ.

:       7       16

K Perera Friday, 20 October 2017 05:24 AM

කවුද මේ වලිගය පාගාගෙන දගලන්නේ! රට බෙදන එක කවමදාවකවත් සිදුවෙන්නේ නැහැ. එළාරටත් ඉස්සර සිට ඕක තිබුනදෙයක්නේ, අතීතයේත්, වර්තමානයේත්, වගේම අනාගතයේත් බලයට පැමිණෙන කිසිදු පක්ෂයක් රට බෙදන්නේ නැහැ. එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ජනතාවට (සැවොම නෙවේ ) ජාති ආගම් බේද පතුරුවා රට ආපස්සට ඇද දමන්න එපා.

:       5       219

Tissa Friday, 20 October 2017 05:36 AM

දොස්තර සංගමයට බාර දෙමු. සියලුම ප්‍රශ්න අවසන්.

:       0       197

sesath Friday, 20 October 2017 05:47 AM

ඔතැන ඉන්නේ මහින්දට කඩේ යන උන්නාන්සේලා ටික නේද

:       2       600

arnold Friday, 20 October 2017 05:57 AM

ව්‍යවස්ථාව සංශෝධනය කරන්න ඕන නම් ඉතා සද්භාවයෙන් කවුරුත් එකතු වෙලා එය කළ යුතුයි . මේ යන තත්වය බයානකයි. මොකද මේ ගැන අගමැති, කිරිඇල්ල ඇමති තුමා, JVP එක පවා එයාලගෙන් ප්‍රශ්න අහන කොට හිරවෙච්ච් ගමන් දෙන උත්තරය තමයි තාම මේක කොළ කෑල්ලක් විතරයි නේ කෙටුම් පතක් වත් නෙමෙයි නේ.. කොලකෑල්ලක් උනත් කරුණු නේ ඇතුළත් කරන්න යන්නේ. මෙයාල කියන ඒවා ඇහුවම හරි සැකයි. දැන්දැන් මෙයාල කරන වැඩ දැක්කම සැකය වැඩි වෙනවා. අදිවේගය ගැන ප්‍රශ්න, සයිටම් ගැන ප්‍රශ්න, හාල් පිටරටින් ගේන ප්‍රශ්න.......තවත් තියනවා කියල වැඩක් නෑ. එක්කෝ මෙයාලට වැඩ බෑ එක්කෝ වෙන මොකක් හරි හිතේ තියන් මේකට ඇත ගැහැව්වේ.. අපි කොච්චර බලාපොරොත්තු ඇතුවද 2015 ජනවාරි 8 ඉඳන් හිටියේ. මෙහෙම බැලුවම මෙයාල ව්‍යවස්ථාවට අත නොතැබිය යුතුයි....

:       126       25

nahee Friday, 20 October 2017 06:22 AM

මනෝ ලෝකවල රජවෙන්න අපිත් ඉස්සර හරි ආසයි. මෙතනත් රාජ්‍ය සභාවක් තියෙන හින්ද කට්ටිය රජවෙලා කියල නිකමට හිතෙනවා ඇති. අනේ වාසනාවන්!

:       1       119

Jayampathi Friday, 20 October 2017 06:24 AM

මම දන්නේ නැති කමටයි අහන්නේ , දැන් ඔය දියුණු ලොකු ලොකු රටවලත් මහජන ඡන්දෙන් පත්වෙන රජයක් සහ එහි නායකයින් රටේ පාලනය සඳහා ගන්න තීරණ එම රටවල්වල අගමීක පුජකයින්ගෙන් අහනවද ? එගොල්ලොන් කැමති ඒවා විතරද ක්‍රියාවට නගන්නේ ? උදාහරණයක් ඇමරිකාවේ ට්‍රම්ප් මහත්තයත් රටේ තීරණ පල්ලියට ගිහින් අවසර ගන්නවද ? ඉන්දියාවේ මෝඩි මහත්තය කෝවිලෙන් අහනවද ?

:       27       456

Darshana Friday, 20 October 2017 07:32 AM

මෙතන රාජ්‍ය සභාවේ තනිකරම ඉන්නේ මහින්දට මහාරජානෝ කියාගෙන කඩේයන කට්ටියක්නේ , අනික තාම රටේ ඇමති මණ්ඩලයවත්, ජනාධිපතිවත්, අගමැතිවත් නොදැක්ක ව්‍යවස්ථාව සංශෝධන මෙතුමන්ලා දැක්කේ හොහින්ද ? මෙය ලොකු මහජන මුලාවක් .

:       2       281

dhamneth Friday, 20 October 2017 09:45 AM

අපිට සියල්ල අතහරින්න කියා බන කියන හමුදුරුවරු බුදුදහම හැර අනිත් හැමදෙයක්ම බදාගෙන .හාමුදුරුවරු බුදුදහමට මුල්තැන දෙනවනම් හැමෝම බුදුදහමට මුල්තැන දෙනවා.ආගමික නායකයින් පාලනයට ඇඟිලි ගහන හැම රටකම ආරවුල් මිසක් දියුණුවක් නැහැ.1956 යේ හාමුදුරුවරු දෙසපලනයට එන්න පෙර හාමුදුරුවරුන්ට මිට වඩා ගරුසලකිල්ලක් රටේ තිබුනලු.

:       1       145

bamunu Friday, 20 October 2017 11:10 AM

නැතුව 2005 දීත් රනිල්ට කඩේ ගියා නම් මේ වනවිට සිංහලයාට කෙලවිලා නේද? ඇයි හලෝ ඔය තරම් ගුණ මකු වෙන්නේ?

:       106       1

bamunu Friday, 20 October 2017 11:18 AM

17, 18 දීත් කව්රුත් සිටියේ මෙතනම තමයි. නමුත් ඒ වෙට්ටු වලින් රට ෆෙඩරල් වෙන්නවත් සිංහලයාට මේ රටේ තිබෙන තත්වය නැති කරන්නට ගියේ නැත.

:       82       0

Hiran indrajith Friday, 20 October 2017 04:45 PM

මෙම ලිපියට දාලා තියෙන කමෙන්ට්ස් දැක්කාම පුදුම හිතෙනවා. මේ මිනිසුන් අමූ කාලා ද? නැත්නම් මේ වහපාලන පාණ්ඩුවට කඩේ යන පිරිසක් ද? අපි දෙමළ රාජ්‍යයක ජීවත් වූවානම් දැන ගන්න තිබූණ සි‌ංහල අපිට ඇතිවන ඉරණම. අද දෙමළ මුස්ලිම් මිනිසුන් මොනතරම් නිදහසේ ජීවත් වෙනවා ද? ඒ අයගෙ ආගම් අදහාගෙන. වෙනත් රටක ජීවත්වෙන අපි දන්නවා ඔය කියන මිනිස්සු සිංහල අපිට සලකන විදිහ. ඒක කමෙන්ට් එකක් තිබුණ සිංහල මිනිස්සු ආවේ වෙන කොහේ ද ඉදලා කියලා. සමහර විට ඒ පුද්ගලයා වෙන්න ඇති. නැත්නම් අපේ වීර රාවණා රජු ගැන නොදන්නා මානසික රෝගියෙක්. අන්තිමට කියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා තමයි අද අපිට අද රටක් තියෙන්නේ....

:       606       227

සමන්ත Saturday, 21 October 2017 12:48 AM

මහත්තයෝ, ඔයා දන්නවා ඇත්තේ රාජපක්සගේ කාලේ ගැන විතරයි නම් ඔයා කියන කතාව හරි. ගලකට කුළු ගෙඩියකින් ගහලා ගහලා, බිදෙන්න කලින් පහර නිසා තමයි මේක බිඳුනේ කියනවා වගේ කතාවක් තමයි ඔය කියන්නේ. යුද්දේ කරේ මහින්දගේ කාලේ විතරක් නෙමෙයි. වඩමාරච්චි මෙහෙයුමේ ඉඳල හැමෝම කලා. එදත් සොල්දාදුවෝ දිවි දුන්න. සරත් ෆොන්සේකා නොහිටින්න යුද්දේ දිනන්නේ නෑ කවදාවත් සරත් ෆොන්සේකාව ඉස්සරහට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බවත් නොදන්නවා ඇති.කරුණා අම්මාන් කදී යාමේ මෙහෙයුම කලෙත් කවුද කියලා හොයල බැලුවනම් තමයි හරි. ඒ නිසා මේ කඩේ යාමයි දෙසපලනෙයි, ජාතික ප්‍රශ්නයයි, රටේ අනාගතයයි එකක් නෙමෙයි විවිධ පැති ගණනාවක්.කිසිම රටක් වියවස්තවෙන්ම මිනිස්සුන්ට දෙවිදියකට සලකන්නේ නෑ. එක මතක තියාගත්තොත් හොඳයි.

:       1       38

bamunuSaturday, 21 October 2017 04:16 AM

1956 දී ද්‍රවිඩයින් ඉල්ලුවේ භාෂාවට සමතැන 1957 දී රීජනල් කවුන්සිල් ක්‍රමයක් ඉල්ලීමෙනි. හාමුදුරුවරු නිසා එය වැලකුණා. 1983 සිට වෙනම රජයක් ඉල්ලා යුද්ධ කොට 1987 දී පළාත් සභා දිනා ගත්තේය. දැන් ෆෙඩරල් රජයක් ඉල්ලා සටන් වැද ඇත. එයත් මේ ගොල්ලෝ දුන්නට පසුව ඉල්ලන්නේ මොකක්ද? වෙනම දෙමල රටක් හලෝ වෙනම දෙමල රටක්. ඊනියා සමගියට එ්කත් දෙන්න වෙනවා. ඔය වගේ මිනිසුන් මෙරටේ තව සිටියොත්. අනේ අපොයි මොලේ කලඳක් නැති අසිංහල සිංහලයෝ නිසා අවුරුදු 2600 ක් පැරණි ජාතියකට වෙන්න යනදේ... ඔය දෙමළ මිනිසුන්ගේ පැත්ත පමණයි. හම්බ කට්ටියකුත් ඉන්න බව අමතක කරන්න එපා.

:       0       1

සමන්ත Saturday, 21 October 2017 10:21 AM

'ඔය බුර බුරා පන නැගෙන්නේ අපේම රටේ අපේම මිනිස්සුන්ට විරුද්ධව එන ජාතිවාදී ගින්නයි. එක අපේ ම්ලේච්ඡත්වය පෙන්නුම් කරනවා. ඔහෙලා හිතාගෙන ඉන්නේ මේ ඔහෙලා විතරයි සිංහල, දේශප්‍රේමී මිනිස්සු , අනිත් අය දේශද්‍රෝහී කියලද? එහෙනම් ඔහෙලට වැරදිලා. ඔය දේශප්‍රේමී ලේබලේට මුවාවෙලා තමයි රටේ සම්පත් වික්කේ. ඔය ලේබලේ ගහගෙන තමයි බිලියන් ගණන් හොරකම් කලේ. මිනිස්සු ගස් බැන්දේ. පත්තර කාරයෝ මරල දැම්මේ. දහ අටවැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා ඒකාධිපති ගමනකට ලෑස්ති වුනේ. රටේ නීතිය බල්ලට දාලා, ගෙදර යන්න කලින් ආණ්ඩුවේ සල්ලි කෝටි සිය ගාණින් චෙක් ලියලා තමන්ගේ බැංකු ගිණුම් වලට දාගත්තේ. හොඳට මතක තියාගන්න. 1956 බණ්ඩාරනායක කරපු වැරැද්ද නිසා තමයි අපේ රටේ මේ තරම් ප්‍රශ්න ඇති වුනේ. ඒවා නිවැරදි නොකර ඉදිරි ගමනක් නෑ. කාටවත් රට දෙන්න, රට බෙදන්න කාටවත් පිස්සු නෑ. බොරු කතා කියලා මිනිස්සු රවටන්න එපා. තාම ව්‍යවස්ථාව ගැන කතා කරනවා විතරයි. තාම දැකලවත් නැති එකක් ගැන පේන කියන්නේ.... රාජපක්ෂගේ ගෝලයෝ බව හැමෝම දන්නවා.

:       9       20

bamunu Saturday, 21 October 2017 02:48 AM

"ජනමතය දී ඇත්තේ රට දියුණු කරන නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහායි. ඉන් රට නොබෙදා තවත් ශක්තිමත් වෙන බව ඕන මෝඩයෙකුට තේරෙනවා." ඔව් ඔව් මෝඩයින්ට තේරෙනවා මේ ව්‍යවස්ථාවෙන් නොබෙදා තවත් ශක්තිමත් වෙන බව. හැබයි මෝඩයින්ට නොතේරෙන්නේ සම්බන්දන්ලා ගේ විග්නේශ්වරන්ලාගේ, ප්‍රභාකරන්ගේ මස්සිනා ශිවාජි ගේ ඉල්ලීම් මේ ව්‍යවස්ථාවෙන් ලැබෙන බව. 2005 දීත් කරන්න ලැහැස්ති වුණේ ඔය ටිකම තමයි. නමුත් මෝඩයින්ගේ අවාසනාවට රජය මාරු වුණා. නැතිනම් ප්‍රභාකරන් රජ. අනේ මෙහෙව් සිංහලයෝ....

:       51       25

asoka Saturday, 21 October 2017 04:30 AM

මහින්ද නැති කරපු ත්‍රස්තවාදය ඉවර කෙරුවා. දැන් මොන ප්‍රශ්නයක්ද? පුළුවන් තරම් සිංහලයන් පදිංචි කරන්න ඕනේ සිංහලයෝ උතුරෙයි. යුද්ධය ඉවරයි. අවුරුදු ගණනක් තිබුණු ප්‍රශ්නය මහින්ද විසඳුවා. ලංකාවෙයි හැම තැනකම දෙමළ මිනිස්සු ඉන්නවා නම් සිංහල මිනිසුන්ට උතුරෙ ඉන්න බැරිද?

:       16       0

bamunu Saturday, 21 October 2017 02:02 PM

සමන්ත මම ජාතිවාදයක් කතාකලේ නැත. සිංහලයෙක් සිංහලයා ගැන කතා කලොත් මොඩ්න් සිංහලයින්ට එය සිංහල ජාතිවාදය. ඔයටිකම ඔබල 2008 දී කීවද? බෝම්බයක් පුපුරා සිංහලයින් බුරුතු ගණන් මැරෙන විට ඔබලා සාදු කාර දෙන්න ඇති කියා සිතෙනවා. විග්නේශ්වරන් සම්බන්ධන් ෆෙඩරල් ඉල්ලන විට එක ජාතිවාදී නොවෙයිද? මම සිංහලක් නිසා මම සිංහලයින්ගේ පැත්ත ගන්නවා මම එහෙම හිතන්න ගත්තේ 1950 ගණන් වල සිටයි. විජය කියන කල්ලතොනිය ලංකාවට එනවිටත් මේ රටේ සිටිය මිනිස්සු අපි. අපි ඉන්දියාවෙන් පැමිණි කොටසක් නොවෙයි. ද්‍රවිඩයින් සහ හම්බ මිනිස්සු ඉන්දියාවෙන් පැමිණි කොටසක්. 2005 මහින්ද රාජ පක්ෂ නොපැමිනෙන්න අද ප්‍රභාකරන් රජවෙලා. අපට තිබෙන්නේ මෙරට පමණයි මේක සිංහලයින්ට පමණයි. ද්‍රවිඩයින්ට සහ හම්බ අයට ලෝකේ ඕනෑම රටකට යා හැකි ද්‍රවිඩයින්ට රටක් නැති වුණාට ඒ අය ලෝකේ හැමතැනම ඉන්නවා. බිලියන් ගණන් හොරකම් කළා කියනවා නම් ඒව අල්ලන්න එපායැ. කෝ ලැම්බෝගිනි? කෝ ප්ලේන්? කෝ රත්තරන් අශ්වයෝ? ඔය ඔබ කතාකලේ ඒ ගොල්ලන්ගේ කෙරුවාව ඇස් පනාපිට පෙනෙන මේ ගොල්ලන්ගේ බැංකු කොල්ලය ගැනත් කතා කරන්නකෝ. රටේ සම්පත් විකුණන එක ගැන කතා කරන්නකෝ. ඔබලාට කන්න හිතුනම කබරගොයත් තලගොයා වෙනවා.

:       114       255

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site