IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි



(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම තොඩුවාව මාර්ගයට නිවෙස් වලින් බැහැර කරන සියලුම අපද්‍රව්‍ය දැමීමෙන් එහි කඩොලාන පරිසර පද්ධතිය විනාශයට ලක්වෙමින් තිබීම පිළිබදව මාධ්‍ය පළ කළ තොරතුරු වලින් පසුව පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභාව එම කැලි කසල හා අනිකුත් දෑ ඉවත් කර විනාශ කිරිමට අද (25)  සිට කටයුතු ආරම්භ කර තිබේ.

මුන්දලම මදුරන්කුලිය තොඩුවාව ප්‍රධාන මාර්ගයේ සුවිශේෂ කඩොලාන පරිසරයට ජනතාව කසල බැහැර කිරිම පිළිබඳව ලංකාදීප ‘සේයා රූ වැට‘ පසුගිය  23 දින වාර්තා කිරිමත් සමඟ  අද(25) නිසි බළධාරින්ගේ අවධානයට එය ලක් විණි.

මේ  පිළිබදව සොයා බලා ගත යුතු ක්‍රියා මාර්ග ගැන සොයා බැලිමට එම ස්ථානයට පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් මහතා සමඟ  කල්පිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් මංගල රාමනායක  හා පුත්තලම ප්‍රාදේශීය සභාවේ ලේකම් ශමිලා සුරංගී මාරසිංහ යන මහත්ම මහත්මින් මාධ්‍යට පවසා සිටියේ ජනතාවගේ නොහික්මුණු ආකල්ප තමන්ට වෙනස් කිරිමට නොහැකි වුවත් තම ආයතන වලින් සිදුවු අඩුපාඩුව සකසා මේ සඳහා කඩිනම් විසඳුමක් ලබා දීමට පියවර ගන්නා බවයි.

තොඩුවාව කඩොලාන පරිසරය පැරණි හැමිල්ටන් ඇළ පුත්තලම දිවෙන මාර්ගය දෙපස පිහිටා ඇති අතර මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් පිරි සුන්දර පරිසර රටාවක් ද වෙයි. මෙම කැලි කසල ඇතුළු නොදිරන දෑ හා අනිකුත් විනාශකාරි අපද්‍රව්‍ය ජනතාව බැහැර කිරිමත් සමඟ මේ පරිසර පද්ධතියෙන් ජීවිකාව සකසා ගන්නා ධීවරයින්ද ගැටලු රැසකට මුහුණ දි තිබේ .

කෙසේ වෙතත් පුත්තලම හා කල්පිටිය ප්‍රාදේශීය සභා එකතුවෙන් දිගින් දිගටම මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනිමට අදාල බළධාරින් කඩිනම් අවධානය යොමු විම ඉතා වැදගත්ය .

 



අදහස් (2)

මුන්දලම තොඩුවාව කඩොලාන පරිසරය පිරිසිදු කිරීම අරඹයි

kamal Tuesday, 25 August 2020 10:01 AM

මේවා මාධ්‍ය සංදර්ශන... ඉස්සෙල්ලම කරන්න ඕනේ කසල බැහැර කිරීමට මිනිසුන්ට ක්‍රමවේදයක් හදලා දීමයි. දැන් මෙතනට දාන්න බැරි කුණු ටික වෙන කොතැනකට හරි දාන්න එපෑයෑ..

:       1       49

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 25 August 2020 12:55 PM

මේ සත් ක්‍රියාවට සම්බන්ධ වී කටයුතු කරන සියලුම දෙනාට ස්තුතියි. මාධ්‍ය තුළින් පෙන්නන කම් නොසිට තම ප්‍රදේශවල තිබෙන මෙවැනි දේ වලට කලට වේලාවට නිසි පිළියම් යොදා එම ප්‍රශ්න විසඳා පරිසරය රැකගැනීම සියලු පළාත් පාලන ආයතනවල වගකීමක්. රජයක් හැටියට මීට වඩා මේ ප්‍රශ්නය දෙස බලා වැරදි කරන්නන් හුරතල් නොකොට පරිසරයට මෙසේ කුණු දමා පරිසරය වනසන්නන් හට නිසි දඬුවම් නීති මගින් ලබාදීම කළ යුතුමයි. දඬුවම නැති තැන මේ රටේ මිනිසා කවදාවත් හැදෙන්නෙ නෑ. හදන්නත් බෑ. ඒ නිසා ඉක්මනින්ම පරිසරය වනසන්ට නිසි දඬුවම් නීති මගින් ලබා දිය යුතුමයි.

:       0       128

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6142 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7625 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18251 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9415 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 553 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2085 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site