IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තෝඩුවාව වෙරළ තීරය ඛාදනය වෙයි

(  එච් .චන්දන )

මේ දිනවල ඇති දැඩි සුළං සමඟ මහවැව - තෝඩුවාව මුහුදු තීරණය නැවත වතාවක් උග්‍ර ලෙස ඛාදනය වීමට පටන් ගෙන තිබේ.
 
තොඩුවාවේ සිට උතුරු දෙසට කිලෝ මීටර් 01 ක් පමණ දුරක් මීටර් 400 ක පමණ කොටසක් මේ වන විට මුහුදට බිලිවී ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ සදහන් කරති.
 
මුහුදු වෙරළ ආසන්නයේ ඉදිකර තිබූ කුඩා ප්‍රමාණයේ කතෝලික වැදුම් පිදුම් කරන ස්ථානයක්,මාර්ගයක්ද මේ වන විට මුහුදට බිලිවී ඇති අතර,තොඩුවාව ක්‍රීඩාංගනයද ක්‍රමයෙන් ඛාදනය වෙමින් පවතින බවක්ද දක්නට ඇතතොඩුවාවේ පදිංචිකරුවන් බහුතරයක් ධීවරයින්ය.
 
ඔවුන් මුහුද අද්දර පදිංචිව සිටින්නේ ඒ නිසාය.මුහුදට යන තම ධීවර යාත්‍රාව ගාල් කිරීමට,මසුන් බේරා අලවි කිරීමට එය ඉතා පහසු ක්‍රියාවක් වන නිසාය.ධීවරයින් බහුතරක් මුහුදට ආසන්නයෙන් පදිංචිව සිටීමට සත්‍ය හේතුව එයයි.
 
එමෙන්ම මුහුදු වෙරළද ඔවුන්ට අවශ්‍යමය.මන්ද මුහුද සහ වෙරළ යනු තමන්ගේ ජීවිතය හා බද්ධව පවතින බැවිනි.
මේ වලාල සමයේ අවසානයයි.තවත් දින 10 කින් පමණ උදා වන්නේ වාරකන් සමයයි.වාරකන් සමයේදී මුහුද තවත් රළු වී යන්නේය.එවිට මීටත් වඩා විනාශයක් සිදු විය හැකි බවට ධීවරයින් අනතුරු හගවයි.සැබෑවකි.පෙර අත්දැකීම් ඇති ඔවුන් පවසන අනාවැකිය හෙට දිනයේ ඉටු වීමට බොහෝ විට ඉඩකඩ ඇත.ඊට පෙර වගකිව යුත්තන් ක්‍රියාත්මක නොවුවහොත් සිදුවීමට ඇති විනාශය අති මහත්ය.

 



අදහස් (3)

තෝඩුවාව වෙරළ තීරය ඛාදනය වෙයි

ravi Wednesday, 06 May 2020 07:52 AM

මුහුදු පතුල හාර .. හාර වැලිගොඩදාගෙන ගොඩනැගිලි හැදුවා මතකද ...? මේ ඒවායේ ආනිසංස තමයි ... ගෙදරක බිත්තියට එහාපැත්තෙන් වලක් හෑරුවොත් මොකද්ද වෙන්නේ ...? මේ බිත්තිය කඩාගෙන වලට වැටෙනවා ... අන්න එක තමයි දැන් මෙතන සිද්ද වෙන්නේ .. අපේ රට ගිලාබහින්න පටන් ගත්තා විතරයි .. !

:       0       73

kiraa Wednesday, 06 May 2020 08:53 AM

කවුද අපේ රට අරාබිකාරයින්ට වැලි ගොඩදාගැනීම බලපත්‍ර නිකුත්කරමින් , විකුණාගෙන මිලියන සිය ගණන් සල්ලි හම්බ කෙරුවේ ...? අහල බලන්න ඒ කාලයේ හිටපු ජනාදිපති " මහින්ද රාජපක්ෂගෙන් " එතුමායි , එතුමාගේ රජය තමයි මුහුදුපතුලෙන් වැලි ගොඩ දැමීමේ ජාවාරම් ඉතාමත් සාර්ථකව ඉෂ්ට සිද්ද කරගනිමින් සල්ලි හම්බ කරගත්තේ ... අද එතුමා අපේ රටේ.... අගමැති නේද?

:       2       109

රවින් Wednesday, 06 May 2020 12:00 PM

පරිසරය කියන්නේ ස්වභාව ධර්මය. කවුරු කෙසේ කිවත් මොන තරම් බලවත් වුවත් ස්වභාවධර්මය වෙනස් කල නොහැක.

:       0       4

ඔබේ අදහස් එවන්න

සේයා රූ

විදුලියට නව පිටුවක් ජපානය පෙරළයි
2023 අප්‍රේල් මස 19 6140 11

ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.


ජනපති නව වසරේ වැඩ අරඹයි
2023 අප්‍රේල් මස 17 7623 25

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.


අලුත් අවුරුද්දේ පේරා සරසවි ඇදුරෝ ගත් තීරණය
2023 අප්‍රේල් මස 17 18250 10

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ


තැන තැන නැකතට හිස තෙල් ගාති
2023 අප්‍රේල් මස 16 1236 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.


ජර්මනියෙන් ආ අවුරුදු කුමාරිය
2023 අප්‍රේල් මස 14 9412 2

විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු


අනුභව කිරීමේ නැකත උදා වේ
2023 අප්‍රේල් මස 14 548 0

සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site