IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්

බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ හටගෙන ඇති ලැව්ගිනි නිවාදමන්නට එරට රජය නිසි ක්‍රියා මාර්ග නොගෙන ඇති  බව පවසමින් වෙනසක තාරුණ්‍යය සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් අද (27) සවස කොළඹ  රොස්මීඩ් පෙදෙසේ පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

එහිදී ඔවුන් බ්‍රසීල තානාපති කාර්යාලයට ලිපියක් ද භාරදී ඇත.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)  



අදහස් (22)

බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක්

chandima Tuesday, 27 August 2019 03:27 PM

ඔය විරෝදෙට ඉස්සර වෙලා අර විල්පත්තුවේ වනාන්තරේ ගැන විරෝධතාවයක් දැම්මනම්?

:       11       119

kule Tuesday, 27 August 2019 04:04 PM

විල්පත්තුව වනසද්දී මෙයාල කොහෙද හිටියේ

:       7       145

ranasinghe Tuesday, 27 August 2019 05:17 PM

භික්ෂුන් වහන්සේලා අප්‍රසාදය පලකල යුත්තේ මේ පරිදිද, නැතිනම් ලියුමක් ලියා කාරුණිකව අවවාද කරමුද, නොදන්නා නිසයි අහන්නේ

:       7       18

Pradeep Tuesday, 27 August 2019 05:42 PM

වැඩේ නම් හොදයි, නමුත් ඊට කලින් අපේ රටේ කලින් කලට සමහර තැන්වල සිදුවන ලැව් ගිනි වලකා ගන්න කියල (මේ දවස් වල ඇල්ල ප්‍රදේශයේ, කලින් හෝර්ටන් ප්‍රදේශයේ) අපේ බලධාරීන්ට බල කරලා හිටියොත් නරකද.. ඊට අමතරව රට වටේම කුණු ගොඩවල්.. නගරයේ විතරක් නෙමෙයි දැන් ගම් වලත් පාරවල් දිගට පොලිතින් හා නොයෙකුත් කුණු කසල. පිට රට වල කුණුත් එන්නේ අපේ රටට. රජරට පැත්තේ වැවකට බහින්න බෑ බීලා විසිකරපු අරක්කු බෝතල්වල කටු හැමතැනම.. අපි මේවා හදා නොගෙන ලෝකයාගේ වැරදි පෙන්වන්න අපිට පුලුවන්ද...

:       4       106

sisira Wednesday, 28 August 2019 12:39 AM

මෙහේ මහජනතාව උග්‍ර ප්‍රශ්න හිඟයකින් පෙලෙන නිසා එයට හිත උණුවී කට්ටියක් පිටරටක ප්‍රශ්නයක් ආනයනය කරලා ජනතාවට ප්‍රශ්න සැපයීමට පුරුදු වෙලා වගේ.

:       9       119

ගොන්ගාලේ ගොඩබණ්ඩාWednesday, 28 August 2019 06:22 AM

මේකනේ සිසිර වැඩේ. බ්‍රසීලය මැක්‌සිකොව ඇතුළු දකුණු ඇමරිකානු කලාපයේ රටවල් ඇමරිකාව සහ බටහිර රටවල් අතර නොහොද නෝක්කාඩුවක් තියෙනවා. ඩොලර් එන්නේ බටහිරෙන්. සල්ලි ගෙවන පැත්තට කෑගහන එක එයාලගේ රැකියාව. ඔය ගොඩක් තරුණ පරපුර නොදන්නවා ඇති ඉස්සර ලංකාවේ හිටිය මළ ගෙවල්වල කුලියට අඩන මිනිස්සු. ඒක දැන් නවීකරණය වෙලා NGO නමින් කුලියට අඩනවා.

:       5       23

SujeewaWednesday, 28 August 2019 02:39 PM

සිසිර, බලන්න තමන්ට ඩොලර්වලින් ගෙවන NGO කඩේ නම ලියා තිබෙන අයුරු. CHANGE නෙවී ලියලා තියෙන්නේ, නමුත් CHENGE. එ්කෙන්ම තේරෙනවා කුලියට කහිනා අපිටත්, රටටත් ජනවාරි 08, 2015 වින කරපු තවත් නඩයක් බව...

:       1       46

sisira Wednesday, 28 August 2019 12:44 AM

මෙහෙ මහා දවල් හොරට කැලා කපමින් වන සම්පත විකුණන් කනවා. එහේ ස්වාභාවික ලැව් ගින්න්නක් ගැන මෙහේ බෝර්ඩ් අල්ලන් බෙරිහන් දිදී කෑ මොර දෙනවා.

:       0       109

chathuri Wednesday, 28 August 2019 01:04 AM

එපාර විල්පත්තුවේ වනාන්තරේ ගැන උද්ඝෝශනේ නවත්වල ඇමේසන් වනාන්තරේ ගැන උද්ඝෝෂණය කරන්න පටන් ගත්තද?

:       0       31

රවින් Wednesday, 28 August 2019 05:01 AM

ඇයි මේ !! ලංකාව තුල කොච්චර කැලෑ පාලුවෝ ඉන්නවාද? සිංහරාජේ,විල්පත්තුව, හෝටන් තැන්න, නකල්ස් කඳුවැටිය ආදී රක්ෂිත කියක් විනාශ කරනවාද? පොඩ්ඩ පොඩ්ඩ හරි අපිත් දායක වෙනවා නේද? ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ නොවී ඉස්ස ඉස්සෙල්ලාම අපේ රටෙන් පටන් ගනිමු. ලෝක වනාන්තර ගිනි ගැනීම් ගැන යාවත්කාලින තොරතුරු දැනගන්න අන්තර්ජාලය තුලින්. වැඩිපුරම විනාශයන්වන්නේ මිනිසා විසින් හිතාමත කරන ක්‍රියාවලියන් තුලින්. දේශපාලුවන්ගේ අනුදැනුම ඇතිව.

:       0       209

isurandi Wednesday, 28 August 2019 05:07 AM

අනේ මෙහෙමත් මිනිස්සු.මේ රටේ කොච්චර නම් වන/සතුන් විනාශයක් වෙනවද?ඔය එකෙක්වත් ඉදිරියට ඇවිත් ඒ වෙනුවෙන් හඩක් නගනවද?

:       0       207

ChannaWednesday, 28 August 2019 06:04 AM

නොදන්නා දේවල් කියන්න එපා වෙනසක තාරුණ්‍යය සංවිධානය සංවිධානය මිට පෙර සිංහරාජයේ වන විනාශයට විරුද්දව වැඩසටහනක් මෙහෙයවුව.. ලංකාවේ ජඩ දේශපාලුවෝ වගේම තමයි සමහර ජනතාවත් අසාධාරණයට විරුද්දව යමක් කරන්න හදන මිනිහව හෙලා දැක දැක ගෙදරටවෙලා ඉන්නවා..

:       8       28

isurandiWednesday, 28 August 2019 07:40 AM

නොදන්නා කම කෙසේ වෙතත් කුහක කමකට නෙමෙයි. අනවශ්‍ය වැඩක් නිසයි එහෙම කියන්නේ.තරුණ පරපුර ආදර්ශවත් වැඩපිළිවෙලවල් දියත් කල යුත්තේ රට තුල සිදුවෙමින් පවතින අසාධාරණයට විරුද්ධව හඩක් නැගීමයි. නැතුව කාගේවත් උවමනා එපාකම් වලට කඩේ යාම නෙමෙයි

:       0       1

Dilan Wednesday, 28 August 2019 05:33 AM

තම රටේ වනාන්තර විනාශ කරමින් සහ ඒවා නොදැක්කා සේ සිටිමින් අනෙක් රට වල වනාන්තර ආරක්ෂා කරන ලෙස උද්ඝෝෂණ කිරීම විහිළුවකි.

:       1       9

kapila Wednesday, 28 August 2019 08:01 AM

ලංකාවේ කෑලෑ කපනවා.. වැලි ගොඩදානවා. ගංගාවලට කුණු විස කානු හරවල‍ා තියෙනවා. මැටිපස් ගන්න කඳු ටිකයි, පොළවයි හාරනවා. මුහුදට කුණුදානවා. වෙරළේ ගොඩකරනවා. ඉන්න වල්අලි ටික කෝච්චිවලටයි, බට්ටන්ටයි, ගොවියන්ගේ බැඳපු තුවක්කුවලටයි මැරෙනවා. මේ අයට ඒවා පේන්නේ නෑ.. ඇමර්සන් එක ගැන අහලවත් තියෙනවද? ඒකෙ විස්තරවත් දන්නේ නැතුව ඇති.

:       0       0

manngala Wednesday, 28 August 2019 08:02 AM

ලංකාවේම වෙන්න ඕනෑද? පරිසරයට ලෝකෙම අදාලයි..

:       0       4

nimal Wednesday, 28 August 2019 08:15 AM

ගොන්තරේ ආයි පාරක් නාගන්න වගේ ලෑස්තිය... මොවුන්ට වතුර ගහලම කොච්චර වතුර අපතේ යනවද?

:       0       0

Rehana Wednesday, 28 August 2019 08:28 AM

ඉසුරන්දි, ඇමර්සන් වනාන්තරයෙන් හුස්ම ගන්නේ එක රටක් නොවේ. 30%ක් ඔක්සිජන් සපයන්නේ ඇමර්සන්...

:       15       30

isurandiWednesday, 28 August 2019 09:55 AM

ඒකත් එහෙමද?

:       0       1

sisira Wednesday, 28 August 2019 12:16 PM

කවුද මේක සංවිධානය කලේ...?

:       0       0

Chathuri Wednesday, 28 August 2019 11:01 PM

ලංකාවේ ඉස්සන් රසයි කියන්නේ නිකම්ද? ඇත්තටම අපිට වෙන වැඩ නැතිද? අපේ කුණුකඳු අපේ ඉහටත් වැඩිය උසයි. එක සැරයක් කුණු කන්ද නායගියා කවුද ඇඬුවේ අපි වෙනුවෙන්...? ඒකට හරියන්න එංගලන්තයෙන් කුණු නැවක්ම එව්වා. එදා මේ කට්ටිය කොහෙද හිටියේ කොහොමද? මේ කුණු ඉන්දියාවෙන් ආවා නම්, මරු හතයි සුද්දා නිසා..., නමගිය රටක් නිසා. ඉවසලා හිටියා.., තියෙන විදියට කළා පාඩුවේ ඉන්න. මේක හිතාගන්න, තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල....

:       0       0

Nuwan Thursday, 29 August 2019 06:55 AM

පුදුම මෝඩයින් ටිකක් මේ මිනිසුන්ට විරුද්ධව අදහස් පලකරලා තියනවා. මේකෙන්ම පේනවා ලංකාවේ කොපමණ ළිංමැඩියෝ ඉන්නවද කියලා.. ඇමර්සන් පමණක් නොවේ ලෝකේ කොහේ හෝ වනාන්තරයක් විනාශ වුණාම එයින් පරිසරයට ලැබෙන අසීමිත දායාද නැතිවෙනවා. ඇමර්සන් වනය 30%කට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවා. මෝඩ මිනිසුනේ නුඹලාට රටවල් සීමා මායිම් තිබුණාට පරිසරයට, වායුගෝලයට එහෙම නැහැ. ඒ නිසා දුක්වෙයල්ලා මේ සිදුකරපු දරුණු විනාශයට... ඒ නැතිවෙන්නේ ඔබත්, මමත්, දරුවනුත් හුස්මගත් ඔක්සිජන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1732 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site